IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


පාසල් පොත්පත් හිඟයට වහා විසඳුම් සොයන්න ඕනෑ

අගහිඟකම්වලින් තැලී පොඩි වෙද්දී බොහෝ දෙනකුගේ අවධානය කෑම බීම සපයා ගැනීමේ දුෂ්කරතා ජය ගැනීමේ ක්‍රම සහ විධි සොයා ගැනීමට යොමුවෙයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් දිනෙන් දින දරාගත නොහැකි මට්ටමින් ඉහළ යද්දී වෙනත් අවශ්‍යතා පිරිමසා ගැනීමට මුදල් වෙන් කිරීමට බොහෝ දෙනකුට හැකියාවක් නැත. ඒ හේතුවෙන් එදිනෙදා ජීවිතයට ඉතාම අවශ්‍ය වන භාණ්ඩ පවා හිඟ වෙන්නේත් මිල නගින්නේත් කාටවත් නොදැනීමය. පාසල් උපකරණ, පොත්පත් සහ කඩදාසි මේ ගණයට වැටෙන එහෙත් තවමත් බොහෝ දෙනකු කතා නොකරන විෂයකි.

කඩදාසි මිල ගණන් ඉහළ නැගීම හේතුවෙන් අභ්‍යාස පොත්වල මිල ඉතා ඉහළ ගොස් ඇති බවත් පාසල් බෑග් සහ සපත්තු ඇතුළු පාසල් උපකරණ මිල දෙගුණයකින් පමණ ඉහළ නැග ඇති බවත් අපගේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයකින් පසුගිය දා හෙළිකර තිබිණි. මේ හේතුවෙන් මවුපියන් දැඩි පීඩාවට පත්ව සිටින බව ද සඳහන්ය. එය දරුවන්ගේ අධ්‍යාපනයට ද වදින පහරකි. විවිධ හේතු නිසා පීඩාවට පත්ව සිටින පාසල් යන දූ දරුවන්ට ඇතැම් විට මෙවැනි දුෂ්කරතාවලට මුහුණ දීම පවා අපහසුය. අමාරුවෙන් කරගෙන යන විභාගවලට සූදානම් වීමේ ක්‍රියාවලියට ද එයින් සිදුවන්නේ මහත් හානියකි.

අභ්‍යාස පොත්වල මිල ගණන් වැඩිවීමට කඩදාසි හිඟය ද බලපා තිබේ. මේ හේතුවෙන් අභ්‍යාස පොත් අලෙවි කරන නියෝජිතයන්ට තමන් ඇණවුම් කර ඇති පොත් තවමත් ලැබී නැති බව ද සඳහන්ය. සෙසු අවශ්‍ය ලිපි ද්‍රව්‍යවලට ද අත්ව තිබෙන්නේ මේ ඉරණමමය. ඡායා පිටපත් සඳහා අවශ්‍ය කඩදාසි වර්ගවල ද මිල ඉහළ ගොස් තිබේ. පාසලට අවශ්‍යම පෑන්, පැන්සල්, මකන කෑලි මිල ද ඉහළ ගොස් තිබෙන අතර මිල දී ගැනීමට තිබෙන ඇතැම් පෑන් වර්ග තත්ත්වයෙන් බාලය. එවැනි ඇතැම් පෑන් ලියැවෙන්නේ කාබන් කූරෙන් අඩක් දුරකට පමණි.

රටේ ආර්ථික අහේනිය පාසල් ළමයින්ට තවත් දැනෙන්නේ සපත්තු සහ පාසල් බෑග්වල මිල ගණන් ද ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබීම නිසාය. මේ නිසා ඉදිරි කාලයේ දී විෂයන් ගණනාවක් එකම පොතක ලියා ගැනීමේ තත්ත්වයකට වුව ද මුහුණ දීමට සිදුවනු ඇත. ඇතැම් පාසල්වල දරු දැරියන් මේ වනවිට ද එම තත්ත්වයට මුහුණ දී සිටින බව අසන්නට ලැබේ. එවැනි අඩුපාඩුකම් තිබීම පාසලට එන දරුවන් ආපසු හරවා යාමට හේතුවක් කර නොගන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා පාසල් බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර තිබිණි. එය කාලෝචිත ඉල්ලීමකි. එසේම සපත්තු නොමැතිව වෙනත් පාවහන් පැලඳගෙන පැමිණීමටත් පාසලේ නිල ඇඳුම් සකස්කර ගැනීමට නොහැකිව වෙනත් ඇඳුමින් සැරසී පාසලට පැමිණීමටත් ඉඩ දිය යුතු වෙයි. නැතහොත් එය පාසල් දරුවන්ට කරන දැඩි අසාධාරණයකි. මේ ගෙවන්නේ ඉතිහාසය තුළ රට මුහුණ දී ඇති දැවැන්තම අර්බුද කාලයයි. එයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන වෙනස්කම් සිදු කළ යුතු වෙයි. අගහිඟකම් තිබීම අද මහා පොදු සාධකය බවට පත්ව තිබෙන විට ඇඳුම් පැලඳුම්, බෑගය, සපත්තු දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නොවිය යුතුය.

