මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 70කි. මෙයින් බහුතරයක් දේශපාලන පක්ෂ සුළු ජාතික පක්ෂ වේ. සුළු ජාතික පක්ෂ යනු සුළු ජාතික ජනයා නියෝජනය කිරීම සඳහා පිහිටුවා ගත් පක්ෂ වේ. උතුරේ දෙමළ දේශපාලන පක්ෂ, නැගෙනහිර මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්ෂ මෙන්ම වතුකරයේ දෙමළ ජනයා නියෝජනය කරන දේශපාලන පක්ෂ මේ අතර ප්‍රධානය. මෙසේ සුළු ජාතික පක්ෂ සංඛ්‍යාත්මකව විශාලවීම රටේ දේශපාලන අර්බුදවලට ප්‍රධාන හේතුවක් බවට පත්ව තිබේ.
සුළු ජාතික පක්ෂයකට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් ලබාගැනීමට ගත යුත්තේ සියයට පහකි. විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළ, සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වාදුන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මන්ත්‍රී ධුරයක් සඳහා අවශ්‍ය නිර්ණායකය ලෙස හඳුන්වා දී තිබුණේ සියයට 12.5කි. එබඳු නිර්ණායකයක් හඳුන්වා දී ඇත්තේ වර්තමානයේ අත්විඳිමින් සිටින දුර්විපාක වළක්වාලීමේ අරමුණෙනි. එහෙත් 1989දී එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා එම නිර්ණායකය සියයට 5 දක්වා පහත හෙළුවේය. සුළු ජාතිකයන්ට වැඩි අවස්ථා නිර්මාණය කිරීම සඳහා එසේ ප්‍රකාශ කළ ද ඇත්ත හේතුව නම් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වීමය. සුළු ජාතිකයන්ගේ සහායෙන් ආණ්ඩු පිහිටුවා ගැනීම එහි ප්‍රධාන අරමුණය.
එය ආකාර ගණනාවකින් අහිතකර ප්‍රතිඵල අත්කර දී තිබේ. සමාජයක් වශයෙන් එක්ව පොදු ප්‍රශ්නවලට උත්තර සෙවීම වෙනුවට තම තමන්ගේ ජාතිකත්වයට බලපාන විශේෂ ගැටලු ඇති බව සඳහන් කරමින් එම ජනයා කිසියම් රාමුවකට කොටු කිරීමය.
තම තමන්ට විශේෂිත වූ ගැටලු නොවූවද තම නායකයන් එසේ ප්‍රකාශ කරනවිට සාමාන්‍ය ජනයාට ද තමන්ට ආවේණික විශේෂ ප්‍රශ්න ඇතැයි සිතෙන්නට ඉඩ තිබේ. ඒ අනුව එම ජනයා කටයුතු කරති. එහි තාර්කික අන්තය 2009 වසරේ මැයි මස 18 වැනිදා වෙල්ලමුල්ලිවයික්කාල්හිදී මුළු රටටම ප්‍රදර්ශනය විය. උතුරේ තරුණයා තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවට ප්‍රකාශ කරමින් මරාගෙන මැරෙන මිනිස් බෝම්බ බවට පත් වෙමින් තම වර්ගයාම ඇඳිවත පමණක් උරුමකම් කියන පිරිසක් බවට පත් කරමින් එම සංග්‍රාමය නිමා විය.
උතුරේ තරුණයාට වෙනම රාජ්‍යයක් අවශ්‍ය වූයේ නැත. එහෙත් එම තරුණයන්ගේ ඡන්ද ලබාගැනීම සඳහා එම තරුණයන්ගේ ඔළුවලට විවිධ විසකුරු මතවාද නායකයෝ රැගෙන ආහ. එම මතවාදවලින් මෝහනයට පත්ව එම නායකයන් පාර්ලිමේන්තුවට යැවීමට එම තරුණයෝ කටයුතු කළහ. තම අරමුණ ඉටුකර ගැනීමෙන් පසු සුඛෝපභෝගී ජීවිතයකට අවතීර්ණවන එම නායකයෝ තම වර්ගයා අමතක කරති. රැවටුණ ජනයා විනාශකාරී මාවතක හෝ ගමන් කරමින් සංකල්ප ජීවමාන යථාර්ථ බවට පත්කර ගනිති.
ප්‍රධාන දේශපාලන පක්ෂ ද එම සුළු ජාතික දේශපාලන පක්ෂවල සහයෝගය ලබාගැනීම සඳහා බොහෝ පොරොන්දු ලබා දෙති. ඊළඟ පරම්පරාව ඉලක්ක නොකරන ඊළඟ මැතිවරණය පමණක් ඉලක්ක කරන දේශපාලන නායකයන්ට අවශ්‍ය වන්නේ මොනයම් ක්‍රමයකින් හෝ තම බලය තහවුරු කර ගැනීමටය. ඒ සඳහා ප්‍රසිද්ධ ගිවිසුම් මෙන්ම අප්‍රසිද්ධ හෙවත් රහස් ගිවිසුම් ද තිබෙන බව දේශපාලන ලෝකයට රහසක් නොවේ.
සුළු ජාතික පක්ෂවල සහයෝගය නොලබා බලය තහවුරු කර ගැනීමට නොහැකි බව පැහැදිලි වනවිට සුළු පක්ෂවල නායකයෝ ද තම ඉල්ලීම් තම සීමාවෙන් ඉවතට ද පැමිණ ඉදිරිපත් කරති. එම ඉල්ලීම් ඉටු කරන ලෙස ඔවුහු නොනැවතී බලපෑම් කරති. ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් වෙනත් පාර්ශ්වයකට සහාය දෙන බවට තර්ජනය කරති.
ඉහත තත්ත්වය චක්‍රයකි. මෙයින් කිසිදු ජනවර්ගයකට අත්වන සෙතක් නැත. එහෙත් එම ජනයා නොදන්නා කාරණයක් තිබේ. එනම්, තමන් විකිණී ඇති බවය. තමන් වෙන්දේසියේ තබා නායකයන් තම පැවැත්ම සරිකර ගන්නා බවය. එමෙන්ම පීචං ජාතිවාදී දේශපාලනයෙන් තමන්ට පරාජය හා විනාශය රැගෙන එන බවය.
සිය වර්ගයා වෙන්දේසියේ දමා බොහෝ පහසුවෙන් ආදායම් උපයාගත හැකි බව පැහැදිලි වූ විට එකම පක්ෂයේම පිරිස් ද කැඩි කැඩී යමින් වෙන වෙනම පක්ෂ හදා ගනිති. සුළු ජාතික පක්ෂ හතු පිපෙන්නාක් මෙන් බිහිවන්නේ ඒ අනුවය. ඒ ඒ ජනයාට විශේෂිත වූ ප්‍රශ්න වෙනුවට එම සියලු ජනයාට බලපාන පොදු ප්‍රශ්නවලට කල් පවත්නා හා දියුණු විසඳුම් සැපයෙන දේශපාලන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. එසේ නොවනතාක් කිසිදු ජාතිකත්වයකට අත්වන සුගතියක් නැත.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට අප රට පත්ව තිබේද යන ප්රශ්නය අහම්බයකින් පැනනැගුණක් නොව එකක් පසුපස එකක් වශයෙන් වාර්තා වන සිදුවීම් හරහා තාර්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ‍්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ‍්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ‍්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුළු ජාතීන් වෙන්දේසියේ දමන පක්ෂ නායකයෝ