IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


සංචරණ තහනම දික්කිරීම කාලෝචිතයි


මෙම සටහන තබන මොහොත වනවිට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ පන් දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ. දිනකට හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙදහස සහ තුන් දහස අතර වේ. ඇතැම් දිනෙක එම සංඛ්‍යාව තුන් දහසද ඉක්මවා ගියේය. කොරෝනා ආසාදිතව දිනකට මිය යන සංඛ්‍යාව තැතිගැන්ම ඇති කරන්නකි. මෙම තත්ත්වය බැරෑරුම්ව සැලකිල්ලට ගත යුත්තකි.

මෙම සටහන තබන මොහොත වනවිටත් මුළු රට පුරාම සංචරණ සීමා පනවා තිබේ. එම සංචරණ සීමා 31 වැනිදාට ලිහිල් කරන බවට මුලින් නිවේදනය කළද මෙම සටහන තබන මොහොත වනවිට වාර්තා වූයේ සංචරණ සීමාව ජුනි 7 වැනිදා දක්වා කිසිදු ලිහිලකින් තොරව පවත්වාගෙන යන බවය. මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ සංචරණ සීමා දින 14ක කාලයක් අඛණ්ඩව පැවැත්වුවහොත් පමණක් කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය යම් පමණකට පාලනය කර ගත හැකි බවය.

රටකට අදාළව ගත යුතුවන්නේ දේශපාලන තීන්දු වේ. එහෙත් මහා පරිමාණ ලෝක වසංගතයක් ඉදිරිපිට දී අප ගත යුතු වන්නේ දේශපාලන තීන්දු නොව සෞඛ්‍ය තීරණය. සෞඛ්‍ය විශේෂඥයන් දෙනු ලබන නිර්ණායකවලට අදාලව තීන්දු තීරණ ගත යුතුය. සෞඛ්‍ය විශේෂඥයන් දිගින් දිගටම කියා සිටියේ වහාම රට ‘‘ලොක් ඩවුන්’’ කරන ලෙසය. රජය එය ක්‍රියාත්මක කළේය. සෞඛ්‍ය විශේෂඥයන්ගේ මෙවර නිර්දේශය සංචරණ සීමා ලිහිල් නොකරණ ලෙසය. රජය ඒ අනුව යමින් ක්‍රියා කරන බව පෙනේ.

සංචරණ සීමා පැනවීම ආදිය නිසා ජනතාවට සිදුවන අපහසුතා කෝටියකි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ සපයා ගැනීම් ආදියට බාධා පැමිණිම ජන ජීවිතය කරකවා අත හැරීමකි. නිවෙසේ වතුර මෝටරය කැඩුණු විට එය අලුත් වැඩියා කර ගැනීමට කාර්මික ශිල්පියකු කැඳවීමට නොහැකි වූ විට එම නිවැසියන් මුහුණ දෙන බියකරු අත්දැකීම වටහා ගැනීමට අමුතු නුවණක් අවැසි නොවේ. එහෙත් එවැනි අවස්ථාවලදී කාර්මික ශිල්පීන් ගෙන්වා ගැනීමට හැකි බව රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් කියැවෙයි. ඒ එසේ වුවද මෙවැනි ලිහිල් කිරීම් අවභාවිත නොකිරීමට ජනතාව වග බලාගත යුතුය. රාජ්‍ය නිලධාරීන්ද ඇතැම් විට දරදඬු ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ සමාජයේ වගකීම් විරහිත පුද්ගලයන්ගේ හැසිරීම් නිසාය.

සිය වසකට පමණ පසුව පැමිණි ලෝක පරිමාණ මහා වසංගතය ඉදිරිපිට අපට අපගේ හුරුපුදුරු ජීවන රටාව අහිමි වූ බව පළමුව තේරුම් ගත යුතුය. එමෙන්ම එම පැරැණි ජීවිතය අපට යළි කවදා හමුවේද යන්න අනුමාන හැකියාවෙන් එපිට පිහිටියකි.

කෙසේ වෙතත් වසංගතයේ ගැඹුර හඳුනා ගනිමින් කටයුතු කිරීම සියල්ලන්ම සතු අනුල්ලංඝනීය වගකීමකි.

