IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නැතැයි ලංකාදීප ප්‍රධාන සිරස්තලයකින් පසුගිය දා හෙළි කළේය. වත්මන් විගණකාධිපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පළ කෙරුණු මෙම ප්‍රවෘත්තියේ තවදුරටත් සඳහන් වූයේ, එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම බරපතළ ගැටලුවක් බවත්, විගණකාධිපති දෙපාර්තමේන්තුව ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෑම රාජ්‍ය ආයතනයක්ම බැඳී සිටින බවත්ය.

රාජ්‍ය අංශයේ දූෂණ සහ වංචා සම්බන්ධයෙන් කප් ගැසූ රටක් වන ශ්‍රී ලංකාවේ එවැනි නොසැලකිලිමත් තත්වයක් පැවැතීම කනගාටුවට කරුණකි. විගණන නිලධාරීන් විසින් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ යටි පෙළෙන් කියැවෙන්නේ, බොහොමයක් රාජ්‍ය ආයතන විගණනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවය. මොනම රාජ්‍ය ආයතනයක් වුවත්, විගණන වාර්තා මගින් සිදු කෙරෙන නිර්දේශ සියල්ල එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවට නියමයක් නැත. එහෙත්, එවැනි නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් එලෙස කුණු කූඩයට දැමීමට කිසිදු ඉඩක් හෝ හේතුවක් හෝ තිබිය නොහැක.

කළමනාකරණ සහ පරිපාලනය අතින් මෙරට සියලු රාජ්‍ය ආයතන උපරිම කාර්යක්ෂමතාවක් සහ වගවීමක අවශ්‍යතාව පෙන්වා දී තිබේ නම්, විගණන නිර්දේශවලට ප්‍රමුඛත්වයක් ලබා නොදීම බරපතළ ගැටලුවක් නොවේ. එහෙත්, අපේ බොහොමයක් රාජ්‍ය ආයතන එවැනි ‘චරිත සහතික’ ලැබීමට සුදුසු ආයතන නොවන බව පසුගිය කාල පුරාම වාර්තාවලින් කියැවී තිබේ. එසේ තිබියදීත් කළමනාකරණය නිවැරැදිව හසුරුවා ගැනීම සිදු කෙරෙන නිර්දේශ නොසලකා සිටීම දූෂණ, වංචා සහ අක්‍රමිකතා කිරීමට දොර හැර දීමක් වශයෙන් සැලකිය යුතුය.

රාජ්‍ය ආයතන වංචා සහ දූෂණවලින් තොර වීමට ප්‍රධාන බාධකයක් වශයෙන් පවතින්නේ, දේශපාලන බලපෑම් ද සමග ක්‍රියාත්මක වන වංචනික ක්‍රියා වැළැක්වීමට ශක්තිමත් නීතිමය සහ නියාමන යාන්ත්‍රණයක් නොතිබීම බව ප්‍රකට රහසකි. ඒ සඳහා නීති නැතුවා නොවේ. පසුගිය දිනක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ප්‍රකාශ කර සිටියේ, තම පාලන කාලය තුළදී දූෂණ සහ වංචනික ක්‍රියා මැඩපැවැත්වීමට නීති, අණපනත් විශාල සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවෙන් අනුමත කරගෙන තිබෙන බවය. එහෙත්, එසේ සම්මත කරගත් නීතිවලින් හෝ වැඩක් ගැනීමට නම්, විගණනයට ප්‍රමුඛස්ථානයක් ලබා දීම අත්‍යවශ්‍ය කොන්දේසියකි. විගණන නිර්දේශ ක්‍රියාත්මක කිරීම හිතාමතා ප්‍රමාද කිරීම හෝ අතහැර දැමීම වංචාවට සහ දූෂණයට රුකුල් දීමකි. එවැනි රුකුල් දීම් අධෛර්යවත් කිරීමට අලුතින් සම්මත කරගත් නීති පවා උල්ලංඝනය කර නොගන්නා බවක් ද විගණන නියෝග වතුරේ යාමට ඉඩ හැර තිබීමෙන් සනාථ වෙයි. එසේ නම් නව නීති සම්මත කිරීම ද පලක් නැත.

මෙසේ විගණන නිර්දේශ නොතකා හැරීමෙන් සිදු වූ එක් බරපතළ අක්‍රමිකතාවක් පිළිබඳවද මෙහිදී උදාහරණයක් වශයෙන් පෙන්වා දිය හැකිය. දැනට වසර 6කට පමණ ප්‍රථමයෙන් 2018 වසරේදී එවකට හිටපු විගණකාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපැයුම් ලබා ගැනීම හා බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා ලබාදෙන ලද විගණන නිර්දේශ 47ක් තවමත් ක්‍රියාත්මක කර නැති බව පෙන්වා දිය හැකිය. එයට අදාළ වෛද්‍ය සැපැයුම් අංශය, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ අධිකාරිය පිළිබඳව නිකුත් කර ඇති විශේෂ විගණන වාර්තාවක ඒ බව සඳහන් වී තිබේ. ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය සැපැයීම් අවම මිලකට ගෙන බෙදාහැරීම විධිමත් කිරීම සඳහා වන නිර්දේශ එසේ නොසලකා හැර ඇතැයි ද එහි සඳහන්ය.

එකී නොසලකා හැරීම මේ වන විට රටට කොතරම් දරුණු ප්‍රතිවිපාක අත්කර දී ඇති දැයි විස්තර කළ යුතු නැත. එම ආයතනවලින්ම නිලධාරීන් පිරිසක් පමණක් නොව විෂය භාර අමාත්‍යවරයා ද මේ වන විට සිරමැදිරියේ කූරු ගනිමින් සිටින බවත්, තවමත් ඇතැම් බාල ඖෂධ හේතුවෙන් රෝහල්වලදී රෝගීන් මිය යන බවත් සඳහන් කිරීම පමණක් සෑහේ. විගණන නිර්දේශ වතුරේ යවන නිලධාරීන් සහ ඒවාට ආධාර සහ අනුබල දෙන දේශපාලකයන්  සහ සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව උදේ සවස සිහිපත් කළ යුතු බව පෙන්වා දෙනු කැමැත්තෙමු.

(***)



අදහස් (1)

විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක

SAM Monday, 27 May 2024 06:53 PM

විගණන නිලධාරීන් විසින් දෙනු ලබන නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමේ යටි පෙළෙන් කියැවෙන්නේ, බොහෝමයක් රාජ්‍ය ආයතන විගණනය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන්නේ නම් මොනම රාජ්‍ය ආයතනයක් වුවත්, විගණන වාර්තා මගින් සිදු කෙරෙන නිර්දේශ සියල්ල එලෙසම ක්‍රියාත්මක කළ යුතු බවට නියමයක් නොමැති වුවත් සෑම රාජ්‍ය ආයතනයක් විගණනය කිරීමට යම් කාලසීමාවක් (මාසයක් වැනි කාලයක් තුළ) ලබාදී එසේ සිදුනොවන්නේ නම් එයට අදාල වගකිවයුතු නිලධාරීන් ඉවත් කර විගණනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළහැකි නිලධාරීන් පත්කළ යුතුවේ. රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ නිර්දේශ රජය ආයතන වෙත ලබාදී නිහඬව සිටීමෙන් ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුව ද ක්‍රියාත්මක විය යුතුවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1336 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 822 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 344 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 747 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 476 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site