IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


පළාත් සභා අවශ්‍යමද

මෙරට පළාත් සභා පිහිටුවා වසර තිහකට වැඩි බවත් පළාත් සභාවේ වාර්ෂික අයවැය යෝජනාවලින් පළාත් සභාවලට වෙන්කරන මුදලින් සංවර්ධනයට ප්‍රාග් ධනයට වෙන්වන්නේ සියයට 15 ක් පමණක් බවත් ගාලු මුවදොර පිටියේ පැවැති ජාතික නිදහස් දින උළෙලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

පළාත් සභාවලට වෙන්කරන මුදලින් සියයට 85 ක් වෙන්වන්නේ පුනරාවර්තන වියදම් හා නඩත්තු වියදම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ආකාර ගණනාවකින් වැදගත් වෙයි. එක් අතකින් පළාත් සභා තුනක් හැර සෙසු පළාත් සභා සියල්ල විසිරී ඇත. ඇතැම් පළාත් සභා විසිරී වසරකටත් වැඩි කලකි. පළාත් සභා ඡන්දය පවත්වන්නැයි විපක්ෂය බල කරමින් සිටී. නොවැම්බරයට පෙර පළාත් සභා ඡන්දය නොපැවැත්වුවහොත් තමන් තනතුරෙන් ඉල්ලා අස්වී ගෙදර යන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කීවේය. එහෙත් සීමා නිර්ණ ගැටලු ආදිය ඉදිරිපත් කරමින් එම මැතිවරණය කල් දැමෙමින් තිබේ. ජනාධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි පළාත් සභාවල තත්ත්වය එය නම් පළාත් සභා මැතිවරණය නොපවත්වාම සිටින්නේ නම් යහපත්ය.

පළාත් සභා ක්‍රමය මෙරටට හඳුන්වාදෙනු ලැබුවේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1987 වසරේදීය. ඒ වනවිට උතුරු යුදබිම ගිනියම් වෙමින් පැවැති අතර ජාතික ප්‍රශ්නයට ඇති එකම විසඳුම බලය බෙදාහැරීම බව පවසමින් පළාත් සභා ස්ථාපිත කෙරුණි. එහෙත් ශෝචනීය තත්ත්වය නම් බලය බෙදාහැරීමට ස්ථාපිත කළ පළාත් සභා උතුරේ ක්‍රියාත්මක නොවීමය. එහි පළමු මහ ඇමැතිවරයා වූ වර්ධරාජා පෙරුමාල් ඊළාම් රාජ්‍යය ප්‍රකාශයට පත්කර ඉන්දියාවට පළා ගියේය. පළාත් පාලන ආයතනවලින් පාර්ලිමේන්තුවට ඒමට අතරමැද මධ්‍යස්ථානයක් වශයෙන් රටේ සෙසු පළාත්වල පළාත් සභා ක්‍රියාත්මක විය.

පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමත් සමඟ එයට එරෙහිව රට පුරා විරෝධතා ඇවිළී ගියේය. එක් විරෝධතාවකින් පසුව කොළඹ නගරයේ පමණක් වෙඩි වැදී මියගිය පුරවැසියන් 122 දෙනකුගේ සිරුරු හමුවිය. මොරටුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් දෙදෙනකුගේ ද සිරුරු ඒ අතර විය.

විරෝධතා කඳවුරේ එක් ප්‍රබල තර්කයක් වූයේ පළාත් සභාවලින් රට කෑලි නමයකට කැඩෙන බවය. තවත් තර්කයක් වූයේ එය හුදු සුදු අලියකු පමණක් බවය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ද අනාවරණය වන්නේ එයය. සැබැවින්ම පළාත් සභා පිහිටුවීම හරහා සිදුවූයේ පරිපාලනමය ගැටලු අලුතෙන් නිර්මාණය වීමය.

දැන් රටේ පළාත් සභා පාරවල් තිබේ. පළාත් සභා රෝහල් තිබේ. පළාත් සභා පාසල් තිබේ. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පළාත් සභාවලට ඉඩම් බලතල මෙන්ම පොලිස් බලතල ද තිබේ. ඇතැම් දෙමළ දේශපාලන පක්ෂ නීතියේ ඇති ඒ බලතල දෙන්නැයි ඉල්ලා සිටින්නේ බොහෝ කාලයක සිටය. ඒ බලතල ද ලබාදුනහොත් නිර්මාණය විය හැකි අවුලේ තරම වටහා ගැනීමට අසීරු නැත.
අදටත් මේ රටේ ජනයාට ජීවත්වීමට බොහෝ බාධක තිබේ. ආර්ථික ප්‍රශ්නය ඉන් ප්‍රධානය. සෞඛ්‍ය ප්‍රශ්න, බීමට හා ගොවිතැනට අවශ්‍ය ජලය නොමැතිවීම, අමාරුවෙන් නෙළා ගත් අස්වැන්නට වෙළෙඳ පොළක් නොමැතිවීම ඇතුළු ප්‍රශ්න රැසකි. පාසලකට දරුවකු ඇතුළු කරගැනීමට විදුහල්පතිවරයා සමඟ යහන්ගතවීමට සිදුවන තරමට තත්ත්වය බරපතළය. මෙම පීඩාකාරී තත්ත්වයෙන් නිදහස්ව රටේ ජනතාවට ජීවත්වීමට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කරදිය යුතුය. පළාත් සභා පිහිටුවීමේ එක් අරමුණක් වූයේද ඒ ඒ පළාත්වල ඇති ප්‍රශ්න ගැටලු හඳුනා ගනිමින් ඒවා කඩිනමින් විසඳීමය. කොළඹට කේන්ද්‍රගතව ඇති බලය ගමට ගෙනයාම හරහා බලාපොරොත්තු වූයේද එයය.

