IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


භාණ්ඩ වර්ග 300 ක ආනයන සීමා ඉවත්කිරීම

භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කිරීමේ පුවත ජූනි 12 වැනිදා අප පුවත්පතේ පළ වූයේය. එදිනෙදා ජීවිතයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සංචාරක කර්මාන්තයට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල වූ ආනයන සීමාකරණයට යටත් ව තිබූ භාණ්ඩ රාශියක ආනයන සීමා ඒ අනුව ඉවත්කර ඇත. ආනයන සීමාකරණයට ලක්ව ඇති භාණ්ඩ ලැයිස්තුව 1216 දක්වා අඩුවී ඇති බව ද  මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර තිබිණි.

ආනයන සීමා කිරීමෙන් සිදුවන අතුරු ප්‍රතිඵල සියල්ල නොතකා පසුගිය වසර දෙක තුළ විශේෂ ගැසට් පත්‍ර මගින් විවිධ ආනයන භාණ්ඩ සීමා කිරීමට රජයට සිදුවිය. රටේ විදේශ සංචිත සිඳී යාම නිසා මූලික අවශ්‍යතා වූ ඉන්ධන හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිසි වෙලාවට ආනයනය කර ගත නොහැකි විය. ගව් ගණන් දිග ඉන්ධන හා ගෑස් පෝලිම් රට තුළ සුලබ විය. මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමේ හැකියාව පවා අහිමි  වූයෙන් රටේ ජනයා පාරට බැස උද්ඝෝෂණය කළෝය. විදුලිය නිපදවා ගන්නට ප්‍රමාණවත් ඉන්ධන නොතිබූ බැවින් ජනයා අඳුරේ අතපත ගෑවෝය. මෙම තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත් ආනයන ගෙන්වා ගැනීම උදෙසා රටේ සියලු ආනයන අවශ්‍යතා කැපකොට විදේශ විනිමය ඉතිරිකර ගන්නට සිදුවිය.

ඒවා නිසි සැලැස්මක් සහිතව පැන වූ ආනයන සීමාකරණය නොවන බව පැහැදිලිව පෙණින. ආනයන සීමා කිරීමෙන් ඉතිරි කර ගන්නට උත්සාහ දැරූ විදේශ විනිමය මෙතෙකැයි  ගණන් බැලීමක් කරනු එම අවස්ථාවල අපි නොදිටිමු. එම ආනයන සීමාකරණය  ඔස්සේ රට තුළ සිදු වන නිෂ්පාදනය කෙතරම් දුරට අඩාල වේද යන්න පිළිබඳ ගණන් බැලීමක් ද සිදු නොවීය.

මෙරටට ආනයනය කරනු ලබන භාණ්ඩවල සංයුතිය සලකා බැලීමේ දී දේශීය කර්මාන්තවලට ඒවා නැවැත්වීමෙන් සිදුවන හානිය ගැන යම් අදහසක් ඇති කර ගත හැකි ය. 2017 සිට 2020 දක්වාම මෙරටට ආනයනය කරන භාණ්ඩ වලින් සීයට 49 ක් පමණ අතර මැදි භාණ්ඩ වේ. සීයට 14 ක් පමණ ආයෝජන භාණ්ඩයෝය. අතරමැදි භාණ්ඩ යනු තවත් කර්මාන්තයක අමුද්‍රව්‍ය නැතහොත් නිමි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වෙනත් භාණ්ඩයෝය.  ප්‍රාග්ධන භාණ්ඩ යනු නිෂ්පාදන කර්මාන්ත උදෙසා උපකාරී වන යන්ත්‍ර සූත්‍ර ආදිය යි. ඉදිකිරීම් කර්මාන්තයටත්, සංචාරක කර්මාන්තයටත්, ස්වයං රැකියාවලටත් අදාළ භාණ්ඩ රාශියක් මේ අනුව සීමාකරණයට ලක් විය. නිෂ්පාදන කර්මාන්ත හා  බැඳුණු සේවාවලට අදාළ, පරිගණක හා ජංගම දුරකතන ගෙන්වීම ද සීමා කෙරිණි.

