ඉකුත් පෙබරවාරි මාසයේදී විදෙස් සංචාරකයන් ලක්ෂ දෙකහමාරක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන බව අප ප්‍රවෘත්තියකින් අනාවරණය කෙරිණි. එසේ පැමිණි සංචාරකයන් ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පැමිණි සංචාරකයන් හා සසඳන විට සියයට හතකින් වර්ධනය වීමක් බව ද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
පසුගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදායින් ඇරැඹුණු දේශපාලන අර්බුදය තෙමසක් දක්වා ඇදී ගියේය. එම දේශපාලන අර්බුදය මෙරට සංචාරක ව්‍යාපාරයට තදින්ම බලපෑ බව එකල පළවූ පුවත් සාක්ෂි දරයි. බොහෝ සංචාරකයන් කලින් වෙන්කර ගත් හෝටල් කාමර අවලංගු කළ බවත්, එය තමන්ගේ ව්‍යාපාර කටයුතුවලට තදින්ම බලපා ඇති බවත් හෝටල් හිමියෝ මාධ්‍යයට කීහ. දේශපාලන අර්බුදයක් වැනි අස්ථාවර තත්ත්වයක් තිබියදී එබඳු තත්ත්වයක් බලාපොරොත්තු විය යුතුය. එම පරිසරය තුළ ඉකුත් පෙබරවාරියේදී සංචාරකයන්ගේ පැමිණීම වාර්තාගත අයුරින් ඉහළ යෑම සුබදායී ප්‍රවෘත්තියකි.
මෙරටට විදේශ විනිමය යහතින් උපයා ගත හැකි ක්ෂේත්‍ර අතර සංචාරක ව්‍යාපාරය ඉහළින්ම වේ. නයන පිනවන මේ රන් දිවයින නොරටුන්ගේ ඇස් සනසන පින් බිමකි. සම කාලගුණයක් සහිත රට සොබා දහමේ අපූර්ව දායාදයන්ගෙන් ද පොහොසත්ය. ගිනි කඳු නැති භූමි කම්පා නැති මේ පින්බිම සංචාරක ආකර්ෂණයට තෝතැන්නකි. එහෙත් තිස් වසරක් කල් ඉක්ම වූ යුද්ධය නිසා ඒ සංචාරක ව්‍යාපාරය අවශ්‍ය ප්‍රගතිය අත්පත් කර නොගත්තේය.
ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට ජාත්‍යන්තරයෙන් පිදුම් ලැබුවේ ඊයේ පෙරේදාය. ඒ ආරංචිය ලොව පුරා පැතිර ගිය බවට සැකයක් නැත. සංචාරකයන්ගේ ආකර්ෂණයට එම පුවත බඳුන් වූ බවට සැකයක් නැත. සංචාරකයන්ගේ පැමිණීම වාර්තා ගත ආකාරයෙන් ඉහළ යෑමට එය ද එක් හේතුවක් වන්නට ඇත. ඒ අතරම තිස් අවුරුදු යුද්ධයේ නිමාවත්, ඊට විශාල වශයෙන් හේතු විය. යුද සමයේ කිසිවකුට උතුරට හෝ නැගෙනහිරට හෝ නිදහසේ යා හැකි තත්ත්වයක් නොවීය. එහෙත් එය අද දක්නට නැත.
අවශ්‍ය වන්නේ මෙම තත්ත්වය තව තවත් වර්ධනය කර ගැනීමය. ඒ සඳහා ඉතිහාසය විසින් අනගිතම අවස්ථාවක්ද නිර්මාණය කර දී ඇත. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම බලධාරීන්ගේත් ප්‍රජාවගේත් වගකීමකි.
අවධාරණය කළ යුතු කාරණයක්ද තිබේ. මේ රට ලොව පුරා ප්‍රචලිතව තිබෙන්නේ ආගන්තුක සත්කාරයෙන් අනූන යහපත් හා නිහතමානී මිනිසුන් සිටින රටක් ලෙසය. සිනාසෙන මිනිසුන් සිටින රටක් ලෙසය. මෙය ඉතා යහපත් පිළිගැනීමකි. එහෙත් මෙම පිළිගැනීමම තරම් නොවන අයහපත් හා අධම ක්‍රියා ද වාර්තා වේ.
