IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


රටම බලා සිටියදී පරිසර නීතිය කඩන්න ඉඩදිය හැකිද?

යාල කැලේ අයාලේ ගිය ප්‍රභූ පුතුන් සම්බන්ධ නොනිමි සංවාදයක් ඇවිළී යමින් තිබේ. එම අනීතික ක්‍රියාදාමයට එරෙහිව ඇවිළ යන සංවාදයේ වැඩි බරක් යෙදවී තිබෙන්නේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙනි. එක් අතකට පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩියෙන්ම කතා කරන රට බවට අප රට පත්ව තිබෙන සෙයකි. එහෙත් පරිසර විනාශයට සම්බන්ධ ප්‍රවෘත්තිවලින් කිසිදු අඩුවක් නැත. අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්‍රවෘත්තියක් එයට කදිම නිදසුනකි.

අප පුවත්පත වාර්තා කළ එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයකු නකල්ස් වනාන්තරයේ තෙල්ගමුඔය සංවේදී කලාපයේ ඉදිකළැයි කියන සංචාරක හෝටලයට කිසිදු වගකිවයුතු ආයතනයකින් අනුමැතිය ලබාගෙන නැතැයි බලධාරින් ප්‍රකාශ කරන බවය.

‘වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමුද ඒ දුක’ යනුවෙන් කියමනක් වහරෙහි එයි. මෙතැන සිදුවී තිබෙන්නේද එයමය. මධ්‍යම පරිසර අධිකාරිය පිහිටුවා තිබෙන්නේ පරිසරය සංරක්ෂණය කිරීමටයි. එම අධිකාරියේ සර්ව බලධාරියා වන්නේ සභාපතිවරයාය. එම තනතුරට පත්විය යුත්තේ පරිසරය සම්බන්ධයෙන් අධිසංවේදී අයකු විය යුතුය. එමෙන්ම පරිසරය සම්බන්ධයෙන් දියත පතළ පළල් පුළුල් විසල් දැනුමක් ඇත්තකු විය යුතුය. එහෙත් බලධාරින් ප්‍රකාශ කරන්නේ නකල්ස් වනාන්තරයේ තෙල්ගමුඔය සංවේදී කලාපයේ හෝටලයක් ඉදිකර ඇති බවය. එම හෝටලය ඉදි කිරීමට කිසිදු වගකිව යුතු ආයතනයකින් අවසර ලබාගෙන නොමැති බවය. මෙහි ඇති විශේෂත්වය වන්නේ අදාළ චෝදනාව එල්ල වන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපතිවරයකුට වීමය.

අප ප්‍රවෘත්තිය වැඩි දුරටත් සඳහන් කරන්නේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා ලග්ගල ප්‍රාදේශීය සභාවෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් සහ මාතලේ ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලයෙන් අවසර ගත යුතු වුවත් එසේ අවසර නොගෙන මෙම හෝටලය ඉදිකර ඇති බවය. ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රාදේශීය සභාවෙන් අනුමැතියක් ගෙන නොමැති බවය. මාතලේ ගොවිජන සේවා කොමසාරිස් හර්ෂණී කුමාරිහාමි මහත්මිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ මෙම හෝටලයට යන මාර්ගයක් කුඹුරක් මැදින් කපා තිබෙන බවට ගොවීන් කර ඇති පැමිණිල්ලකට අනුව එම මාර්ගය කැපීම දැනට තහනම් කර තිබෙන බවය. මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු මධ්‍යම පළාත් අධ්‍යක්ෂ කෝෂල වැලිකන්නගේ මහතා ප්‍රකාශ කර තිබුණේ මෙම ඉදිකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයෙන් අවසර නොදුන් බවය. මෙම ඉදිකිරීම ගැන පරිසර අමාත්‍යංශයට දැනුම් දීමක් කළ පසු තමාට කුරුණෑගලට මාරුවක් ලැබුණු බවය.

