ඡන්දය ඇත. පෝස්ටර් නැත. මනාප සටනක් ඇත. කටවුට්, බැනර් නැත. මාධ්‍ය සාකච්ඡා ඇත. පෙළපාළි නැත. රැස්වීම් ද ඇත. එහෙත් වෙනදාතරම් නැත. මේ ඇති-නැති පරතරය පිළිබඳ පුරෝකථනයක් නොවේ. අගෝස්තු 05 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයේ අපට පෙනෙන සැබෑ වෙනසක කෙටි හැඳින්වීමකි.
පෝස්ටර්, කටවුට්, බැනර් මහ මැතිවරණයක අත්‍යවශ්‍යම ලැයිස්තුවෙන් මෙවර කැපී ගොසිනි. එයට හේතුව මැතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂවල සහ තරගවැදී සිටින අපේක්ෂකයන් හදිසියේම නීතිගරුක, විනයගරුක පිරිසක් බවට පත්වීම නොවේ. මැතිවරණ කොමිසම මගින් ඡන්දයට අදාළව ප්‍රචාරක කටයුතු සම්බන්ධව පවතින නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
මෙවැනි නීති කලින් නොතිබුණා නොවේ. එහෙත් ඒවා ක්‍රියාවේ යෙදවීමේදී පස්සෙන් පැන්නීමක් සිදු නොවීය. මේ නිසා විශේෂයෙන්ම මනාප තරගයට වහවැටී සිටින අපේක්ෂකයන් සම්බන්ධ පෝස්ටර්, බැනර් සහ කටවුට්වලින් මංමාවත් වැසී ගියේය. තාප්පවල ගන්න දෙයක් නැති විය. පාරවල් අයිනේ කම්බි වැටවල් පවා බේරුණේ නැත. එහෙත් මෙවර ඒ ආකාරයේ පරිසරය වනසන ක්‍රියාවලියට ඉඩක් නැත. එය මෙරට මැතිවරණ ක්‍රියාවලියේ වඩාත් යහපත් වෙනසකට මුලපිරීමකි.
එහෙත් මේ වෙනසේ පොඩි පරහක් ද තිබේ. පවතින ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවට තේරීපත්වීමට මුළු දිස්ත්‍රික්කය පුරාම තම ඡන්ද ව්‍යාපාරය කිරීමට සියලු අපේක්ෂකයන්ට සිදුව තිබීමෙන් දැරීමට සිදුවන විශාල වියදමයි. එහිදී තමන්ගේ මනාප අංකය ඡන්ද දායකයාගේ හිස තුළට කා වැද්දීමට යොදාගත හැකි අඩු වියදම් ප්‍රචාරක මාධ්‍යයක් වන පෝස්ටර්, බැනර්, කටවුට් ප්‍රදර්ශනය ඔවුන්ට මෙවර අහිමිවී යාම තරමක පාඩුවකි. මේ නිසා වඩාත් මුදල් වැයවෙන ප්‍රචාරක මාධ්‍යවලට යොමුවීමට ඔවුන්ට සිදුවෙයි. එහෙත් ඇතැම් ඡන්දදායකයන් ප්‍රකාශ කරන්නේ පළාතට වැඩක් කළ සහ අලුතින් ඡන්දයට ඉදිරිපත්වන සුදුසුකම් ඇති අපේක්ෂකයන් පිළිබඳව රටේ ජනතාවට හැඟීමක් සහ දැනීමක් තිබෙන බවත් ඔවුන්ගේ මනාප අංක විස්තර නිවෙසටම ලැබෙන නිල ඡන්ද පත්‍රිකාව සමඟ ලැබෙන ලේඛනයේ සඳහන්වන බවත්ය. එබැවින් විශාල වියදමක් දරා පරිසරය ද වනසමින් පෝස්ටර් ඇලවීම සහ බැනර් ගැසීම පලක් නැති ක්‍රියාවක් බවය.
ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් ඡන්දය භාවිත කිරීමට හුරුපුරුදු වූයේ රටට නිදහස ලැබීමටත් පෙර කාලයේ සිටමය. ඒ අනුව නවසිය තිස් ගණන්වල සිට ඡන්දය දැමීමට පුරුදුව සිටින ජනතාවට පෝස්ටරයකින් හෝ බැනරයකින් ඡන්දය දමන්නැයි ප්‍රකාශ කිරීම ගහ දන්නා මිනිසුන්ට කොළ කඩා පෑමක් වැනිය. පෝස්ටර් වැනි ප්‍රචාරක ව්‍යාපාර නොතිබුණාට ඡන්දය ප්‍රකාශ කිරීමට තරම් රටේ ජනතාව බුද්ධිමත් බව අපගේ ද පිළිගැනීමය.
