රටේ ජනතාවගේ හැදියාව කියාපාන කතාවක් අපි ඉස්සර අසා ඇත්තෙමු. ඒ තුළ මෙරට ජනයාගේ ගරුත්වය පිළිබඳ දෘෂ්ටියත්, හැදියාව යොමු විය යුතු දිශාවත් පිළිබඳ අදහසකුත් මතු වී තිබිණි. ඒ කාලයේ “රටේ ඉන්නා සුන්දරතම කන්‍යාවිය රන් ආභරණයෙන් සරසා, ඈට පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා පා ගමනින් රට මැදින් යන්නට සැලැස්සුව පසුත් ඇගේ සිරුරේ පැළඳි ආභරණවලටවත්, ඇයටවත් යම් තරමින් හෝ හානියක් සිදු වෙන්නේ නැත” යන්න ඒ කතාවයි.
කතාව එසේ වුව ද, වර්තමානයේ මෙරට පවතින්නේ ඊට හාත්පසින් වෙනස් වාතාවරණයකි. රන් පැළඳගත් කන්‍යාවියකට කෙසේ වෙතත් වියපත් කාන්තාවකට හෝ තම රන් ආභරණ රැකගෙන රෝහලකින් ප්‍රතිකාර ගන්නට නොහැකි තත්ත්වයක් දැන් උද්ගත වී ඇති බව “ඇස් ලෙඩට බෙහෙත් ගන්නට ආ වියපත් මවගේ ලක්ෂ තුනක රන් බඩු උස්සලා” යනුවෙන් අප පුවත්පතේ නොබෝදා පළ වූ පුවතින් සනාථ වේ.
කවුරු හෝ නරුමයකු එක්ස්රේ පරීක්ෂණයකට සූදානම් කරන මුවාවෙන් ඇයගේ රන් ආභරණවලට විද, පැනගොස් තිබේ.
මෙම කතාවෙන් කියනුයේ, රටේ එක් නරුමයකුගේ පුවත හෝ වියපත් කාන්තාවකගේ අහිංසකකම ගැන පමණක් නොවේ. මේ රටේ මිනිස් සමාජයත්, ඔවුන් පසු වූ අාධ්‍යාත්මික තත්ත්වයත් කෙතරම් පහතට වැටී ඇත්තේ ද යන්නත් එයින් කියැවේ.
සාරධර්ම ගැන දිනපතා සියලු මාධ්‍යවලත්, පූජනීය ස්ථානවලත්, පාසල්වලත් දේශනා කරන මෙවැනි තවත් රටක් ඇත්තේ ද යන්න සැක සහිතය. බැලූ බැලූ අත දිනපතා වියදම්කාරී පින්කම්ය. තෘෂ්ණාව දුරු කරගැනීම පසෙක තබා තමන්ගේ කුසල් ගිණුම මතු ආත්මයටත්, මේ ආත්මයටත් රැස් කර තබන්නෝ ගිනි කසේට ක්‍රියාකාරීව හිඳිති. එවැනි බොහෝ පුණ්‍යකර්මවල පෙනෙන්නේ, අාධ්‍යාත්මික තෘෂ්ණාව දුරු කරගැනීමට වඩා ප්‍රදර්ශනකාමයයි. අල්පේච්ඡතාව, අනිකා පිළිබඳ මෛත්‍රිය, සෙනෙහස මෙරට පොදු ජනයාගේ සිතිවිලි තුළට කාවද්දා, ඔවුන් උතුම් පුරුෂාර්ථවලින් හෙබි ජාතියක් බවට පත්කරලීමේ මහඟු කර්තව්‍යය එකී වගකීම බාර ආයතනවලින් සිදු වී නැත්තා සේ පෙනේ. ඒ වෙනුවට සිදුව ඇත්තේ, අනෙකාගේ වයස, අනෙකාගේ ලෙඩ දුක්, අනෙකාගේ අසරණ බව නොතකා වස්තු තණ්හාවෙන් අනෙකා මැඩලන ජාතියක් බවට පත් වෙන ප්‍රවණතාවක් මතු වීමයි. අාධ්‍යාත්මික වශයෙන් දියුණු වූ මිනිසා කළ යුත්තේ, තමා සතු වූ සොච්චම හෝ අනෙකාට දන් දී, අනෙකාගේ දුක නිවීමයි.
මෙම පුවතේ එන කාන්තාව මෝඩ තැනැත්තියකැයි අයෙක් කියනු ඇත. වර්තමාන සමාජයේ නරුම ගති, දුර්ගුණ හා පිරිහීම ගැන නොදන්නා පලියට යම් කාන්තාවක් මෝඩ තැනැත්තියක වන්නේ ද? ඈ පිරිහීමට ලක් නොවුණු සමාජ පරිසරයක ජීවත් වූ කාන්තාවකි. ඈ තමන්ට උපකාර කරන මුවාවෙන් අයෙකු තමන්ගේ ආභරණ සොරකම් කරතැයි සිතන්නට තරම් නොපිරිහුණු සමාජයක ජීවත් වූ කාන්තාවක නොවේ. පිරිහුණු සමාජයක නරුමයන් ගැන අත්දැකීම් නැති සියලු අය මෝඩයෝ වෙත් ද?
ආර්ථික අහේනිය හා දරිද්‍රතාවට එරෙහිව නිෂ්පාදනය හා ඵලදායිතා නැංවීම, අපනයන වර්ධනය ආදි වගකීම් ජාතියක් ලෙස අප ඉදිරියේ ඇත. ඒ සියල්ල වර්ධනය වෙද්දී රටේ ජනතාවගේ අධ්‍යාත්මය හා පුරුෂාර්ථ බිඳවැටීම දෙස දැඩි විචාර බුද්ධියකින් බලා, ඒවාට පිළියම් යෙදිය යුතුය. ඒ සඳහා පිළියම් යෙදීමේ සාම්ප්‍රදායික විධි අසාර්ථක වේ නම්, ඒ සඳහා අන් විධි සොයා යා යුතුය. සාක්ෂරතාවෙන් ඔබ්බට යන අනෙකාගේ සංවේදනා තේරුම් ගැනීමට හැකි සාමූහිකත්වයේ අගය පැහැදිලි කරන අධ්‍යාපනයක් රටේ අලුත් පරපුරට හෝ ලබා දිය යුතුය. අවශ්‍ය නම්, ඒ සඳහා රටේ සාම්ප්‍රදායික අධ්‍යාපනය ද වෙනස් කළ යුතු වේ.
(***)
අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ
මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන
සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක
සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා
රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
හැදියාව කියාපෑවාට ක්‍රියාව අන්ත බාලය