ඒ අපේක්ෂා ඉටුකර ගැනීමට පළාත් සභා ක්‍රමය සමත් වූයේද? අධිවේගී මාර්ග සම්බන්ධයෙන් බහුලව කතා කරන සමාජයේ පාලමක් නොමැති හෙයින් මිනී පෙට්ටිය කරතබා ගෙන ගඟට බැස යන මිනිසුන් පිළිබඳ සංවේදී කතාවක් අප පුවත්පත මෑතකදී වාර්තා කළේය. ඒ ගම කිසිදු පළාත් සභාවකට අයිති නැද්දැයි අපි නොදනිමු. එසේ අයිතිනම් ඒ ගමට එබඳු ඉරණමක් අත්වන්නේ නැත. එබඳු ගම්මාන තව කොතෙක් මේ රටේ වෙත්ද? මේ ගැටලුව නිරාකරණය කරගැනීමට අප තවත් කොතෙක් කල් බලා සිටිය යුතුද?

නගරයේත් ගමේත් පාසල් සංවර්ධනය කිරීමට, පාරවල් බෝක්කු පාලම් හා අනෙකුත් අවශ්‍ය ගොඩනැගිලි සෑදීමට වැය කළ හැකි මුදල් වර්තමානය වනවිට පළාත් සභා නඩත්තු කිරීමට යෙදවීමට සිදුවී තිබේ. පාර්ලිමේන්තුවට යෑමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම සඳහා පළාත් සභාව යොදාගන්නා තක්කඩියන් නඩත්තු කිරීමට යැවීමට සිදුවී තිබේ. එසේ නම් මෙම පළාත් සභා රටට ඵලදායී මහජන නියෝජිතායතන බවට පත්කිරීම සම්බන්ධයෙන් දියුණු විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.



අදහස් (5)

පළාත් සභා අවශ්‍යමද

Perakum Wednesday, 06 February 2019 04:11 PM

පළාත් සභා පිහිටවූවේ ජනමතය පිළිබඳ කිසිඳු විමසීමකින් තොරවයි. එය ජනතාවගේ කරපිට බලහත්කාරයෙන් පටවන ලද්දකි. එවැන්නක් නීත්‍යානුකූල වන්නේ කෙසේද? මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය අපි නොදනිමු. වෙනත් රටවලත් මෙවැනි පරිපාලන ප්‍රාන්ත ඇතත් ඒවා බොහෝවිට අපේ රට මෙන් කිහිප ගුණයක් විශාලය. එනම්, ලංකාව ප්‍රාන්තවලට කැඩීමට තරම් විශාල රටක් නොවන බව කිව යුතුය. මෙය අනිවාර්යයෙන්ම සුදු අලියෙකි. මුදල් සහ සම්පත් නාස්තියකි. එහෙත් මෙහි රස වැටුණු දේශපාලන කුක්කෝ මේ ක්‍රමය වෙනස් කිරීමට ඉඩ නොදේ. බුද්ධිමතුන් මෙහිදී ඉක්මන් හා නිවැරදි තීරණයක් ගත යුතුය.

:       0       80

smn Thursday, 07 February 2019 02:36 AM

මේ ඉලව්ව අපට අවශ්‍යම නැති දෙයක්. අපේ බදු සල්ලිවලින් තවත් පල්හොරු හැත්තකට පුහුණුව දෙනවට අපි කැමති නැහැ.පළාත් සභා අපට එපා.

:       0       26

චමින්ද Thursday, 07 February 2019 12:59 PM

ඇත්තටම අපේ රටට පළාත්සභා අවශ්‍ය නැහැ. එ්වා අහෝසි කර රටට ගැලපෙන ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ වීමට හැකි පාලන ක්‍රමයක් ඇතිකල හැකිනම් හොඳයි. ඒ සඳහා පවතින සියලු දේශපාලන පක්ෂ වලින් බැහැරට පාලකයින් පත්කල හැකි ක්‍රමයක්ද අවශ්‍ය වෙනවා. මට හිතෙනවා ඒ සඳහා සෑම ග්‍රාමසේවක කොට්ඨාශයක්ම කොටස් 25 කට බෙදලා කොට්ඨාශ නායකයෙක් පත්කරනවා. ගමකින් පත්වන එම නායකයින්ගෙන් එක් අයෙක් බැගින් ගෙන ගම් සභාව සකස් කරනවා. ගමකින් පත්වන නායකයින්ගෙන්ම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හෝ වරිය පත්කරනවා. එවිට දැනට පවතින ලෙසට පක්ෂ ක්‍රමයක් නැති නිසා සුදුස්සාට සුදුසු තැන ලැබේවි ගැටුම් නැතිවේවි රටත් හැදේවි.

:       1       0

Lal Thursday, 07 February 2019 02:21 PM

පළාත්සභා, රටේ දියුණුවට කිසිම ප්‍රයෝජනයක් නැති, ප්‍රශ්නම ඇතිකරපු දෙයක් බව කිවයුතුයි..

:       0       1

de silva berlin Friday, 08 February 2019 07:54 AM

ජනාධිපති තුමනි කරුණාකර පළාත්සභා අවශ්‍යද නැද්ද? යන කරුණ පිළිබඳව ජනමත් විචාරණයක් පවත්වා ඒ මතයට අනුව කටයුතු කරන්න, රටේ වැඩි දෙනෙකු මේ විකාර වලට කැමති නැත....

:       0       39

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1340 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 824 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 346 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 752 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 478 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1003 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 431 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site