IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


සීනි හිඟයක් මැවූ සීනි මාෆියාව

රටේ වෙළෙඳ මාෆියාවන් ගැන කලින් කලට විවිධ පුවත් මාධ්‍ය ඔස්සේ වාර්තා වෙයි. පසුගිය කාලය පුරාම අප සියලු‍ දෙනා ආවේගශීලීව සාකච්ඡා කළේ සහල් වලින් අධික ලාභ උපයන සහල් මාෆියාවක් ගැනය. දැන් එයට තවත් අතුරුපස ද එක්ව තිබේ. සීනි හා පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක් සම්බන්ධයෙන්ද රටේ වෙළෙඳ මාෆියාවන් ක්‍රියාත්මක වෙමින් පවතින බව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ හෙළිදරව් වෙමින් පවතී.

මෙම මාෆියාකරුවන්ගේ කෙරුවාව වී ඇත්තේ ජනතාවට අත්‍යවශ්‍ය මෙම ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් කෘත්‍රිම හිඟයක් මවා පා සතිපතා ඒවායේ මිල ගණන් දරාගත නොහැකි මට්ටමට එසවීමයි. මේ වනවිටත් සහල්, සීනි සහ පරිප්පු ආදියට ඔවුන් නියම කර ඇති මිල ගණන් සසඳන විට මාෆියාවේ රකුසු මුහුණ හඳුනාගත හැක. අප වෙත ලැබී තිබෙන නිල නොවන වාර්තා අනුව ජනතාවට නැතිවම බැරි සහල්, සීනි සහ පරිප්පු වලින් මේ අසාධාරණ ව්‍යාපාරිකයන් ලබන ලාබය රුපියල් සියය (100) ඉක්මවා තිබේ. මේ දිනවල දැඩි සමාජ අවධානයට යොමුව තිබෙන සීනි සම්බන්ධයෙන් ගත් කල ජනතාවට සහන මිලට සීනි ලබාදීම සඳහා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ආනයනික සීනි කිලෝවක් සඳහා රජය පනවා තිබූ රුපියල් 50 බද්ද සත 25ක් දක්වා අඩු කළේය. ඒ අවසරයෙන් ප්‍රයෝජන ගත් සීනි ආනයනකරුවෝ සති කිහිපයක් තුළ සීනි මෙට්‍රික් ටොන් 90,000කට වැඩි ගණනක් ආනයනය කළහ. ඒවා වරායට ලැබෙන විට ඔවුන්ට කිලෝවක් සඳහා වියදම් වී තිබුණේ රුපියල් 98-100ත් අතර මුදලකි. අද මෙලෙස රුපියල් 250ක් තරම් අධික මිලකට මෙම කූට දත්ත මසුරු වෙළෙඳුන් ජනතාවට විකුණනන්නේ එම සීනි තොගයයි.

ගමේ ජනතාවගේ භාෂාවෙන් කිවහොත් මෙය අහස පොළොව නුහුලන සහගහන අපරාධයකි. කොරෝනා වසංගතයෙන් ජනතාවගේ ආදායම් අහිමි වී අගාධයට වැටී තිබෙන මොහොතක මෙලෙස හදවතක් නැති ආකාරයට ක්‍රියාකිරීම ගැන සමාජයේ ඇත්තේ අප්‍රමාණ පිළිකුලකි. රජරට සහල් ව්‍යාපාරය ජාවාරමක් කරගත් අය ද පරිප්පු ආනයනය කරන්නන්ද මෙම මාෆියා ජාලයේ සම්මාදන්කරුවන් බව ජන මතයයි.

මුදල් අමාත්‍යංශ වාර්තා අනුව ශ්‍රී ලංකාවේ මාසික සීනි පරිභෝජනය මෙට්‍රික් ටොන් 50,000කි. වසරකට නම් මෙට්‍රික් ටොන් ලක්ෂ 6,00,000ක් පමණය. ඒවා ආනයනය සඳහා පවතින දළ මිල ගණන් අනුව රුපියල් කෝටි 3800ක් (බිලියන 38ක්) පමණ වසරකට වැය කළ යුතු බව මුදල් අමාත්‍යංශය කියයි. ශ්‍රී ලංකාවේ දැනට නිපදවන්නේ රටේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් සියයට 5ක් පමණය. හිඟු‍රාන, සෙවණගල හා පැල්වත්ත කම්හල්වල මෙම නිෂ්පාදන සිදු කෙරේ. අතීතයේ ඉතාම සශ්‍රීකව පවත්වාගෙන ගිය කන්තලේ සීනි කම්හල් ව්‍යාපාරය වසා දමා දැනට වසර ගණනාවක් ගතවී ඇත. කන්තලේ සීනි කම්හල ද තිබුණේ නම් අපේ සීනි නිෂ්පාදනය තවත් නංවන්නට ඉඩ තිබුණි.