සංචරණ සීමා පැනවීමෙන් අපේක්‍ෂා කරනුයේ ජනතාවගේ අනවශ්‍ය ගමන් බිමන් නතර කිරීමය. රංචු ගැසීම් නතර කිරීමය. ඇති තැන ඇති ආකාරයෙන් හඳුනා ගන්නා සබුද්ධික ජනයා එයට ගැළපෙන පරිදි තම ජීවන රටා සකස් කර ගනිති. එසේ නොවන වගකීම් විරහිත තක්කඩියෝද සිටිති. ඔවුන්ගේ අශිෂ්ට හැසිරීම් නිසා මුළු රටම බරපතළ අනතුරකට ලක්වේ. සියලු සීමා කිරීම් ඒ වෙනුවෙනි. සංචරණ සීමා පැනවීම යනු තීන්දුවකි. එම තීරණය ගැනීම අපහසු නැත. එහෙත් බැරෑරුම් වන්නේ ‘වහපු රට’ පවත්වාගෙන යාමය. කොරෝනා පළමු රැල්ලේදී මුළු රටම මාසයකට වඩා වැඩි කාලයක් වසා දැමුණි. එහෙත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගමට රැගෙන යාමේ යාන්ත්‍රණයක් ඒ සමයේදී හොඳින් ක්‍රියාත්මක විය. තෝරාගත් දිළිඳු පවුල්වලට රුපියල් පන්දහසක්ද දුන්නේය. බැංකුවල ජංගම ඒ.ටී.එම්. යන්ත්‍ර ගමට ආවේය.

එහෙයින් අලුත් ජීවිතය වැඩි අපහසුතාවකින් තොරව ගත කිරීමේ හැකියාව ලැබිණි.
ගමට බඩු ගෙනයාමේ යාන්ත්‍රණය මෙවර ක්‍රියාත්මක වූයේ නැත. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ දැනට පවත්නා සංචරණ සීමා ජුනි මස 7 දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන බවය. මෙම වසංගතය සම්බන්ධයෙන් අනාවැකි පළ කළ නොහැකි හෙයින් 7 වැනිදායින් පසු තත්ත්වය කුමක් වේදැයි කිව නොහැකිය.

ඉහත පරිසරය තුළ ජන ජීවිතයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ගමට ගෙන යාමේ පළමු රැල්ලේ පැවැති යන්ත්‍රණය යළිත් පණ ගැන්විය යුතුය. එය එසේ වුවහොත් සංචරණ සීමා පැනවීමෙන් සෞඛ්‍ය අංශ අපේක්‍ෂා කරන ප්‍රතිඵලය ලබා ගත හැකි වනු ඇත. එසේ නොවුණහොත් හැමදාමත් රට වසාගෙන සිටීමට සිදුවනු ඇත.

(***)



අදහස් (3)

සංචරණ තහනම දික්කිරීම කාලෝචිතයි

නිවර්තනා Saturday, 29 May 2021 09:11 AM

වසංගතය අසීරුය... එය සාමාන්‍ය ජීවන රටාව එහෙන් පිටින්ම අවුල් කර තිබේ... නමුත් වසංගතය පාලනය කරන අතරතුර පැන නැගෙන ප්‍රශ්න හමුවේ රටේ මෙහෙයුම් පද්ධතිය සංවිධානාත්මකව කාලෝචිත අයුරින් වෙනස් කර ගත යුතුමය... ඊට හුරු වන්නට කලක් ගතවේ.. නමුත් වසංගතයක් ඉදිරියේ අප සිටින බව අමතක නොකළ යුතුමයි.

:       0       19

pakeer Tuesday, 01 June 2021 06:07 PM

මේ සංචරණ සීමා නමට පමනි

:       0       2

chris Thursday, 03 June 2021 05:43 AM

ආර්ථික කටයුතු පවත්වාගෙන යා යුතු තහවුරු කිරීම ආණ්ඩුවේ මතය වී තිබේ. කොරෝනා වසංගතය පාලනයට නම් දින 14ක් ලොක්ඩවුන් සීමා පැනවිය යුතු යැයි වෛද්‍ය මතය වී තිබේ. මෙම මත සෘජුවම එකිනෙකට පරස්පරය. සම්පූර්ණ ලොක් ඩවුන් කිරීමකට යෑමෙන් ආර්ථිකයට අහිතකර බලපෑම් එල්ල වන බවත් දුප්පත් ජනතාවට දරුණු දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන බවටත් ආණ්ඩුවේ ආර්ථික උපදේශකයන් පෙන්වා‌ දී ඇත.

:       0       2

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 694 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 222 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 601 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 318 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 415 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 173 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 17770 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 88 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 275 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site