රාජ්‍ය ආයතනවල ජනතා සේවා කාර්යක්ෂම කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බත්තරමුල්ලේ සුහුරුපායේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක් අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව අන්තර් ආයතනික සම්බන්ධතා දුරස්ථවීම බවද පෙන්වා දුන් බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.
අගමැතිවරයාගේ අවධානය ඉතා වැදගත්ය. එයට ප්‍රධාන හේතුව මෙරට රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින්නේ දුර්වර්ණ චිත්‍රයක් වන හෙයිනි.
අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට අන්තර් ආයතනික සබඳතා දුරස්ථවීම පමණක් නොව එකම ආයතනයක අංශ අතර පවතින සබඳතා ද ඉතාම දුර්වලය. ඇතැම් විට එක් ලිපිකරුවකුගේ නොපැමිණීම මුළු ආයතනයම අක්‍රිය වීමට හේතුවකි. මේ නිසා රාජකාරි කටයුත්තක් කර ගැනීමට රජයේ ආයතනයකට යාමට සිදුවීම ‘මුහුදු යාමක්’ ලෙස ඇතැමෙක් සලකති. ඒ නැවත කීයට නිවෙසට ඒමට සිදුවේදැයි සිතා ගත නොහැකි හෙයිනි.
රාජකාරි වේලාවන්හිදී සමස්ත කාර්ය මණ්ඩලයම මංගල උත්සවවලට හා වෙනත් අවශ්‍යතාවලට ආයතනයෙන් බැහැරව යාමේ සිද්ධි ඉකුත් සමයේ බහුලව වාර්තා විය. රජයේ ඇතැම් ආයතනවල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා හදිසියේම කළ ‘‘කඩා පැනීම්’’ ගැනද වාර්තා විය. රටේ ජනාධිපතිවරයාට එසේ හදිසි කඩා පැනීම් කිරීමට සිදුවීමෙන් පැහැදිලි වන්නේ දෙනු ලබන උපදෙස්, චක්‍රලේඛ, ආයතන සංග්‍රහ එලෙසින්ම ක්‍රියාත්මක නොවීම නිසා විය හැකිය. බොහෝ ආයතනවල ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉතා ප්‍රදර්ශනාත්මකව ‘‘දැක්ම’’ සහ ‘‘මෙහෙවර’’ සටහන් කර තිබුණද ඒවා ශිලා ලේඛනවලට පමණක් සීමා වූ ආයතන ද වේ.
රජයේ ඇතැම් සේවකයන් අකුරටම සිදු කරනු ලබන්නේ පැමිණීම සටහන් කිරීම හා පිටවීම සටහන් කිරීම පමණකැයි චෝදනාවකි. පැමිණීම හා පිටවීම අකුරටම සටහන් කරනු ලබන්නේ එය පඩිපත, නිවාඩු දින ගණන ආදිය සමග සම්බන්ධ හෙයිනි. එහෙත් පැමිණීම හා පිටවීම අතර ‘සේවාව’ සම්බන්ධයෙන් ඇතැම් සේවකයන් තුළ ඇත්තේ ඉතා වගකීම් විරහිත ආකල්පයකි. සේවා දායකයා පත්වන අපහසුතාව ආදිය සම්බන්ධයෙන් සේවකයා තැකීමක් නොකරන බව ඉතා පැහැදිලිය.
කොළඹ රාජ්‍ය ආයතනයකින් සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයා ඉතා දුර බැහැර ප්‍රදේශයක විය හැකිය. එහෙත් කලට වෙලාවට තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට නොහැකි වුවහොත් ඔහුට බස් නැවතුමේ රැය පහන් කිරීමට පවා සිදුවිය හැකිය. එමෙන්ම එම සේවාදායකයා යම් තැනක රාජකාරියක නිරතවන්නකු නම් ඔහු නිවාඩු දැමීම නිසා ඔහුගෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනයා ද මහත් අසීරුවට පත්වනු නියතය.
ආයතනයක යම් වගකිවයුතු පරිපාලනයක් නොපවතින්නේ නම් එම ආයතනයෙන් කාර්යක්ෂම බවක් අපේක්ෂා කළ නොහැකිය. රජයේ බොහෝ ආයතනවල ආයතන ප්‍රධානීහු දේශාපාලන පත්වීම් ලද්දෝ වෙති. ඔවුන්ට තම රාජකාරිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නැත. නිසි ඉලක්කයට තම ආයතනය මෙහෙයවීමට අසමත් මෙබදු පාලකයන් නිසා එම ආයතනයෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනයා බලවත් පීඩාවට පත් වෙති. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට නම් මෙම කාරණා සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතුය.