කඩදාසි මිල ගණන් ඉහළ යාමත් ආනයනයට වැට බැඳීම් ඇති නිසාත්, කඩදාසි සම්බන්ධ සියලු‍ කාර්ය සහ කර්මාන්ත බලවත් අර්බුදයකට මුහුණ දී සිටී. මේ වනවිට පොත් ප්‍රකාශකයන් අලු‍තෙන් පොත් මුද්‍රණය කිරීම ද නවතා දමා තිබේ. පවතින මිල ගණන් අනුව දැනට රුපියල් 800කට පමණ අලෙවි කරන පොතක මිල රුපියල් 2000ක් දක්වා ඉහළ යනු ඇති බව පොත් ප්‍රකාශකයෝ සඳහන් කරති. මේ නිසා පොත් මුද්‍රණ සහ ප්‍රකාශන කර්මාන්තය මහා අනතුරකට මුහුණ දී සිටී. දැනගන්නට තිබෙන අන්දමට පසුගිය මාර්තු මාසයෙන් පසු මේ දක්වා අලු‍තින් එක් පොතක්වත් මුද්‍රණය කර නැත. එය කනගාටුදායක තත්ත්වයකි.

කඩදාසි හිඟය සහ මිල නැගීම තවත් ක්ෂේත්‍ර ගණනාවකටම බලපාන බව ද පෙන්වා දිය යුතුය. කලා කටයුතු, ගෘහ නිර්මාණ ශිල්පය. ඇසුරුම් කර්මාන්ත එම ක්ෂේත්‍ර අතරින් කිහිපයකි. මේ සෑම ක්ෂේත්‍රයකම ඍජු සහ අනියම් සේවකයෝ දහස් ගණනක් රැකියාව කරති. අද ඔවුන්ගේ රැකියා පවා මේ කඩදාසි මිල ගණන් සහ හිඟය හේතුවෙන් අනතුරේ වැටී තිබේ.

අද රට මුහුණ දෙන මෙවැනි ගැටලු‍වලට කෙටිකාලීන විසඳුම් නැත. ඒ වෙනුවට කළ හැක්කේ විකල්ප ක්‍රම සහ විධි අත්හදා බැලීම පමණි. ඇතැම් රටවල් කොවිඩ් වසංගතය කාලයේ එවැනි අත්හදා බැලීම් රාශියක් කර තිබිණි. විශේෂයෙන් ආහාර සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ එවැනි පර් යේෂණ රාශියක් කර තිබූ බව සඳහන් වෙයි. අපේ රටේ ද කඩදාසි ගැටලු‍වට තාවකාලික විසඳුම් සොයාගත යුතුය. විශේෂයෙන් කඩදාසිවල සිදුවන නාස්ති වළක්වා ගැනීම එවැනි එක් තාවකාලික පියවරකි. අදටත් රටේ බොහෝමයක් කඩසාප්පුවල බිල්පත් නිකුත් කිරීම් සිදුවෙයි. ලොවේ රටවල් බහුතරයක් එවැනි කටයුතු සඳහා කඩදාසි භාවිත කරන්නේම නැත. එවැනි විකල්ප ක්‍රියාමාර්ග සඳහා පාසල් දරුවන් පවා උනන්දු කිරීමෙන් යහපතක් මිස අයහපතක් සිදුවන්නේ නැත.

(***)



අදහස් (1)

පාසල් පොත්පත් හිඟයට වහා විසඳුම් සොයන්න ඕනෑ

BT Friday, 17 June 2022 11:13 AM

1970 දශකයේ අග සිට 1988 දක්වා අලෙවි කළ අභ්‍යාස පොත් බහුතරය ජාතික කඩදාසි සංස්ථාව නිෂ්පාදනය කළ කඩදාසි සහ ඒවායින් නිපදවූ ඒවායි. SPC cream wove නම් වූ එම කඩදාසි, අනර්ඝ ප්‍රමිතියකින් නිපදවා තිබුණි. නමුත්, 1987-88 භීෂණ සමයේදී ඇඹිලිපිටිය කඩදාසි කර්මාන්ත ශාලාව ජ.වි.පෙ. විසින් විනාශ කිරීමෙන් පසු, වර්තමානයේ මෙන් දැඩි අභ්‍යාස පොත් හිඟයක් ඇතිවිය. එම අවස්ථාවේ, මෙරට ව්‍යාපාරිකයින් ඉන්දුනීසියාවෙන් අභ්‍යාස පොත් ආනයනය කර අලෙවි කළහ. නමුත්, එම අභ්‍යාස පොත්වල කඩදාසි ඉතා තුනී, පහසුවෙන් ඉරෙන ඒවා විය. එමෙන්ම එම පොත් මිලෙන් ද අධික විය. ඇතැම් ශිෂ්‍යයින් පිටුවල මාජින් කොටසෙහි ද ලිවීමට හුරු වූහ. 1990 දශකයේ මුල් භාගයේද මෙම තත්වය දිගටම පැවතුණි. සිසුන් පිරිමැසීමට යොමු වුවද රජයේ ආයතනවල කඩදාසි නාස්තිය දිගටම පැවතුණි. එක්තරා රජයේ මුද්‍රිත මාධ්‍ය ආයතනයක සේවකයන් අත් පිසදැමීමටත් නැවුම් දීමයි කඩදාසි භාවිතා කිරීම සුලබ දසුනක් විය. තවද බොහෝ ආයතනවල සටහන් ලිවීමට පවා මිලෙන් වැඩි ඡායාපිටපත් කඩදාසි භාවිතා කෙරේ. කඩදාසිවල දෙපැත්තම භාවිතා නොකිරීමෙන්ද නාස්තිය වැඩිවේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1136 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 747 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 273 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 655 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 329 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 434 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 545 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 745 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2084 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site