IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මරණය හමුවේ බාල් නොදමා එන්නත් ගැන සිතමු

කොරෝනාව විසින් රට තුළ නිර්මාණය කරනු ලැබ තිබෙන සමාජ අර්බුදය බෙහෙවින් සංකීර්ණය. ව්‍යාකූලය. මෙම සෞඛ්‍යමය ප්‍රශ්නය සමඟ ඈඳුන ආර්ථික සාමාජික හා වෙනත් බහුවිධ ප්‍රශ්න පත්‍රයකටම පිළිතුරු නැතිව සමාජය අන්ද මන්දව සිටී. රට වසා දමන්න යැයි දසතින් එන ඉල්ලීම් ඉවසා සිටිමින් ආණ්ඩුව රට විවෘතව තබාගෙන ඇත්තේ ලක්ෂ හැටපහකට වැඩි මෙරට පෞද්ගලික අංශයේ සුළු ආදායම්ලාභී පවුල්වල සුබසෙත ගැන සලකා බලමිනි. එහෙත් දෛනිකව වාර්තා වන මරණ හා රෝගීන් ගණන ඉහළ යාම නිසා රජය දෙගිඩියාවට හා බියට පත්ව තිබේ.

ආණ්ඩුව රට වසා දමන්නේ නැති නම් තමන් රට වසා දමනවා යැයි කියමින් අඟහරුවාදා වනවිට මෙරට ප්‍රධාන නගර 16ක් පමණ වෙළෙඳ සංගම් විසින් වසා දමනු ලැබීය. මෙලෙස නගර වසා දැමීම පිටුපස පටු දේශපාලනයක් ඇතැයි රජයේ ඇතැම් දේශපාලනඥයන් චෝදනා කරතත් මරණ බිය ඇති සමාජයට එම චෝදනාවලින් පලක් නැති සේය. මෙම පසුබිමේ ශ්‍රී ලංකා ආණ්ඩුවට මෙන්ම ලොව සෙසු සෑම රටකටම කොරෝනා වසංගතයෙන් ගැලවීමට තිබෙන එකම මඟ එන්නත්කරණයයි. ආසියාවේ සෙසු රටවල් හා සමඟ සසඳන විට ශ්‍රී ලංකාව එන්නත්කරණය අතින් අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය විශිෂ්ටය. ගෙවුණු සඳුදා වනවිට මෙරට සමස්ත ජනගහනයෙන් එක්කෝටි දහඅට ලක්ෂයකට (1,18,00,000) එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී තිබුණි. එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබූ ජන සංඛ්‍යාව පනස්එක් ලක්ෂයකි (51,00,000). මෙම එන්නත්කරණ ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා පැසසුමට ලක්විය.

එහෙත් එන්නත ලබාගැනීමට රටේ බහුතර ජනතාව දක්වන උනන්දුව සේම එන්නත ලබා නොගෙන වහන් වී සිටින පිරිසකුත් සිටින බවට නිල වාර්තා ලැබී තිබේ. සමහරු ඒ සඳහා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරති. වඳභාවය හටගැනීම, වෙනත් රෝගවලට ගොදුරු වීම, ආගමික හේතු පමණක් නොව ඇතැම් එන්නත් මඟින් ලොව පුරා මානව සංහතියේ දත්ත රැස් කිරීමක් සිදුවන බවට පැතිරෙන ඇතැම් මිථ්‍යා කතා ද තිරය පිටුපස කෙරෙන සමහර සාකච්ඡාවල මාතෘකාය. 21 වැනි සියවසේ දැනඋගත් සමාජයේ ඇතැමුන් මාරාන්තික බිහිසුණු වසංගතයක් හමුවේ මෙලෙස හැසිරීම ඛේදයට කරුණකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමුඛ පිළිගත් විද්වත් පර්ශද සියල්ලම කොරෝනාව උදෙසා නිර්දේශ කරන එකම විසඳුම එන්නත්කරණයයි. මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ද ආණ්ඩුව කරන ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය ද ජනතාවට කියා සිටින්නේ හැකිතාක් එන්නත් ලබාගන්නා හැටියටයි. මෙම පසුබිමේ සෞඛ්‍ය අංශ මෙන්ම ආරක්ෂක අංශ ද එන්නත්කරණයේදී ප්‍රශස්ථ මෙහෙවරක යෙදෙමින් අප්‍රමාණ කැපවීමෙන් සේවය කරන්නේ සිය ජීවිත අවදානම ද නොතකමිනි. රජය ගත වූ කාලයේ එන්නත්කරණය ඇතුළු කොරෝනාවේ වියපැහැදම් වෙනුවෙන් රුපියල් කෝටි 25,000ක් පමණ වැයකර ඇති බව මුදල් අමාත්‍යාංශය කියයි. මේ සියල්ල කරන්නේ ඉමක් කොනක් නොපෙනෙන මේ මහා ව්‍යසනයෙන් ජනතාව ගලවා ගැනීම පිණිසය. එම නිසා රටේ සියලු‍ දෙනාගේ යුතුකම හා වගකීම වන්නේ එන්නත්කරණයට සහභාගි වී මේ ජාතික විපතින් රට හා සහෝදර ජනතාව බේරා ගැනීමයි.

