IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


පොහොර ටිකෙනුත් ගසාකන මොවුන්ට දඬුවම් නැද්ද?

රජයේ පොහොර සහනාධාර වැඩපිළිවෙළින් කෝටි ගණනක් ගසාකෑ බවට චෝදනා ලැබ සිටින පොහොර සමාගම් හතකට සහ ඊට අනුබල දුන් කොළඹ පෙට්ටි කඩ පහකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි අපි හෙළීකර සිටියෙමු. මෙරට ගසාකෑම් හමුවේ සහනාධාර වැඩපිළිවෙළවල් පවා බේරා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව පවතින බවට මේ සිද්ධිය කදිම උදාහරණයකි.

ගොවි ජනතාවට සහනයක් වශයෙන් රජයෙන් ලබා දුන් පොහොර මිටියෙන් ගසාකෑමට පෞද්ගලික සමාගම් මේ ආකාරයට ඉදිරිපත් වීම පිළිබඳ අපට දැනෙන්නේ මහත් කනගාටුවකි. එහෙත්, මේ සිදු වී ඇතැයි කියන වංචාවට එවැනි සමාගම්වල සබඳතාවක් තිබීම අහම්බයෙන් සිදු විය නොහැක්කක් බව ද පෙන්වා දිය යුතුය. බොහොමයක් මහා පරිමාණ ගසාකෑම් බලවත් චරිත මගින් හසුරු වන බව ද එම ගසාකන කෝටි ගණනින් කෝටි කිහිපයක් ඔවුන්ගේ සාක්කුවලට ද වැටෙන බව ද ප්‍රසිද්ධ රහසකි.

අදාළ සිද්ධියට හේතු වූ පොහොර සහනාධාර වැඩපිළිවෙළ 2018 වසරේදී ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් ආරම්භ කෙරුණු ලැබූ ව්‍යාපෘතියකි. ඒ යටතේ මෙරට පොහොර සමාගම් 18කට රුපියල් 2,500 බැගින් ආනයනය කරන ලද පොහොර මිටි ලබා දී ඇත්තේ රුපියල් 1,100 බැගින් ගොවීන්ට අලෙවි කිරීම සඳහාය. එම එකඟතාව කඩ කළ එකී සමාගම්, සහනාධාරය කුණු බක්කියට දමා එක මිටියක් රුපියල් 3,500 බැගින් වෙනත් නිෂ්පාදන සමාගමකට විකුණා ඇතැයි සඳහන්ය. එයින් නොනැවතී තමන් ගොවීන්ට එකී පොහොර මිටි රුපියල් 1,100 බැගින් අලෙවි කළ බවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මිටියකට රුපියල් 1,400 බැගින් රජයෙන් මුදල් ලබා ගනිමින් තවත් රුපියල් කෝටි ගණනක් ලබාගැනීමට ද එම සමාගම් කටයුතු කර ඇතැයි ද උසාවියට ඉදිරිපත් කළ තොරතුරු මගින් හෙළි වී තිබේ.

මේ ආකාරයට දෙකොණින්ම කෝටි ගණන් මුදල් ගරා ගැනීමට ඉඩකඩ සලසමින් සිදු කළ බව කියන මහා වංචාවක් හෙළි කිරීම අමාත්‍යාංශයේත්, ජාතික පොහොර ලේකම් කාර්යාලයේත් ඉහළ නිලධාරීන්ගේ සහ එම අමාත්‍යාංශය භාරව කටයුතු කළ අමාත්‍යවරුන්ගේත් අනුදැනුමකින් තොරව සිදු විය හැකි ද? මේ තරමට ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපත් කළ ඉන්වොයිසිවල සත්‍ය බව තහවුරු කරගැනීමට එකී අමාත්‍යාංශයේත්, පොහොර ලේකම් කාර්යාලයේත් නිලධාරීන් අසමත් වීම පිළිබඳව විශේෂයෙන් සොයා බැලිය යුතු නොවේ ද? එම පොහොර ව්‍යාපෘතිය සම්බන්ධව විගණන වාර්තා මගින් ප්‍රශ්න කර ඇති බවක් ද වාර්තා නොවේ. එසේ නම්, මේ මහා පරිමාණ වංචාව සැලසුම්සහගත ලෙස දියත් කර, එයින් ගෙඩි පිටින්ම ලාබ බෙදා ගැනීමට බලධාරීන් පිරිසක් කටයුතු කර ඇති බවට සාධාරණ සැකයක් පහළ වෙයි. එසේ නැති නම්, පෙට්ටි කඩවලින් ලබාගත් ඉන්වොයිසිවලට කෝටි ගණන් මුදල් ගෙවීමක් සිදු විය නොහැක.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරුන් වශයෙන් කටයුතු කළ සුමේධ පෙරේරා සහ රුවන් චන්ද්‍ර යන මහත්වරුන් රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයට කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. අප මේ නිලධාරීන් දෙදෙනාගේ නම් දෙක විශේෂයෙන් සඳහන් කරන්නේ, ඔවුන් මේ වංචාව සම්බන්ධව කරුණු සොයාගෙන, ඒ පිළිබඳව නොබියව ගත් පියවර අගය කිරීමක් වශයෙනි. කෙසේ වුව ද, අදාළ වංචාව සිදු වූ කාලසීමාවේ කෘෂිකර්ම අංශය භාරව සිටි නිලධාරීන්ට සහ මැති ඇමැතිවරුන්ට ද මෙහි වගකීමක් තිබෙන බව ද පැවැසිය යුතුය. ඔවුන් සියලු දෙනා මගහැර එම වංචාව පිළිබඳ සොයා බැලීම පලක් නොවේ. එයින් සිදු වන්නේ සිද්ධිය යට ගැසීමට අනුබලයක් ලැබීම පමණි. මේ වංචාවට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුය. මෙවැනි වංචා බාධාවකින් තොරවම සිදු විය හැක්කේ චෞර රාජ්‍යයක් තුළ පමණි. ශ්‍රී ලංකාව එසේ විය යුතු නැත.

(***)



අදහස් (0)

පොහොර ටිකෙනුත් ගසාකන මොවුන්ට දඬුවම් නැද්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1333 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 821 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 343 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 741 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 367 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 474 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 738 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 599 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1046 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site