IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


රජයේ වියදම් සීමාව යහපත් ආදර්ශයක්

රට මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය හේතුවෙන් රජයේ වියදම් දැඩි ලෙස සීමා කිරීමට තීන්දුවක් ගෙන තිබේ. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට කරන ලද දැනුම්දීමකට අනුව මේ තීන්දුව ගෙන ඇතැයි වාර්තා විය. කොරෝනා වසංගතය හමුවේ මතු වූ බරපතළ ආර්ථික ගැටලු‍ ද රජයේ අපේක්ෂිත ආදායම විශාල ලෙස පහත වැටීම ද මේ වසරේ පුනරාවර්තන වියදම් පියවා ගැනීමට පවා එය ප්‍රමාණවත් නොවීම ද මේ තීන්දුව ගැනීමට හේතු වශයෙන් සඳහන් වෙයි.

රජයේ මේ තීන්දුවට අනුව මෙතෙක් ආරම්භ කර නොමැති ව්‍යාපෘති, මිලදී ගැනීම්, ගොඩනැගිලි ඉදිකිරීම්, ගොඩනැගිලි අලු‍ත්වැඩියා කිරීම් ආදිය අත්හිටුවන ලෙස මුදල් අමාත්‍යාංශය මගින් නියෝග පනවා තිබේ. බඳවා ගැනීම් සඳහා මූලික කටයුතු සිදු කර ඇතත් මේ වනතෙක් පත්වීම් ලිපි නිකුත් නොකළ තනතුරු සඳහා බඳවා ගැනීම් ද මේ අනුව අත්හිටුවනු ඇත. වියදම් සීමා කිරීමට මෙවැනි පියවර ගැනීමෙන් පසුව ඉතිරි කරගත හැකි අරමුදල් ප්‍රමාණය පිළිබඳ සවිස්තර වාර්තාවක් ලේකම්වරුන්ගෙන් ලබාගැනීමට ද මුදල් අමාත්‍යාංශය අරමුණු කරගෙන සිටී.

රජයේ වියදම් සීමා කිරීමට ප්‍රමාද වී හෝ මෙවැනි දැඩි තීන්දුවක් ගැනීමට කටයුතු කිරීම යහපත් පියවරක් වශයෙන් අපි දකිමු. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබූ ආර්ථික කඩාවැටීම වළක්වා ගැනීමට රජය කල් තබාම නිශ්චිත සැලැස්මක් සකස් කර නොතිබීමෙන් මෙවැනි හදිසි තීන්දුවකට එළැඹීමට සිදුවන්නට ඇතැයි ද අපි සිතමු. කොරෝනා වසංගතය පාලනය කිරීමට රජයේ ඉහළම ප්‍රමුඛත්වය හිමිවනවිට ඊට අදාළ සෙසු අංශ නිසි පරිදි කළමනාකරණය කිරීමට කල් තබා සුදුසු පියවර ගැනීම ද රජයේ වගකීමකි. ජීවිත අහිමි වීම හැරුණුවිට කොරෝනා ව්‍යාප්තියේදී බරපතළම ප්‍රහාරයට ලක්වන්නේ ආර්ථිකය බව නොදැන සිටි කෙනකු නැත. කල් තබාම වියදම් සීමා කිරීමේ සැලැස්මක් සකස් කර තිබුණි නම් තත්ත්වය මේ තරම් දරුණු වීමට පෙර යම් තරමකට හෝ පාලනය කරගැනීමට හැකියාවක් තිබූ බව අපි විශ්වාස   කරමු.

අප එසේ කියන්නේ මෙවැනි වසංගත අවස්ථාවක ප්‍රමුඛත්වය ලබා නොදිය යුතු ව්‍යාපෘතිවලට පවා රජය මුදල් වෙන් කර ඇති බව පෙනී යාම හේතුවෙනි. ඊට ආසන්නම උදාහරණයක් වන්නේ පොලොන්නරුවේ පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මත ඇවිදින මංතීරුවක් ඉදිකිරීමේ ව්‍යාපෘතියයි. එය පරාක්‍රම සමුද්‍රයට හානියක් ද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. අප මෙහිදී ප්‍රශ්න කරන්නේ දේශපාලන වශයෙන් “සංදර්ශන” බවට පත් කරගත හැකි අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘතිවලට මෙසේ මුදල් වැය කරන්නේ ඇයි ද යන්නයි. නිසි සැලැස්මකට අනුව කොරෝනා අර්බුදය හමුවේ ආර්ථිකය කළමනාකරණය සිදු නොකිරීම මෙවැනි සිද්ධීන්වලට මූලික වෙයි. කෙසේ වුව ද දැන් මෙම ව්‍යාපෘතිය රජය විසින් අත්හිටුවා තිබේ.