අන්තර් ආයතනික සබඳතා දුරස්ථවීමට හොඳම උදාහරණය වන්නේ මහා මාර්ග වේ. මහා මාර්ග අමාත්‍යාංශයෙන් පාර කාපට් කරනු ලබයි. ඊට පසුව විදුලිබල මණ්ඩලය පැමිණ එම කාපට් කළ මාර්ගයේ වළවල් හාරනු ලබයි. මහා මාර්ග අමාත්‍යාංශය එම වළවල් වසා දැමූ පසු ජලාපවහන මණ්ඩලයෙන් පැමිණ එම පාරේ කාණු කපා බට වළලනු ලැබේ. මෙම ආයතන අතර සම්බන්ධතාව ඉතා සමීපව හා අවබෝධයෙන් තිබිය යුතුය. එහෙත් වැඩ කෙරෙන ආකාරයෙන් පෙනෙන්නේ එබඳු සමීප හා අවබෝධාත්මක සම්බන්ධයක් නොතිබෙන බවය.
හේතුඵල වාදය අනුව ඵලයට ප්‍රතිකර්ම කර තේරුමක් නැත. ප්‍රතිකර්ම කළ යුතු වන්නේ හේතුවටය. රටේ ජනාධිපතිවරයාට රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩා පැනීමට සිදුවන්නේ නම් රටේ අගමැතිවරයාට රාජ්‍ය නිලධාරීන් කැඳවා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නැයි උපදෙස් දීමට සිදුව තිබෙන්නේ නම් එයට හේතු තිබිය යුතුය. පළමුව කළ යුතු වන්නේ එම හේතු සොය ගැනීමය. ප්‍රතිකර්ම නිර්දේශ කළ හැකි වන්නේ එමගිනි.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට සේවකයාගේ කැපවීම අවශ්‍යයි
ගැමුණු Thursday, 11 March 2021 06:43 AM
බොහෝවිට රාජ්‍ය සේවයෙන් යමක් කර ගැනීමට නම් ඔබ ඔවුන්ට ගෞරව පූර්වයෙන් කතා කළ යුතුයි.. පුද්ගලික අංශය නම් එසේ නැත. ඔවුන් අපට ගෞරවණීය ලෙස අමතා අපට අවැසි දේ යහපත් ලෙස කර දෙනු ඇත..
kamal Thursday, 11 March 2021 07:17 AM
රාජ්‍ය සේවය කඩිනමින් පරිගණක ගත කිරීම සහ පුද්ගලික කාරණයන් සහ ප්‍රශ්නය සදහටම විසඳාගත හැකියි. බලන්න රාජ්‍ය බැංකු සහ පුද්ගලික බැංකුවල සේවයේ වෙනස...
Darmasiri Thursday, 11 March 2021 08:02 AM
ලෝකෙම ඊමේල් වලින්, Appවලින් ගනුදෙනු කරන යුගයේ ෆයිල් එකක් අරන් යන්න පියන්ලා 10ක් ඉන්නවා. එ්ත් 2වෙනි තට්ටුවේ තියන ෆයිල් එක පහළට එන්න අවුරුද්දක් යනවා පගාවක් දීලත්.. බොරු නම් කම්කරු,ඉඩම් කන්තෝරුවට ගිහින් බලන්න..
de silva berlin Thursday, 11 March 2021 08:30 AM
රාජ්‍ය සේවකයාට අවශ්‍ය ගොඩනැගිලි, පරිගණක සහ යානවාහන පහසුකම් තිබෙනවා. නමුත් රජයේ ආයතනවල කාර්යක්ෂමතාවය දැනට අවුරුදු 20කට පෙර තිබුණාට වඩා විශාල ලෙස පහත වැටිලා. හොඳම උදාහරණය මෝටර් රථ සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ තැපැල් සේවය. ලෝකයේ තිබෙන හොඳම පරිගණකය ගෙනත් දුන්නත් ඒක භාවිතා කරන නිලධාරියා කම්මැලි හෝ අදක්ෂ හෝ වංචාවට බර පුද්ගලයෙක් නම් මේවා කාර්යක්ෂම වන්නේ නැත.
විපරමාThursday, 11 March 2021 01:00 PM
ඒක නම් ඇත්ත. ජරාවට බර වෙච්චි අය තමයි වැඩිපුර ඉන්නේ...