නීතිය නොදැනීම සමාවට කාරණයක් නොවන බව නීති සිද්ධාන්තයකි. එමෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා නීතිය නොදන්නේ යැයි විශ්වාස කළ නොහැකිය. එසේ නම් මෙහි ඇත්තේ බලය නිසා විනා අන් යමක් නොවේ. තමා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති හෙයින් තමාට නීති රීති වලංගු නැති බවත් තමාට සිතෙන ඕනෑම දෙයක් කළ හැකි යැයි ඔහු සිතුවා විය හැකිය. නොදන්නාකම සාඩම්බර පදක්කමක්ව පළඳින මෙබඳු නිලධාරින් ද රට වැටී තිබෙන මෙම අගාධයට වගකිව යුතුය. එහෙයින්ම ‘225ම එපා’ යන සටන් පාඨයට ‘මෙබඳු නිලධාරින්ද එපා’ යන්න ආදේශ විය යුතුය.

අප රටේ සම්පත් අප ජනතාවට හොඳින් කා බී සැපෙන් සතුටෙන් ජීවත්වීමට හොඳටම ප්‍රමාණවත්ය. ලෝකෙට අත නොපා ජීවත්වීමට හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් උප නූපන් දූ දරු පරම්පරාවන්ද ලෝකය හමුවේ ණයකාරයන් බවට පත්කර අප ජනයා නින්දා සහගත අවමානයට ලක් කර තිබෙන්නේ රට තුළ ඇති සම්පත් කාබාසිනියාකාරයන් විසින් විනාශ කර ඇති හෙයිනි.

මධ්‍යම පරිසරය සුරැකීමේ එකමුතුවේ කැඳවුම්කරු එස්. පී. ලියනාරච්චි මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබුණේ මහනුවර මහ නගර සභාවේ සහ රජයේ ඇතැම් දූෂිත නිලධාරින්ගේ සහාය ලබා ගනිමින් ගන්නෝරුව මහවැලි හක්කිඳ දූපත් ආශ්‍රිත අධිආරක්ෂිත පාරිසරික කලාපයේ ඉඩම්වලට බලවත් ව්‍යාපාරිකයන් ව්‍යාජ ඔප්පු සකස් කර ඇති බවය. ඒ බව තහවුරු කිරීම පිණිස අවශ්‍ය ලිපි ලේඛන සියල්ලම තමන් සතුව තිබෙන බව අවධාරණය කර ඇති ඒ මහතා හැකිනම් නෛතික පියවර ගන්නා ලෙස මහනුවර මහ නගර සභාවට සහ අදාළ රාජ්‍ය නිලධාරින්ට අභියෝග කරන බවය.

ඒ මහතා අනාවරණය කළ තවත් කරුණක් වන්නේ හන්තාන හා මහවැලි ගඟ ආශ්‍රිතව විශාල පරිසර හානියක් සිදු කරමින් සිදුකරන අනවසර ඉදිකිරීම් හා ගොඩකිරීම් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය නීතිමය ක්‍රියා මාර්ග ගනු ලැබූ බොහෝ නඩුකරයන් ඉහළ නිලධාරින්ගේ බලපෑම් මත ඉවත් කර ගැනීමේ සූදානමක් තිබෙන බවය.

මේවා කියවන විට මේ රට කවදා ගොඩගත හැකි දැයි ප්‍රශ්නයක් මතුවීම ස්වාභාවිකය. ඇත්තෙන්ම දිගින් දිගටම සිදුවන්නේ මෙබඳු දූෂිත අනීතික ක්‍රියාදාම නම් අනාගත පරපුරට රටක් ඉතුරු නොවනු ඇත.

(***)



අදහස් (0)

රටම බලා සිටියදී පරිසර නීතිය කඩන්න ඉඩදිය හැකිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1333 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 822 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 343 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 742 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 367 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 474 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 412 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 915 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site