IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සාදයෙන් දුම්රිය පමාකළේ රටේ සංවර්ධනය කියාපෑමටද?


චීන වරායේ සිට සීදුවේ ප්‍රීමා පිටි කම්හල  දක්වා  දුම්රියෙන් පිටි ගෙන ඒමේ වැඩපිළිවෙළෙහි නියාමන ගමන් වාරය ඇරැඹුණු ඉකුත් 12 වැනිදා කොළඹට පැමිණීමට  පිටත්වූ පිටි රැගත් දුම්රිය රියදුරකු නැතිකමින් පැය තුනක් තිස්සේ මහව දුම්රිය ස්ථානයේ නවතා තිබූ බව සඳහන් පුවතක් අප පුවත්පත වාර්තා කළේය. අදාළ දුම්රිය රියැදුරා සාදයකට සහභාගිවීමට ගොස් සිටි නිසා මෙම ප්‍රමාදය සිදුවී ඇති බවද අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් දැක්වේ.

මහින්ද  රාජපක්ෂ පාලන සමයේ සිට රජයේ තේමා පාඨය වූයේ ‘ආසියාවේ ආශ්චර්ය’ යන්නය. ඉන්පසු පැමිණි යහපාලන රජයේ තේමා පාඨය වූයේ ‘මාස හැටෙන් අලුත් රටක්’ යන්නය. ගෝඨාභය රාජපක්ෂ පාලනය  ඉදිරිපත් කරනු ලැබුවේ ‘සෞභාග්‍යයේ ඉදිරි දැක්ම’ යන්නය. මෙම තේමා පාඨ, මෙම  මුද්‍රිත අකුරු  ජීවමාන යථාර්ථයක් බවට පත් වූයේ නම් මේ රට තව්තිසා දෙව් ලොවද අභිබවා යන තරම්ය. එහෙත් රට  පත්ව ඇති තැන කොතැනදැයි සබුද්ධික ජනයාට තේරුම් ගැනීමට අසීරු නැත.

ගෙදර ඇති මුව හමට තඩි බාන්නා සේ කොයි දේටත් පවතින ආණ්ඩුවටත්, පැවැති ආණ්ඩුවලටත් චෝදනා කෙවිටෙන් තැලීම සාමාන්‍ය සිරිතක් බවට පත්ව ඇත. නිදහසින් හැත්තෑ තුන් වසරකින් පසු අත්පත් කරගෙන ඇති ප්‍රගතිය මේකදැයි ඔලොක්කුවට මෙන් අසති. රට ඉල්ලු ජයග්‍රහණ ලබාදීමට නොහැකිවූ නායක කාරකාදීන් දඬුකදේ ගැසිය යුතුය. ඒ සම්බන්ධයෙන් කිසිදු තර්කයක් නැත. එහෙත් සාදයකට සහභාගිවීම නිසා දුම්රියක් පැය තුනක් ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් දුම්රිය රියැදුරාගේ හෘද සාක්ෂිය විමසීමට අමතක නොකළ යුතුය. මන්දයත් මෙම සිදුවීමෙන් මෙරට රාජ්‍ය සේවයේ ඇති දූෂිත බවත් කාර්යක්ෂම බවත් මනාව අනාවරණය හෙයිනි.

චීන වරායේ සිට සීදුව ප්‍රීමා පිටි කම්හල වෙත පිටි ප්‍රවාහනය කිරීමේ නියමු ව්‍යාපෘතිය දුම්රිය නියාමන සංගමය විසින් මුලදී ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් අදාළ සමාගම  සමඟ කළ සාකච්ඡාවකින් පසුව එම සංගමය එම නියාමන  ව්‍යාපෘතියට කැමැත්ත පළකර ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන් විය. එලෙස කැමැත්ත පළ කිරීමෙන් පසුව පසුගිය 11 වැනිදා දුම්රිය නියාමන සංගමයේ පිරිසක් සහ දුම්රිය  රියදුරන් පිරිසක් ත්‍රිකුණාමලය නිලාවැලි හෝටලයේ දී රාත්‍රී සාදයකට සහභාගි වී ඇති බව අප ප්‍රවෘත්තියේ සඳහන් ය.

සාදය, ‘සන්තෝසමක්’ යැයි අනුමාන කළ හැකිය. එය වෙනමම විභාග කළ යුත්තකි. මෙම සිදුවීමෙන් හැත්තෑව දශකයේ විසූ සෝපාහාස විශේෂඥයකු වූ සිසිර කුමාර මානික්කආරච්චි ලියූ කවියක් සිහියට නැගේ. එම කවිය මෙසේය.

‘‘ගනින් බෝතලේ- යමං මාතලේ
යකාට ගියදෙන්-ටයිම් ටේබලේ’’

මෙම දුම්රිය රියැදුරාගෙන්ද  ප්‍රකාශයට පත් වූයේ මෙම තත්ත්වයම යැයි යන්න සැක කළ හැකිය. දුම්රිය නිලධාරීන් හා සේවකයන් මෙම සාදයට සහභාගිවීමට ගොස් තිබෙන්නේද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අයත් රථයකින් හා කැබ් රථයකින් බවද කියැවේ. මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින්ගේ අවධානය යොමුවී ඇති බවද සඳහන්ය.