රජය තම වියදම් සීමා කිරීම රටේ සෙසු ජනතාවට ද ආදර්ශයක් ගෙන දෙන ආකාරයට සිදු කිරීම ද අවශ්‍යය. රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතිය මත රජයේ සේවකයන්ට ගෙවනු ලබන වැටුප් නොවන දීමනා සහ බිල්පත් පියවීම් යනාදිය නැවත සමාලෝචනය කර සේවයේ සැබෑ ලෙසම නිරත වන නිලධාරීන්ට පමණක් ගෙවීමට ද මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙන බව ද සඳහන් වෙයි. එසේ තිබියදීත් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීන්ට අධීක්ෂණ තනතුරු ලබාදීම වැනි පියවර ගැනීම කොතරම් සුදුසුදැයි රජය කල්පනා කළ යුතු බව ද පෙන්වා දීමට කැමැත්තෙමු. එවැනි අධීක්ෂණ තනතුරු නිකම්ම නාමමාත්‍රික ඒවා නොවන බව ද ඊට විශේෂ වරප්‍රසාද, දීමනා සහ වාහන ද ඇතුළත් බව ද අතීත ආදර්ශවලින් හැම ආණ්ඩුවක්ම පෙන්වා දී තිබේ. එසේම රජයේ ව්‍යාපෘති සඳහා යැයි පවසමින් හදිසියේම ඩබල් කැබ් රථ 150ක් ගෙන්වීම ද මේ අවස්ථාවේ හැටියට අනවශ්‍ය වියදමක් වශයෙන් රජය නොදැකීම ද අඩුපාඩුවකි.

මේ අතරවාරයේ කොරෝනා අර්බුදය කොතරම් දැඩි වුව ද තමන් සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති නොනවත්වන බවට ඇතැම් ඇමැතිවරුන් පුන පුනා කරන ප්‍රකාශ ද මුදල් ඇමැතිවරයාගේ නියෝග සමඟ ඍජුව ගැටෙන බව ද කිව යුතුය. මේ ඇතැම් ව්‍යාපෘති රජයේ අත්‍යවශ්‍ය සංවර්ධන වැඩවලට වඩා එක් එක් දේශපාලනඥයාගේ මනදොළ පිරවීම සඳහා සිදු කෙරෙන අනවශ්‍ය වියදම් හැටියට වර්ග කළ හැකිය. එවැනි ව්‍යාපෘතිවලට මුදල් වැය කිරීම ද මේ අවස්ථාවේ හැටියට නාස්තියක් පමණි.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පටි තද කරගත යුතු බව ප්‍රකාශ කරනවාට වඩා රජය තම වියදම් පාලනය කරගැනීමට පියවර ගැනීම වැදගත් ඉදිරි පියවරක් බව පැවැසිය යුතුය. එහි වැදගත්කම වැඩි වන්නේ තම වැටුප පරිත්‍යාග කරන්නැයි මැති ඇමැතිවරුන්ගෙන් කළ ඉල්ලීමට ඇතැම් මැති ඇමැතීන් දැක්වූ ප්‍රතිචාර සලකා බැලීමේදීය. කෙසේ වුව ද ආණ්ඩුවට දරාගත නොහැකි බරක් වශයෙන් සැලකෙන රාජ්‍ය සේවය ගැන ද සමාජයෙන් කියැවෙන්නේ අප්‍රසාදයකි. රාජ්‍ය සේවකයන්ට නිවෙසේ සිටියදී වැටුප් ආදී දීමනා ලැබෙතත් සාමාන්‍ය ජනතාවට ඒ කිසිවක් නොලැබේ. ඔවුන් ආර්ථික දේහයට දක්වන දායකත්වය අවතක්සේරු නොකළ යුතුය.

(***)



අදහස් (0)

රජයේ වියදම් සීමාව යහපත් ආදර්ශයක්

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 694 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18466 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 90 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site