ඇණවුම් කරන ලද වාහනය පැමිණෙනතුරු හිමිදිරියේ මහ මඟ රැඳී සිටි යුක්රේන ජාතික තරුණියක රවටා සිය රථයට නංවාගෙන අතරමඟදී දූෂණය කළ පාපතර ශ්‍රී ලාංකිකයකු පිළිබඳ වාර්තා වූයේ මෙයට දෙතුන් සතියකට ඉහතදීය. නිවාඩුවට විවේකීව ගත කිරීමට පෙම්වතා සමඟ පැමිණි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක දූෂණය කර පෙම්වතා මරා දැමූ දේශපාලන අධමයකු හා ගෝලබාලයන් මේ රටට කළ කැළල අතිමහත්ය. සූ සැට බරණින් සැරසුණු තරුණියකට දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා තනිවම ගමන් කළ හැකි තරමේ යහපත් සුහදශීලී හා මිත්‍රශීලී පරිසරයක් සම්බන්ධව දුරාතීතයේ සිටම විශ්වාසයක් වේ. එහෙත් අධම පාපතර සුළුතරයක් නිසා එම තත්ත්වය කෙමෙන් දිය වී යන බවක් දක්නට ලැබේ.
මුහුදු වෙරළේදී විවිධ ලිංගික අතවර හා අඩන්තේට්ටම්වලට ලක්වීමට විදේශිකයන්ට සිදුවන බවට පුවත් බොෙහා්ය. ඔවුන්ගේ ගුවන් මලු හා මුදල් පැහැර ගැනීම් හා සොරකම් කිරීම් සම්බන්ධ පුවත් ද එසේමය. එමෙන්ම කිලෝමීටරයක දුර ගොස් ගමන් ගාස්තුව වශයෙන් හත් අට ගුණයක් වැඩියෙන් අය කරන වංචාකාරී රියැදුරෝ ද තැඹිලි ගෙඩියකට අස්ප ගණන් කියා ඔවුන් නිර්දය ලෙස සූරා කන වෙළෙන්දෝ ද සිටිති. ප්‍රමිතියෙන් තොර පහසුකම් සපයා ඔවුන්ගේ ඉණ ඉහ අත ගා ගන්නා වංචාකාර හෝටල් හිමියෝ ද සිටිති.
මෙබඳු බාල වැඩ පවතින්නේ නම් මෙරට සංචාරක ව්‍යාපාරයට අපේක්ෂිත ප්‍රගතිය අත්පත් කර ගත නොහැකිය. එහෙයින් සංචාරක ව්‍යාපාරයට සමගාමීව ඒ සම්බන්ධයෙන් ද දියුණු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය.
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංචාරක ව්‍යාපාරය නංවන්න කළයුතු සියලු අංශ ගැන සිතමු
sunil perera Saturday, 16 March 2019 09:14 PM
සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ගතයුතු පියවර, ගුවන්තොටුපලේදී සංචාරය පිළිබද පුළුල් දැනුවත්වීමේ මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් හදුන්වාදීම. ප්‍රවාහන පද්ධතිය තුල එකම නිල ඇදුම් වර්ගයක් සහ ලාංඡනයක් සහිත පුහුණු උගත් විදේශීය භාෂා කිහිපයක් උගත් පිරිසක් ඉදිරිපත් කලයුතුයි. විදේශිකයන්ට ආහාර ගතහැකි ප්‍රමිතියෙන් යුතු විශේෂ ලාංඡනයක් යටතේ අලෙවි වන ආහාර අත්වැසුම් අනිවාර්යෙන්ම පැලද සිටින සල් සංචාරකයන් වෙනුවෙන් ආරම්භ කිරීම. සංචාරකයන් රවටන හිසා පීඩා සිදුකරන්නන්ට නීති මගින් උපරිම දඩුවම් දීම. සංචාරක ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු පියවර දීම. උදා දුම්රිය මැදිරි පාපුරුවේ යමින් වීඩියෝ කිරීම... ඇල්ල ප්‍රදේශයේ අනතුරු සහිත කදු තරණය... ලෝකාන්තයේ අවදානම් ප්‍රදේශ නෙට් යොදා ආවරණය කිරීම මේ සදහා වෙනම ලිපියක් ඉදිරිපත් කිරීමට තරම් කරුණු තිබේ.. සංචාරක මණ්ඩලයේ ඉදිරිපත්විම මෙහිදී අවධාරණය කරමි.
