IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


වැලිගම ආදාහනාගාර හැදුවේ ඔය කියන 51 දෙනාගේ මුදලින්ද?

වැලිගම ප්‍රදේශීය සභාව මගින් වරකපිටිය ප්‍රදේශයේ ඉදිකළ ආදාහනාගාරය සහ අවමංගල්‍ය ශාලාව ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයන්ගේ සහභාගිත්වයෙන් මහත් හරසරින් ජනතා අයිතියට පත් කළ බවත්, එහි සමරු ඵලකයේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ සහ දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරුන් ඇතුළු  ප්‍රදේශයේ දේශපාලනඥයන් පනස් එකකගේ නම් සටහන්ව තිබෙන බවත් අප පුවත්පත ඉකුත්දා වාර්තා කර තිබිණි.

වැලිගම නගර සභාව පුරනැගුම ව්‍යාපෘතිය යටතේ ලක්ෂ හත්සියයක මුදලින් 2014 වසරේ වැලිගම වරකාපිටිය ප්‍රදේශයේ වැඩ ආරම්භ කෙරුණ ‘නිසල අරණ’ ආදාහනාගාරය හා අවමංගල්‍ය ශාලාව මහජනතාවට ඉමහත් ප්‍රයෝජනයක් වන්නකි. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. ගෞරවාන්විත සමුදීමකට ඕනෑම මිනිසෙක් කැමතිය. එහෙත් එම සමරු ඵලකයේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ, මැති ඇමැතිවරුන් ඇතුළුව දේශපාලනඥයන් පනස් එක් දෙනකුගේ නම් සඳහන් කර තිබීම මළවුන්ටත් සිනහා උපදවන්නකි.

නම් ගසා ගැනීම අප රටේ දේශපාලනඥයන් වෛද්‍යවරුන්ගෙන් බේත් ගතයුතු තරමේ මේනියාවකි. එමෙන්ම අත්හැර දැමිය නොහැකි සිරිතකි. ගංවතුරට කොටුවී සිටින මිනිසුන්ට ලබාදෙන කෙසෙල් ගෙඩියෙත්, ප්‍රදානය කරන වැසිකිළි පෝච්චියෙත් නම් කෙටීමට තරමට ඇතැම් දේශපාලනඥයෝ දීන වී සිටිති. වරකපිටිය ආදාහනාගාරයට දේශපාලනඥයන් පනස් එක් දෙනකුගේ නම් සහිත සමරු ඵලකයක් ආවේද ඒ අනුව විය යුතුය.

ප්‍රාදේශීය දේශපාලනඥයන් හැර ජනාධිපතිවරයා, අගමැතිවරයා හා තවත් මැති ඇමැතිවරුන් තමන්ගේ නමද සඳහන් මෙබඳු සමරු ඵලකයක් ඇතැයි නොදැන ඉන්නට ඇතැයි අපි විශ්වාස කරමු. මේවා සැබැවින්ම අනුවණ සහචරයන්ගේ ක්‍රියාවන්ය. එහෙත් සායම යන්නේ  ඉහළ දේශපාලනඥයන්ගේය.
වරකපිටිය ආදාහනාගාරයට හා අවමංගල්‍ය ශාලාවට රුපියල් ලක්ෂ හත්සියයක මුදලක් වැය කෙරී ඇත.

 එම මුදල සමරු ඵලකයේ නම් සඳහන් දේශපාලනඥයන්ගේ නොව බදු ගෙවන මෙරට ජනතාවගේය. එසේ නම්,  නම් සටහන් කොට සමරු ඵලක ඉදිකළ යුත්තේ පොදු මහජනතාවගේ නම් සඳහන් කරමිනි. දේශපාලනඥයන්ට අමතරව වැලිගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාගේ, මන්ත්‍රීවරුන්ගේ නම්, මන්ත්‍රී ස්වාමීන් වහන්සේලා දෙනමගේ නම්ද, දකුණු පළාත් රාජ්‍ය   නිලධාරීන්ගේද දකුණු පළාත් කොමසාරිස්වරයාගේ නමද සටහන්ව ඇතැයි අප පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

මෙම පිරිස ලබාදුන් දායකත්වය කුමක්ද යන්න විමසිය යුතුය. ඔවුන් පෞද්ගලික ධන පරිත්‍යාගයක් කර තිබේද යන්න සොයා බැලිය යුතුය. අපගේ විශ්වාසයට අනුව ඔවුන් එම උත්සවයට යන්න ඇත්තේද මහජන මුදලින් බවය. අප රටේ ක්‍රියාත්මක නින්දිත දේශපාලනය එයය.