මෙවර මහ මැතිවරණය ශ්‍රී ලංකාවට ද බලපා තිබෙන ලෝක වසංගත තත්ත්වයක් යටතේ පැවැත්වීම හේතුවෙන් සිදුවන වෙනස්කම් ද තිබේ. රැස්වීම් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂක නීතිරීති එයින් ප්‍රධානය. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ප්‍රධානම සාධකය වන්නේ සමාජ දුරස්ථභාවය වීම හේතුවෙන් වෙනත් මැතිවරණවලදී මෙන් මහා රැස්වීම් පැවැත්වීමට මෙවර නොහැක. එයට තහංචි වැටී තිබේ. රැස්වීම් සංඛ්‍යාව අඩුවීමත් ඒවාට සහභාගි කරගත යුතු සංඛ්‍යාව අඩුවීමත් නිසා ද අපේක්ෂකයන්ගේ වියදමට කිසියම් සීමාවක් වැටී තිබේ. ඒ සමඟ මහ මැතිවරණය හේතුවෙන් රට තුළ අනවශ්‍ය කලබැගෑනි ඇතිවීම ද වැළැක්වෙයි. එය කොරෝනා රැල්ලෙන් විවිධ ගැටලුවලට මුහුණදී සිටින ජනතාවට ද මහත් පහසුවකි.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පසුගියදා කතුවරුන් සමඟ පැවැති මාධ්‍ය හමුවකදී කළ එක් ප්‍රකාශයක් වූයේ කොවිඩ් - 19ට අදාළ සෞඛ්‍ය උපමාන ගැසට් කිරීම වැදගත් බවය. සමාජ දුරස්ථභාවය රැකගනිමින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව යොමුකිරීම සඳහා එය අවශ්‍ය වන බව ඔහුගේ මතයවී තිබිණි. එය වඩාත් වැදගත් වන්නේ හදිසියේ කන්දකාඩුවෙන් මතුවූ කොරෝනා පොකුරේ බලපෑම් මැද ඡන්ද කටයුතු කිරීමේදී බැනර් - පෝස්ටර් - කටවුට් නැති ඡන්දයක් මෙන්ම ජනතාව ලෙඩ නොවන ඡන්දයක් පැවැත්වීම ද එකසේ වැදගත් බැවිනි.
සිංගප්පූරුවේ ද පසුගිය සති අන්තයේ දී මහ මැතිවරණය පැවැත්විණි. එහෙත් පෝස්ටර්, බැනර්, කටවුට්, විශාල රැස්වීම් ගැන අසන්නට තිබුණේ නැත. පසුගිය මාස කිහිපය තුළ කොවිඩ් - 19 තර්ජනය පවතිද්දී තවත් රටවල් කිහිපයක මැතිවරණ පැවැත්විණි. දකුණු කොරියාවේ ජනාධිපතිවරණය ද ඉන් එකකි. මේ මැතිවරණ ද පැවැත්වුණේ සද්ද බද්දවලින් තොරවය. මෙය අප රට විසින් ද අනාගතයට ආදර්ශය කරගත යුතු බව අපගේ පිළිගැනීමය. දශක හතකටත් අධික කාලයක් තිස්සේ ඡන්දය දීමට පුරුදුව සිටින ශ්‍රී ලාංකිකයන්ට ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේදැයි පෝස්ටර් - බැනර්වලින් ඇන පෙන්වා දිය යුතු නැත. මනාප සටන ද අහෝසි කෙරෙන නීති හඳුන්වා දිය හැකිනම් එය නිදහස් - සාධාරණ මෙන්ම සද්ද බද්ද නැති ඡන්දයක් පැවැත්වීම තවදුරටත් ශක්තිමත් කරනු ඇත.
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෝස්ටර් - බැනර් නැති ඡන්දය යහපත් වෙනසක්
sachith Wednesday, 15 July 2020 06:02 AM
මේකේ සම්පූර්ණ ස්තුතිය මැතිවරණ කොමිසමට සහ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයාට දෙන්න ඕනෑ. හැබැයි මීට පස්සේ පත්වෙන පාර්ලිමේන්තුවෙන් කරනවා කියන ප්‍රධානම දෙයක් තමයි ස්වාධීන කොමිසම නවත්වන එක. එතකොට ඉතින් ඊගාව ඡන්දෙ ඉඳලා අපිට සුපුරුදු නරි නාටක බලාගන්න පුළුවන්...
PrageethThursday, 16 July 2020 03:20 AM
එතකොට ඇයි මේ කොමිසම් පිහිටුවන්න කටයුතු කළේ? ඇයි ඒකට පැවැති රජයට ස්තුති කරන්නේ නැත්තේ? මේකට තමයි කියන්නේ ‘‘උගුරට හොරා බෙහෙත් ගන්නවා‘‘ කියලා.
Hemantha Wednesday, 15 July 2020 06:55 AM
ස්වාධීන මැතිවරණ කොමිසමට ස්තූතියි. ස්වාධීන කොමිෂන් සභා ඉවත් කිරීමේ අදහසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම සඳහා 2/3 බහුතරයක් ලබා ගැනීමට රජය ඉතා උනන්දු වෙයි. ඡන්ද දායකයින්, කරුණාකර ප්‍රවේශම් වන්න.
මාතර සත්‍යාපාල Wednesday, 15 July 2020 10:58 AM
හරිම ෂෝක්, මෙහෙම තමයි හැමදාම වෙන්න ඕනෑ. ෂෝක්, නියමයි.