chandima Sunday, 17 March 2019 03:30 PM
1. පවුල් පිටින් සංචාරය කරන සංචාරකයන්ගේ එක පව්ලක දල වශයෙන් 5 දෙනෙක් පමණවත් සිටිති. එවැනි සංචාරකයින් සඳහා කාර් රථයක් ප්‍රමාණවත් නොවේ. ඔවුන්ට රටේ සංචාරය කිරීමට සිදුව ඇත්තේ ආසන සවිකළ භාණ්ඩ ප්‍රවාහනයට නිපදවූ වන රථ වලයි. එ් නිසා ආසන 5 - 10 ඛණ්ඩය වාහන අධි සුඛෝපභෝගී වාහන ලෙස නොසලකා සාමාන්‍ය වාහන ලෙස ආනයනයට අවසර දෙන්න. 2. ඉහළ පෙලේ සංචාරකයින් විවුර්ත ස්ථානයක අාහාර ගන්නවට වඩා වායු සමනය කළ ස්ථානයක අාහාර ගැනීමට කැමති නිසා විශාල ප්‍රමාණයේ වායු සමන යන්ත්‍රවල මිල සහනයක් ලබා දෙන්න. 3. කැඩුණු භාෂාවෙන් කතා කරන මාර්ගෝපදේශකයන් සහ හෝටල් සේවකයින් වෙනුවට භාෂා උගත් දැනුවත් පිරිසක් බිහිකිරීමට විදේශ වැඩියෙන් සංචාරකයින් පැමිණෙන රටවල භාෂා පුහුණු කිරීමට පාඨමාලා ඇතිකරන්න. ඇමෙරිකාවේ මෙන් පාසල් සිසුන්ට දෙවන භාෂාවක් අනිවාර්ය කරන්න.
[email protected] Tuesday, 19 March 2019 01:21 AM
ඉස්සෙල්ලම යන්න පුළුවන් වැසිකිලි හදන්න සංචාරකයන් යන තැන්වල. බොන්න වතුර නැහැ. සංචාරකයන්ට තියා ටිය අපිටවත් යන්න බැහැ මේවට. හැමෝටම එකම ටිකට් මුදල් කරන්න. ඔය තැන් වල වැඩ කරන අයට හිනහ වෙලා කතා කරන හැටි උගන්නන්න. අපේ ගුවන් තොටුපල දැක්කම බද දඟලනවා. වායුසමීකරණවත් හරියට නැහැ. පුටු වල කුෂන් කැඩිලා. වැසිකිලි වල ගං වතුර දාල වගේ.
Perakum Tuesday, 19 March 2019 03:45 AM
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න ආයතන කොච්චර තිබුනත් අහන්න කෙනෙක් නැත්නම් ඇයි අපි මේවා ලියල කාලේ නාස්ති කරන්නේ...?
Kumar Wednesday, 20 March 2019 05:13 AM
මුලින්ම ලංකාවේ සංචාරය කරන අතරේ වැඩි මුදලක් වියදම් කරන්නේ බටහිර, යූරෝ, ඇමරිකන් සංචාරකයන් ගෙන්න ගන්න විදිහක් ඇතිකළ යුතුයි. ඒ සඳහා යටිතල පහසුකම් ඇති කරන්න. ඒ වගේම ඉන්දියන්, පාකිස්තාන, ඇෆ්ගනිස්ථාන, අප්‍රිකානු රටවලින් සංචාරක වීසාවලින් ලංකාවට පැමිණෙන ජාවාරම් කර්වන් සීමා කළයුතුයි. මොවුන් ලංකාවට පැමිණෙන්නේ ලංකාවෙන් මොන විදිහකින් හරි සල්ලි හම්බකර ගැනීමේ අදහසින්. ඒ වගේම ලෝකයේ එච්.අයි.වී. වැඩියෙන්ම තියෙන්නේ අප්‍රිකානු අයටයි. මේ නිසා ලංකාවේ සමාජ රෝග වැඩිවන අතර ආණ්ඩුවට ටුවරිස්ට්ලාගෙන් හම්බවෙන මුදල්වලට වඩා බෙහෙත්, මිනිස් ජීවිතවලට වියදම් කරන්න වෙයි.
kujitha Wednesday, 20 March 2019 09:35 AM
ඉහත සියලු අදහස් හරි. ප්‍රශ්නය තියෙන්නේ බීරි අලියන්ට මේවා ඇහෙන්නේ නැති එකයි. උගතුන් එළියේ ඉන්දෙද්දී මෝඩ, තකතීරු පාලකයෝ අපේ කරුමෙට මේ රට කනකොට හරිම දුකක් දැනෙනවා. මම අවුරුදු 5ක් තිස්සේ සාමාන්‍ය සංචාරක හෝටල් එකක් හදන්න තටමන කෙනෙක්. නමුත් තාම ඉවර කරගන්න නොහැකි වුණා. දහසකුත් එකක් නීති සහ කොන්දේසි, විවිධ රාජ්‍ය ආයතන වලින්... නමුත් එම කාලසීමාවේ දේශපාලක අනුහස් සහිත හොටල් දුසිම් ගාණක් එම පළාතේම හදලා විවෘත කරලා අවසන්... මොකක්ද මේකේ යතාර්ථය?