මහජන මුදලින් පිම්බීම කිසිදු හිරිකිතයකින් තොරව සිදු කරන දේශපාලනඥයෝ එයටම ගැළපෙන කේවට්ටයෝ පිරිසක්ද හොයා ගනිති. එහෙත් මෙම කේවට්ටයන්ගෙන්, තිබෙන කීර්තියද අහිමි වනවා මිස එය වැඩි දියුණු වන්නේ නැත. රජතුමාගේ සිරුරේ වැසූ මැස්සාට කඩුවෙන් කෙටූ මෝඩ වඳුරා පිළිබඳ කතාව කවුරුත් දනිති. එබඳු කතා කටින් කට පැතිර වන්නේ ආවාට ගියාට නොව තේරුමක් ඇතිවය. රාජ්‍ය  පාලනයට  පිවිසෙන්නන්ට උපදේශ  ගැනීමටය. අප මෙසේ සටහන් කර තබන්නේ එම සමරු ඵලකය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල සැරිසරණ කතන්දර හෙයිනි. මෙම සිදුවීමෙන් ජනාධිපතිවරයාටත්, අගමැතිවරයාටත් ජාතික දේශපාලනයේ යෙදෙන දේශපාලනඥයන්ටත් බලවත් නිගරුවක් වී තිබෙන බව පැහැදිලිය. මේවා මැකිය නොහැකි තරමේ කළු පැල්ලම්ය.

‘වළක වැටීම මොළයට ලාභයක්’ බවට කියමනකි. ඉකුත් සමයේ කෙළවරක් නැතිව වළවල්වලට වැටුණු පිරිස්වල මොළයට ලාභයක් වී නැති බව බොහෝ සිදුවීම්වලින් යළි යළිත් ඔප්පු කරමින් තිබේ. මෙම පිරිස් රෑ වැටුණු වළේ මහ දවාලෙත් වැටෙති. විනාශයකින් මෙපිට පාඩම් ඉගෙන නොගැනීම අපගේ දේශපාලනයේ ආවේණික ලක්ෂණයකි. ප්‍රශ්නය වන්නේ මෙයින් දරුණුම බලපෑම එල්ල වන්නේ රටේ අනාගතයට වීමය. 21 වැනි සියවසේ ජීවත් වුවද මෙම පිරිස් ජීවත් වන්නේ ගල් යුගයේය. වරකපිටිය සමරු ඵලකයෙන් පොළා පනින්නේ මෙරට දේශපාලනයේ අතිශයින්ම  දිළිඳු ආධ්‍යාත්මය වේ.

අප යමක් කරනවිට එය අනෙකා කෙසේ තේරුම් ගනු ඇද්දැයි සිතා බැලීම නුවණැති මිනිසාගේ ක්‍රියාවය. අනෙකා තමන්ට  හිනා වෙන්නේ නම්  එය නොකර හිටීමට නුවණැති මිනිසා  කටයුතු කරයි. මෙම නුවණ දේශපාලනඥයන්ට  අතිශයින්ම වැදගත්ය. එහෙත් නැත්තේද  එයම බව ඔප්පු වී තිබෙන්නේ වරක් දෙවරක් නොවන බව අවධාරණය කළ යුතුය.

(***)

 



අදහස් (3)

වැලිගම ආදාහනාගාර හැදුවේ ඔය කියන 51 දෙනාගේ මුදලින්ද?

Raveendra Saturday, 25 September 2021 10:28 AM

මෙය නැවත විමසිය යුතු දෙයක්ද? සත්ගුණවත් දේශමාමක, දේශ හිතෛෂී අපි 51 දෙනාගේ මුදල්වලින් තමයි හැදුවේ.. ඔහේලාට අප රටේ මහජනතාව වෙනුවෙන් වියදම් කරන්න මුදල් නැතිවුණාට අපිට අපේ මුදල් ඕනෑතරම් තියෙනවා.. අනිත් වැදගත්ම දෙය නම් අපි 51 දෙනාගේ පුද්ගලික මුදලින් සෑදු මෙය ආසියාවේ ලොකුම ආදාහනාගාරය. අපි 51 දෙනා අපේ සල්ලිවලින් මෙය සෑදු නිසා තමයි "අපේ නම්ගම්", පතරංග ජාතක අකුරුවලින් ඒ බෝඩ් ලෑල්ලේ ලියලා තියෙන්නේ. අපි 51 දෙනා ඔය එක එකාගේ මුදල්වලින් අපේ නම්ගම් ලියාගන්න තරම් "නිවට තුප්පහි හිඟන" මිනිස්සු නොවෙයි තේරුණාද...?

:       0       10

සමරේSunday, 26 September 2021 05:35 PM

හිනා ගොඩයි කිව්වලු. ඔය වැඩේට අහක ඉඳලා නම වැටුණු කට්ටිය නෙවෙයි, ඉල්ලලා අත් දෙක උස්සලා නම් දාගත්ත කට්ටියටම ඕක ප්‍රායෝගික විදිහට විවෘත කරන්න පුළුවන් නම් තමයි හොඳම දෙය...

:       0       3

sisira Saturday, 25 September 2021 08:05 PM

විදේශ රටවලින් ණයට ගෙන සාදන නිසා දේශපාලකයන් නම් පාලකයේ සදහන් කරනවා වන්නට ඇත. නමුත් දවසක් ණය ගෙවීමට සිදුවන්නේ රටේ ජනතාවට වේ

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 694 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18433 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site