දැනට ලැබෙන වාර්තා අනුව මෙරට කොරෝනාවෙන් වැඩිපුරම මරණයට පත්වන්නේ වයස අවුරුදු හැටට වැඩි පිරිසය. එහි දළ ප්‍රතිශතය සියයට 77ක් පමණ වේ. කෙතරම් ධනය බලය වස්තු සම්පත් තිබුණත් කොරෝනා මාරයාට ඒවා ගණනක් නැති බව කොරෝනාවෙන් මියගිය මහා ධනවතුන් ආදීන්ගේ නාමාවලිය දකින විට සිහිපත් වේ. මේ බරපතළකම නිසාම ආරක්ෂක අංශ එන්නත්කරණයට සහභාගි වීමට හැකියාවක් නැති වියපත් ආබාධිත රෝගීන් සහ වෙනත් ලෙඩ රෝගවලට ගොදුරු වූ තැනැත්තන් සොයා ඔවුන්ගේ නිවෙස්වලට ගොස් ජංගම ලෙස එන්නත් ලබාදීම ද අරඹා තිබේ.

මේ වනවිට ලැබී තිබෙන නිල වාර්තා අනුව මෙරට වයස අවුරුදු 60ට වැඩි ජනගහනය ලක්ෂ 27කි. එයින් ලක්ෂ 24ක්ම එන්නත් ලබාගෙන තිබේ. කවර හේතුවක් නිසා හෝ තවත් ලක්ෂ 3ක පමණ පිරිසක් තත්ත්වය මෙතරම් දරුණු වී තිබියදීත් එන්නත් ලබා නොමැත. එම හේතු නිසා හෝ දැනට පැතිරෙන විකෘති ඩෙල්ටා ප්‍රබේදය නිසා හෝ ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ අනුපාතය දිනෙන් දිනම ඉහළ නගිමින් ඇත.

කොරෝනාව ගැන ජාත්‍යන්තර පර් යේෂණ පවත්වන ‘වර්ල්ඩෝ මීටර්’ වෙබ් අඩවිය මේ සතියේ ප්‍රකාශ කළ ආකාරයට කොරෝනා මරණ අනුපාතය අතින් ශ්‍රී ලංකාව දැන් සිටින්නේ ලොව හතරවැනි තැනය. ලොව වැඩිම මරණ අනුපාතය වාර්තා කරන ජෝර්ජියා දේශයේ මරණ අනුපාතය ජනගහනය දස ලක්ෂයකට මරණ 12.7කි. ශ්‍රී ලංකාවේ මරණ අනුපාතය ජනගහනය දස ලක්ෂයකට මරණ 7.3කි. තත්ත්වය කොතරම් බරපතළ දැයි වටහාගන්නට එම සුළු සංඛ්‍යා දත්තය වුව ද ප්‍රමාණවත්ය.

කොරෝනා එන්නත් ලබාගත් සංකූලතා ඇති අයකුට රෝගය බෝ නොවන බවට සහතිකයක් නැත. එහෙත් එන්නත් ලබාගත් අයගේ මරණ අනුපාතය ඉතාමත් සොච්චමකි. එන්නත්කරණය මධ්‍යයේ වුව ද ඩෙල්ටා කොරෝනා ප්‍රබේදය පැතිරීම පාලනය නොවේ. ඩෙල්ටාවට අමතරව මෙරට තුළින්ම තවත් විකෘති වයිරස ප්‍රබේදයක් හටගනිමින් තිබෙන බව පර් යේෂකයෝ වාර්තා කරති. මේ සියල්ලෙන් ගම්‍ය වන්නේ මෙයට පෙර හටගත් වසංගත මෙන් කොරෝනාව පහසුවෙන් හමාර නොවනු ඇති බවය. එබැවින් කල් නොමරා රජය විශාල මුදලක් වැයකොට අප්‍රමාණ වෙහෙසක් ගෙන කරනු ලබන එන්නත්කරණයේ ප්‍රයෝජනය ලබාගැනීම සමාජ වගකීමකි. එසේ නොකරන්නේ නම් ඔබ කරන්නේ මරණය හමුවේ බාල් නැටීමක් බව සිහිපත් කරනු වටී.

(***)



අදහස් (2)

මරණය හමුවේ බාල් නොදමා එන්නත් ගැන සිතමු

Chaminda Bandara Wednesday, 18 August 2021 01:37 PM

රට වහන්න එපා. රජයට කියන්න. රට වහන්න කියන අය රට වැහුවට පස්සේ... ගෙදරට වෙලාද ඉන්නේ? නැහැ කොහෙත්ම නැහැ. ඔය එක එක්කෙනාට එක එක පටු අරමුණු තියෙන්නේ.

:       1       2

Nilmini Fernando Wednesday, 18 August 2021 07:29 PM

රට වහනවා කියලා තව කී සැරයක් වහන්නද? විදෙස් රටවල් සාමාන්‍ය විදියට වැඩ කරගෙන යන ගමන් කොරෝන ප්‍රශ්නයටත් මුහුණ දෙනවා. මම ඉන්නේ ජපානයේ... කොරෝනා මුල් අවධියේ කෙටි කාලයක් ටොකියෝ ප්‍රදේශය වසා තිබුණත් දැන් සාමාන්‍ය පරිදි වැඩ. මිනිස්සු තව ටිකක් පරිස්සම් වුණොත් හොඳයි.. මම නම් හිතෙන්නේ රට වහනවට වඩා. රට වැහුවොත් එදා වේල හම්බ කරන් කන මිනිස්සු කීදාහක් අමාරුවේ වැටෙනවද?

:       2       0

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 694 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18122 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site