පසුගිය වසරේ රටේ ආර්ථිකය සියයට 7 කින් පමණ සංකෝචනය වීමට ද මෙම තත්ත්වය බෙහෙවින් බලපෑවේය. 2023 වසරේ පවා ආර්ථිකය සියයට 4 කින් පමණ සංකෝචනය වෙතැයි අපේක්ෂා කෙරේ.

ගෝලීයකරණයට ලක් වූ මේ යුගයේ රටක දේශීය කර්මාන්ත හුදෙකලාව පවතින ඒවා නොවේ. අපනයනය මූලික කරගත් නිෂ්පාදන කර්මාන්තයේ දී සාම්ප්‍රදායික නිෂ්පාදන සාධක පිළිබඳ සංකල්ප මේ වන විට වෙනස් වී තිබේ. අතීතයේ දී මෙන් නූතන ලෝකයේ කර්මාන්ත ස්ථානගත වනුයේ හුදෙක් අමුද්‍රව්‍ය, ඉන්ධන හා වෙළෙඳපොළ සමීපතාව පදනම් කරගෙන නොවේ. අමුද්‍රව්‍ය හා ඉන්ධන බොහෝ අවස්ථාවල ආනයනය කරන ලද ඒවාය. බොහෝ විට ලාභ ශ්‍රමය හා සෘජු විදේශ ආයෝජන මත කර්මාන්ත ස්ථානගත වේ.

ස්වයං පෝෂණය පිළිබඳ මතවාද ද දැන් යල් පැන ගොස් ඇත. විදේශ වෙෙළඳාම උදෙසා රටක් නිෂ්පාදන කර්මාන්තයේ නියැළෙන්නේ නම් විදේශ වෙළෙඳ පොළේ  තරග කළ හැකි ගුණාත්මක බවෙන් යුතු අඩු නිෂ්පාදන වියදමකින් නිපදවන භාණ්ඩවලට රටක් ප්‍රමුඛතාව දිය යුතු වේ. ඇතැම් භාණ්ඩ රට තුළ නිෂ්පාදනය කිරීමේ දී වැයවෙන නිෂ්පාදන වියදම අධික නම් ඒවා ආනයනය කර, විදේශ වෙළෙඳපොළට          ලාභදායීව ඉදිරිපත් කළ හැකි භාණ්ඩ නිෂ්පාදනය   තෝරා ගැනීම සාපේක්ෂ වශයෙන් වාසිදායකය.

රටක විදේශ වෙ​ෙළඳාම ද හුදෙකලාව පවතින්නක් නොවේ. විදේශ වෙෙළඳාමේ වාසි තනි අතට ගලා එන්නේ නැත. එම නිසා ආනයන නවතා අපනයන වර්ධනය පමණක් සිදු කිරීමට  මාන බැලීම මුග්ධ ක්‍රියාවකි. ද්වි පාර්ශවික හා බහු පාර්ශ්වික වෙෙළඳ ගිවිසුම්වලට එළැඹීමේ දී ආනයනය සහ අපනයනය යන කාරණා දෙකම වැදගත් වේ.

නොබෝදා ආනයන සීමා ඉවත් කර ඇති භාණ්ඩ බොහොමයක් රටේ ඉදි කිරීමේ කර්මාන්තය ඉහළ නැංවීමට දායක වන ඒවාය. සංචාරක කර්මාන්තයට දායක වන, ඇතැම් පාරිභෝගික භාණ්ඩ ද ඒවා අතර වෙයි. ඇතැම් පාරිභෝගික භාණ්ඩ ආනයන සීමා ඉවත් කිරීම රට තුළ උද්ධමනය අඩු කිරීමට ද හේතු වේ. එම නිසා සමස්තයක් වශයෙන් මෙම ආනයන සීමා ඉවත් කිරීම, ආර්ථිකය වර්ධනය වීමට බලපානු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් අවසාන වශයෙන් සිදුවිය යුත්තේ, රටේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ ගොස් සමස්තයක් වශයෙන් නිෂ්පාදනය වර්ධනය වීමයි. කෙසේ වුවද අදුරදර්ශී ලෙස පරිභෝජන භාණ්ඩ රට තුළට  ගෙන්වීම දිරිමත් කළ යුත්තක් නොවේ.

(***)



අදහස් (0)

භාණ්ඩ වර්ග 300 ක ආනයන සීමා ඉවත්කිරීම

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1333 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 822 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 343 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 742 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 367 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 474 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 444 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site