ජාතික විගණන කාර්යාලයේ නවතම වාර්තාව ඉකුත් දා ප්‍රකාශයට පත්විය. එම වාර්තාවේ කාගෙත් ඇස් ඇරෙන පුවතක් සඳහන්ව තිබේ. එම පුවත නම් නීතිපති දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 30කට අධික හිඟ ආදායමක් (2022 වසරේ දෙසැම්බර් 31 වනවිට) අයකර ගැනීම පැහැර ඇති බවය.
පුවත වාර්තා වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙනි. නීතිපති දෙපාර්තමේන්තුව යනු නීතියට සම්බන්ධ ප්‍රධානම ආයතනයයි. ඒ අනුව පුවත එම දෙපාර්තමේන්තුවට තරම් නොවේ. එමෙන්ම එහි ගෞරවයට, අභිමානයට පෞරුෂයට තරම් නොවේ. එහෙත් ජාතික විගණන කාර්යාලය පවසන්නේ එය එසේ සිදුවී ඇති බවය.
ජාතික විගණන කාර්යාලයේ එම වාර්තාවට අනුව මෙම ආදායම් අයකර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියා මාර්ග නීතිපති දෙපාර්තමේන්තුව ගෙන නැත. මේ අනුව හිඟ ආදායම ලෙස රුපියල් කෝටි 9 කට වැඩි මුදලක් වසර 10කට වැඩි කාලයක් තිස්සේ ද කෝටි 4කට වැඩි මුදලක් වසර 7සිට 9 දක්වා කාලයක් තිස්සේ ද කෝටි 3කට වැඩි මුදලක් වසර 4 සිට 6 දක්වා කාලයක් තිස්සේ ද කෝටි 7කට ආසන්න මුදලක් වසර 1 සිට 3 දක්වා කාලයක් තිස්සේ ද මෙලෙස අය කරගෙන නොති බූ බව එම වාර්තාවේ සඳහන්ය.
ඉහත කාරණාවලට අමතරව නීතිපති දෙපාර්තමේන්තුව, රාජ්‍ය සංස්ථා, මණ්ඩල පළාත් සභා සහ බැංකු යනාදි ආයතන 13කින් 2005 වසරේ සිට 2022 වසර දක්වා අඛණ්ඩව රුපියල් කෝටි 17ක හිඟ ආදායමක් අය කරගෙන නොමැත. මෙම හිඟ මුදල් සම්බන්ධයෙන් අප්‍රමාදව නීති ප්‍රකාරව කටයුතු කරන ලෙසත් නීති මාර්ගයෙන් හෝ හිඟ මුදල් අයකර ගත නොහැකි නම් දීර්ඝ කාලීන හිඟ මුදල් භාණ්ඩාගාරයේ එකඟතාව මත කපා හැරීමට අප්‍රමාදව කටයුතු කරන ලෙසත් විගණන අංශ නිර්දේශ කර ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව යනු රහසින් හෝ පව් නොකළ යුතු හෝ පවු නොකරන ආයතනයක් යැයි අපි විශ්වාස කරමු. එහි සේවය කරන්නෝ ද මිනිස්සු වෙති. එහෙත් එම ආයතනයේ නම නීතිපති දෙපාර්තමේන්තුව වන හෙයින් වැරැදි අඩුවෙන්ම සිදුවිය යුතු ආයතනයක් ලෙස අපි විශ්වාස කරමු. නැතහොත් එහි අත්වැරැද්දකට ඉඩක් තිබිය නොහැක. එහෙත් ජාතික විගණන කාර්යාලය පවසන්නේ රුපියල් කෝටි 30කට අධික හිඟ ආදායම අයකර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් ක්‍රියා මාර්ග ගෙන නොමැති බවය.
මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ හිඟ මුදල් අයකර ගැනීමට ප්‍රමාණවත් ක්‍රියා මාර්ග ගෙන නොමැත්තේ ඇයි ද යන්න කෙරෙහිය. වගකිව යුතු ආයතනයකට විශේෂයෙන්ම නීතිය සම්බන්ධ ප්‍රධානම ආයතනය ලෙස එම ආයතනයෙන් මෙවැනි දෝෂ වාර්තා විය හැකි ද?
ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවෙහි ඉතා වැදගත් කරුණක් සඳහන්ව ඇත. එනම් නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල සඳහා 2022 ජනවාරි සිට මාර්තු දක්වා විදුලි බිල්පත් ගෙවීමේ දී මාසික විදුලි පරිභෝජන වියදමට අමතරව ලක්ෂ ගණනක පොලී මුදලක් ද සහිතව බිල්පත් සඳහා ගෙවීම් කිරීමෙන් රජයට මූල්‍ය අවාසියක් සිදුවී ඇති බවය.
දැන් මතුවන ප්‍රශ්නය වන්නේ මෙම වරදම සිදුකරන පුද්ගලයන්ට. රාජ්‍ය ආයතනවලට නීතිපති දෙපාර්තමේන්තුව නඩු පවරන්නේ කෙසේ ද යන්නය.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
විගණන වාර්තාවෙන් කියැවෙන පණිවිඩය
himal Thursday, 04 January 2024 09:37 AM
අනේ මේ, නීතිපති එකට ඔය සල්ලි එන්න තියෙන්නෙත් රජයේ ආයතන වලින් නම් රජයේ මුදල් එක තැනකින් තව තැනකට ගියා කියලා වෙන වෙනස මොකක්ද? ඕක අය කරාම ඔය තැනට ලැබීමක් වුණාට තව රජයේ තැනකට ගෙවීමක්...!