රජයේ රෝහලේ සේවය කළ යුතු කාල සීමාව තුළ පෞද්ගලික බෙහෙත් ශාලාවල  චැනල් සේවයේ යෙදෙන වෛද්‍යවරුන් පිළිබඳව මෙන්ම පැමිණීමේ ලේඛනයෙහි අත්සන යොදා පාසලේ ඉගැන්වීම් කටයුතු නොකර ටියුෂන් පංතිවල උගන්වන ගුරුවරුන් පිළිබඳවද වරින් වර වාර්තා විය.  ඇතැම් දෙපාර්තමේන්තුවල සේවකයන් අමතනු ලබන්නේ ‘‘ආවෝ ගියෝ’’ යනුවෙනි. එනම් සේවයට  වාර්තා කළ සැණින් ඔවුහු තම තමන්ගේ වෙනත් කටයුතුවලට පිටව යති.  සිරකරුවන් තමන්ගේ පෞද්ගලික කටයුතු සඳහා යොදාගත් බන්ධනාගාර ලොක්කන් පිළිබඳව  මෙන්ම එම වරදම කළ හමුදා හා පොලිස් ලොක්කන්  පිළිබඳවද වාර්තා විය. උගත් නූගත් බේදයකින් තොරව මෙන්ම රැකියාවේ  උස් - පහත් බේදයෙන් තොරවද මෙම වරද ප්‍රදර්ශනය වෙමින් තිබේ.

‘‘රාජකාරිය දේවකාරිය’’ ලෙස ඇදහූ ඉතිහාසයක් අප සතුය. ඔවුහු පළමු තැන රාජකාරියට  ලබා දුන්හ. එහෙයින් රාජ්‍ය සේවය පුන් සඳක් සේ බැබලිණි. රාජ්‍ය සේවකයා සමාජයේ ඉතා වගකිව යුතු මෙන්ම ගෞරව බහුමානයට පත්වන්නකු බවට පත්විය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම රාජ්‍ය සේවය දුර්වර්ණ වී තිබේ. එය අකාර්යක්ෂමතාව පල්මඩ වගුරක් බවට පත්ව තිබේ. රාජ්‍ය ආයතනවලට කඩාපැන ජනාධිපතිවරයාටම ඇතැම්  රාජ්‍ය ආයතනවල කටයුතු සොයා බැලීමට සිදුව තිබෙන්නේ එහෙයිනි.

මෙවැනි පරිහානියක් කරා රාජ්‍ය සේවය ඇද වැටුණේ කෙසේද යන්න ගැඹුරු විමර්ශනයක් කර පිළියම් යෙදිය යුතුය. එසේ නොවුණහොත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල අන්තර්ගත  සංකල්ප ජීවමාන යථාර්ථයක් බවට පත් නොවනු ඇත. එසේ වුවහොත් සිදුවන්නේ සම්මාන සහිතව ‘පාස්’ වීමට නොව අවමාන සහිතව ‘ෆේල්’ වීමටය.


(***)

 



අදහස් (5)

සාදයෙන් දුම්රිය පමාකළේ රටේ සංවර්ධනය කියාපෑමටද?

sachith Thursday, 18 February 2021 07:41 AM

හැමදාම උදේ සවස දුවන කෝච්චිවල රියදුරෝ ඇයි කෝච්චි හිතාමතා ප්‍රමාද කරන්නේ කියලා හරියට හොයලා බැලුවොත් ඔය කියන සන්තෝෂම් සාදයට වැඩිය ගොඩක් ලොකු දේවල් හෙළිවෙයි.

:       0       12

sharm warn Thursday, 18 February 2021 07:53 AM

අනුමානයක් නැහැ. කවුරු හරි පොහොට්ටු ඇමතියෙක්, මන්ත්‍රියෙක්ගේ ලියුමකින් ආව දුම්රිය රියදුරෙක් වෙන්න ඇති. කාලයක් දුම්රිය ගමන් කළ කෙනෙක් හැටියට. මටත් කියන්න හිතෙන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කළා නම් ලාබ පිට ලාබ ලබන ඉතාම කාර්යක්ෂම ආයතනයක් වේවි.

:       3       5

සිරා Sunday, 21 February 2021 01:03 PM

ලංකාවේ පොදු ප්‍රවාහනේ විනාශය පිටුපස සෑමවිටම බස් හිමි දේශපාලුවන් ඇත. අර සෙමි ලක්ෂරි තහනම් කරගන්න බැරි හේතු බැලුවා නම් පෙනෙයි.

:       0       1

ara Monday, 22 February 2021 08:04 AM

අපේ පැත්තේ ළඟදී හදපු පන්සලක් තියෙනවා උමංදාව කියලා. ඒක ඇතුලේ හමුදා සෙබලු ගොවිතැන් වැඩ කරනවා. කොහොමද මන්දා.

:       0       1

රාජුන් Monday, 22 February 2021 09:54 PM

සාදයකින් පසුව පැමිණි මේ රියදුරා දුම්රියක් ධාවනය කිරීමට තරම් මානසික සහ ශාරීරික ඒකාග්‍රතාවයෙන් සිටියාද යන්න බැරෑරුම් ප්‍රශ්නයක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

කතුවැකිය

ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 707 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 232 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 609 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 322 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 419 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


ජාත්‍යන්තර ජාවාරමුන් රටට ඇතුළුවෙද්දී විමසිලිමත් වෙමු
2024 අගෝස්තු මස 02 182 0

ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්‍රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38404 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site