රටේ අවශ්‍යතාවට සීනි ප්‍රමාණවත් නොවූ නිසා ඒවා ආනයනය කිරීම සාමාන්‍ය ක්‍රමයයි. වසරකට ආනයනය කරන සීනිවලින් සියයට 40ක්ම මිලදී ගන්නේ රස කැවිලි නිෂ්පාදකයෝය. ජනතාවට පෞද්ගලිකව පරිභෝජනය කරන සීනි ප්‍රමාණය ආනයනික තොගයෙන් සියයට 60කි. කෙසේ හෝ පසුගිය කාලයේ රුපියල් 85-120ත් අතර විවිධ මිල ගණන්වලට අලෙවි වූ සීනි කිලෝව රු. 250ක් පමණ වන තෙක් එකවර ඉහළ දැමීම පසුපස සීනි ආනයන මාෆියාව සිටින බව හෙළිදරව් වූයේ පසුගිය දිනවල මේ අය සඟවා තිබූ සීනි මෙට්‍රික් ටොන් 10,000ක් පමණ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන එම ගබඩා සීල් තැබීමත් සමඟය.

මෙලෙස සීනි මාෆියා කරුවන් ද සහල් මාෆියාකරුවන් මෙන් වෙළෙඳ පොළේ කරනම් ගසන තෙක් පාරිභෝගික අධිකාරිය මාස ගණනක් නිහඬව සිටීම ද පුදුම සහගතය. මේ බව රටට හෙළිදරව් කළ පෞද්ගලික විද්‍යුත් මාධ්‍යය නොවන්නට සීනි මාෆියාව අදත් තමන්ගේ ජාවාරම සරුසාර ලෙස ක්‍රියාත්මක කරනවා නොඅනුමානය. ආණ්ඩුවේ බලධරයන් පවා මෙම තත්ත්වය නොදැන සිටියාදැයි අපි නොදනිමු. කෙසේ හෝ අවසන් මොහොතේ රජය සතු අවසාන තුරුම්පුව ලෙස හදිසි නීතියේ විධිවිධාන සක්‍රීය කර වී, සහල්, සීනි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය හිතු හිතූ මිල ගණන්වලට අලෙවි කිරීමට නොහැකි වන ලෙස නීතිරීති දැඩි කිරීම ගැන ප්‍රශංසා කළ යුතුය. එම හදිසි නීති රෙගුලාසි අනුව රේගු සංඛ්‍යා ලේඛන මගින් අදාළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කළ සැබෑ මිල ගණන් හඳුනාගෙන ඊට සාපේක්ෂ සාධාරණ ලාභයක් මත අලෙවියට ඉඩකඩ සලසා ඇත. ඒ සමඟ බැංකුවලින් අදාළ භාණ්ඩ මිලදී ගැනීම පිණිස ලබාදුන් ණය මුදල් විධිමත් ලෙස අයකර ගැනීමට ද හදිසි නීති රෙගුලාසි මගින් බලය පවරා තිබේ. මෙම කටයුතු අධීක්ෂණය සඳහා අත්‍යවශ්‍ය සේවා මහකොමසාරිස්වරයා ලෙස ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරී නිවුන්හැල්ල මහතා පත්කර ඇත.

මෙම පියවර ආණ්ඩුව ගෙන ඇත්තේ කළ හැකි වෙන කිසිවක් නැති තැනය. එහෙත් මෙතැන දී අවශ්‍ය වන්නේ නීති පැනවීම මෙන්ම පනවන ලද නීතිරීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමයි. මෙයට පෙරද වරින් වර විවිධ නීති පමණක් නොව මිල පාලන ගැසට්ටු මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිල පාලනයට රජය පියවර ගනු ලැබීය. එහෙත් ඒවා හරිහැටි ක්‍රියාත්මක නොවූ බව බහුතර පාරිභෝගික මතයයි. එබැවින් මෙම මාෆියාවන් මර්දනය කර රටේ සාධාරණ වෙළෙඳ පරිසරයක් ඇති කළ හැක්කේ පවත්නා නීති හරිහැටි අකුරට ක්‍රියාත්මක කිරීමෙනි. මෙයට පෙර සහල් මාෆියාකරුවන් විවිධ බොරු හේතු දක්වමින් සහල් මිල ගණන් අහස උසට නංවන විට ආණ්ඩුව නිසි ලෙස දැඩිව ක්‍රියාකළ යුතුව තිබුණි. සහල් මිල පාලනය සඳහා සහල් ආනයනයට තීන්දු කළේ ද අන්තිම මොහොතේය. එවිට ඉස්තාලයෙන් අශ්වයා පැන ගොසිනි. ඒ නිසා පනවන ලද හදිසි නීති රෙගුලාසි සැහැල්ලු‍වට ගන්නට ඉඩ නොදී රටේ බහුතර ජනතාවගේ හිතසුව පිණිස ඒවා දැඩිව හා විනිවිධභාවයෙන් යුතුව ක්‍රියාත්මක වනු දැකීම ජනතා අභිලාශයයි.

(***)



අදහස් (0)

සීනි හිඟයක් මැවූ සීනි මාෆියාව

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1336 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 823 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 344 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 748 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 477 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 266 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 244 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 404 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site