IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පෝර මිටියෙනුත් ගසාකන චෞර රාජ්‍ය නිලධාරියෝ

 

වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගෙන ආ පොල් පොහොර මිටි 47ක් එම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරියාගේ පෞද්ගලික වෙළෙඳසැලට වංචනිකව රැගෙන ගොස් එම පොහොර වැඩි මිලට ගොවීන්ට විකිණී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ගොවිජන සංවර්ධන නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ගොවිජන මධ්‍යස්ථානයෙන් ගොවීන්ට රුපියල් 1,500ක මුදලට අලෙවි කරන පොහොර මිටියක් මෙම ගොවිජන සංවර්ධන නිලධාරියා රුපියල් 2,500 – 4,000ක මිල ගණන්වලට අලෙවි කරන බවද පොලිසියට ලැබුණු පැමිණිල්ලේ සඳහන් බවද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

‘සොරකම’ ජාතික  ක්‍රීඩාවක්ව ප්‍රගුණ කරන්නේදැයි සැක සිතෙන තරමට මුළු මහත් සමාජය පුරාම සොරකම පැතිර ඇති බව පෙනෙන්නට තිබේ. ඒ සම්බන්ධ උදාහරණ රටේ උත්තරීතරම  ආයතනය යැයි විරුදාවලි ලත් පාර්ලිමේන්තුවේ සිට ගමේ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් සතොසෙන් ඇතුළු බොහෝ ස්ථානවලින් අසන්නට දකින්නට ලැබේ. එමෙන්ම ප්‍රබුද්ධ දෑහිතකාමී ජනී ජනයාගෙන් සොරකමට එරෙහි දැවැන්ත විරෝධයක්, පිළිකුලක් ප්‍රදර්ශනය වුවද සොරුන්ට ඒ සම්බන්ධයෙන් වගේ වගක් නැත. එහෙයින්ම සොරු මහා දවාලේත් මහා රාත්‍රියේත් සොරකම් කරති. වාරියපොළ ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වාර්තා වූයේ ඉන් එක් සිදුවීමක් පමණි.

රජයේ සහනාධාරය යටතේ රුපියල් 1,500කට ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ගොවීන් සඳහා අලෙවි කිරීමට ඇති මෙම පොහොර වාරියපොළ ගොවිජන සංවර්ධන නිලධාරියා, ගොවීන් මිලදී ගත් විදියට ව්‍යාජ නම් ගම් යොදා  රුපියල් 1,500 ගණනේ මිලදී ගෙන තම පෞද්ගලික වෙළෙඳසැලෙන් වැඩි මිලට විකුණා ඇත. පොහොර හිඟයක් ඇති වූ විට මිල කීය වුවත් පොහොර මිලදී ගැනීමට ගොවියා පෙළඹේ. තමන්ට ලැබුණු පොහොර සහනාධාරයත් වංචාකර ඇතැයි ගොවියා දන්නේ නම් ඔවුන් ගොවිකම අත හරිනු ඇත.

පොහොර නැතැයි පවසමින් ගොවියන් මහ මග උද්ඝෝෂණය කරන අවස්ථා ඕනෑ තරම් තිබේ. එකම හේතුව නොවූවත් පොහොර හිඟයට මෙවැනි සොරකම්ද ප්‍රධාන හේතුවක් බව පැහැදිලිය. අවසානයේදී ගොවියා පොහොර ලබා ගැනීමට තමන් වෙත පැමිණෙන බව හොරා දනී. ‘‘සොරකම’’ ගනුදෙනුවක් බවට පත්වන්නේ එසේය.

රජයේ සේවකයා නියත වශයෙන්ම නීතිගරුක විය යුතුය. යුක්තිගරුක විය යුතුය. මනා විනයකින් පසුවිය යුතුය.  සත්‍යවාදී විය යුතුය. ශිෂ්ට සම්පන්න විය යුතුය. රජයේ සේවකයාට අදාළව අප සමාජය තුළ නිර්මාණය වී ඇති අභිමානවත් රූපකාය එසේය. එබඳු රජයේ සේවකයෝ ඉතිහාසයේ සිටියහ. වර්තමානයේද සිටිති. එහෙත් අතරින් පතර මතුවන සොරුන් තක්කඩියන් නිසා එම රූපකාය දුර්වර්ණ වී යයි. සමස්ත රාජ්‍ය සේවය සම්බන්ධයෙන් පවතින විශ්වාසය විසුණු කර දැමීමට මෙබඳු එක් සිදුවීමක් වුවද ප්‍රමාණවත්ය.