Raveendra Thursday, 11 March 2021 09:12 AM
කවුරු බලයේ හිටියත් රාජ්‍ය සේවය යනු පිං මාමලාගෙන් මෙන්ම පිං නැන්දලාගෙන් ගහනවූ පිරිසක්ය. දිව්‍යලෝකේ පහසුකම් දුන්නත් මෙම නිවට නිහීන මිනිසුන්ගේ ආකල්ප වෙනස් නොවෙන බව ස්ථිරයි. තවද මෙවන් අකාර්යක්ෂම සේවයට බලයේ සිටින මෙන්ම බලයේ සිටි සෑම පක්ෂයක්ම බාරගත යුතුමයි. කිසිඳු පක්ෂයට අනේ අපි සුද්දවන්තයින් යැයි කීමට කොහෙත්ම නොහැකියි. දශක කීපයක සිටම රජයේ සේවයට වැඩිපුරම පැමිණියේ ඒ ඒ වකවානුවල බලයට පැමිණි පක්ෂවල ඇම්බැට්ටයින්ය, හොඳම ගොට්ටන්ය. උස නම් කම්කරු කොට නම් සිකුරිටි වැනි නිවටයන් සේවයට පැමිණෙන නමුත් ඒ ඒ දේශපාලුවන්ගේ වසුරු පිළිබඳව කටයුතු මූලික කර ගන්නා අතර උපරිමයෙන් මාසයේ ගතමනාවද ගන්නා පව්කාරයින්ය...
බද්රානි Friday, 12 March 2021 08:42 AM
මොනවා වුණත්, ප්‍රශ්න වලට විසඳුම් වෙනුවට, ප්‍රශ්න තලුමරන එකනේ අපි ඉතිහාසය පුරාම කලේ. මුලින්ම කල යුත්තේ, රාජ්‍ය සේවයට දේශපාලන පත්වීම් දීම නැවැත්වීමයි. එම තනතුරු සඳහා විභාග හා ප්‍රායෝගික තාක්ෂණික ක්‍රමවේද භාවිතා කළ යුතුයි. එමෙන්ම කාර්යාල හා ආයතන ආචාර ධර්ම පිළිබඳ විශේෂ පුහුණුවක් දිය යුතුයි. තනතුරු සම්බන්ධයෙන් එකිනෙකාට පැවරී ඇති රාජකාරිය පිළිබඳව චක්‍ර ලේඛ ලබාදිය යුතුයි. ආයතනය සම්බන්ධයෙන්, යෝජනා, චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශයට දැන්වීමේ ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි. රාජකාරිය පැහැර හරින හා පාගා ගන්නා සේවකයින් නිසි පරීක්ෂණ පවත්වා රාජකාරියෙන් පහකළ යුතුයි. එහෙම නැතිව ජනාධිපති, අගමැති, අමාත්‍යවරයා ආයතන තුළට පැමිණ කරන නාඩගම් අපි රූපවාහිනියෙන් නරඹා ආයතනික ගැටලුවලට පිළිතුරු සෙවිය හැකිද? ඕවා හොඳයි ගෝත්‍රික සමාජයක හෝ එවැනි රටක මෝඩ ජනතාව ඇන්දවීමට... මේවා සටකපට දේශපාලන උපක්‍රම... දකුණු ආසියාව හා අප්‍රිකාවේ සමහර රටවල මෙවැනි ක්‍රමවේද ඇතත්, සංවර්ධිත රටවල මෙවැනි දේශපාලනික විකාර සිදු නොවේ.
Bamunuarachchi Friday, 12 March 2021 10:47 AM
ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලනවා..
Indika Saturday, 13 March 2021 10:55 AM
මානව සම්පත් කළමනාකරණය නැති රටක ප්‍රතිඵලය...
Deepal Nirosh Wednesday, 17 March 2021 05:05 AM
මමත් රජයේ සේවකයෙක්.., මගේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සකසා ඇගයුම්කරු වන ආයතන ප්‍රධානියා වෙත රැගෙන ගියාම ඔහු/ඇය කිව්වේ “ (මගේ නම) අපේ උසස්වීම්වලට ඔය මොනවත් බලපාන්නේ නැහැ. ඔච්චර ඕකට නැහෙන්න එපා. ලේකම්තුමා නිකන් බොරුවට මේවා ලොකුවට ගේන්න කියනවා“ කියලයි. දැන් 63යි, අදත් ඒ ආයතන ප්‍රධානියා හිටපු තනතුරේ යහතින් වැජඹෙනවා. ඉතින් එහෙම රටක මොන කාර්යක්ෂමතාවයක්ද? හැබැයි මෙතන හේතුව දේශපාලනය නම් නොවෙයි...