විලිබිය යනු මිනිසාට ආවේණික ධර්මතාවකි. විලිබිය හෙවත් ලජ්ජාව යන න්‍යාය උපකාර වන්නේ වැරැදි නොකර සිටීමේ පෞරුෂය නිර්මාණය කර ගැනීමටය. සොරකම් කිරීමට, වංචාවක් කිරීමට ලජ්ජාවක් හා භයක් වේ නම් කිසිවෙක් හෝ එයට නොපෙළඹෙති. මේ මහා ගුණය රාජ්‍ය සේවකයා තුළ ඉහළින්ම ප්‍රදර්ශනය වේ. එහෙත් අවාසනාවකට එම ගුණය තිබේදැයි රජයේ සේවයට බඳවා ගැනීමේදී පරීක්ෂාවට ලක් නොවේ. එබඳු පරීක්ෂාවකට ලක් වන්නේ නම් වාරියපොළ ගොවිජන සංවර්ධන නිලධාරියාට රාජ්‍ය සේවයට එක්වීමේ වරම අහිමි වන්නට ඉඩ තිබිණි.

ජනයාගේ සහනාධාරයත් ගසා කන්නේ නම්  එබඳු පාපතරයකුගේ මනස කෙතරම් දිළිඳුද යන්න හඳුනා ගැනීම අසීරු නැත. මහ පොළොව සමඟ හැපෙමින් හා දහසක් දුෂ්කරතා මැද ගොවිතැනෙහි යෙදෙමින් වගාවන් හි නියැළෙමින් තම දරුපවුලත් රක්ෂා කර ගනිමින් රටේ ආර්ථිකයටත් දායක වෙමින් පුරවැසි වගකීම් ඉටු කරන අහිංසක ගොවි ජනයාගේ පොහොර සහනාධාරයත් ගසා කන බවට පළවන ප්‍රවෘත්ති අවංක පුරවැසියාගේ ළය විනිවිද යන කිණිසි තුඩක් බවට පත්විය යුතුය. එහෙයින් මෙබඳු චෞර කප්පිත්තන්ට කිසිදු සමාවක් හිමිවිය යුතු නැත.

(***)



අදහස් (5)

පෝර මිටියෙනුත් ගසාකන චෞර රාජ්‍ය නිලධාරියෝ

Rocky Friday, 18 June 2021 02:59 PM

මෙම කතුවැකිය අතිශයින්ම අගය කරමි... ස්තුතියි..!!! 

:       0       1

Wwaagta Saturday, 19 June 2021 12:50 PM

ඇයි රජයේ බොහෝ ආයතනවල වැඩ නොකර විවිධ දීමනා ලබාගනිමින් රටේ සංවර්ධනයට කිසිම දෙයක් කරන්නේ නැහැ.

:       0       1

ප්‍රියන්ත Sunday, 20 June 2021 11:13 AM

යාන වාහන, ආදායම්, සියලුම දීමනා, සැප සම්පත් ඇති දේශපාලන නායකත්වය ද වැරදි මග යනවිට ඔවුන් යටතේ පාලනය වන රාජ්‍ය සේවයෙන් මීට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු විය නොහැකිය...

:       1       7

nimal Monday, 21 June 2021 04:04 AM

මහ බැංකුව මහ දවල් කොල්ලකාපු අය නිදැල්ලේ

:       0       0

Mangala Monday, 21 June 2021 11:32 AM

ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙවෙයි. මේ නිළධාරියාව අධීකරණයට ඉදිරිපත් කලාම ඇප දුන්නද නැද්ද? ඔය වංචාව වගේ නෙවෙයි කෝටි ප්‍රකෝටි ගණන් වංචා කරන අයටත් ඇප දෙන තත්වයක්නේ රටේ තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 694 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17732 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site