IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


හෝරාව තීරණාත්මකයි: පරෙස්සම අවශ්‍යයි

ඉන්දියාවේ පැතිර යමින් තිබෙන ඩෙල්ටා කොරෝනා වයිරසය මෙරට පැතිර යාම වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිලධාරීන්ට උපදෙස් දී ඇති බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. දැනට ඩෙල්ටා කොරෝනා වයිරසය වැළඳී තිබෙන පුද්ගලයන් හමු වූ ප්‍රදේශය හුදෙකලා කර අනෙකුත් පිරිස් ද පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක්කර ආසාදිතයන් සොයා ගැනීම ආරම්භ කරන ලෙසත්, අනෙකුත් ප්‍රදේශවලින් ද ආසාදිතයන් වාර්තා වන්නේ දැයි සොයා බැලීම සඳහා පරීක්ෂණ පැවැත්වීම ආදී ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් සෞඛ්‍ය ඇමැතිවරිය උපදෙස් දී ඇති බව ද අප ප්‍රවෘතියෙහි සඳහන්ය.

කොරෝනා මාරක වසංගතයේ බිහිසුණු බව ඉන්දියාවෙන් ඔප්පු විය. සැබැවින්ම ඉන්දියාව මානව ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට ලක් කළේය. එම ඛේදවාචකය මුළු මහත් මානව සමාජයම කම්පනයට ලක් කළේය. මහමග දැවෙන කොරෝනා ආසාදිත මළ සිරුරු, ගංගා මත පාවී ගිය කොරෝනා ආසාදිත මළ සිරුරු මානව ඛේදවාචකයේ ගැඹුර ප්‍රර්ශනය කළේය. එම මාරක වයිරසය අප රට ද ආක්‍රමණය කර තිබේ.

මසකට පමණ පසුව එතෙක් ක්‍රියාත්මක වූ සංචරණ සීමා ඉවත් කෙරිණි. එයින් කියැවෙන්නේ “සියල්ල යහපත් බව” නොවේ. අනතුර එසෙලමය. අහම්බයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්‍ෂාවෙන් කොළඹ දෙමටගොඩ ප්‍රදේශයෙන් ඩෙල්ටා කොරෝනා ආසාදිතයෝ හමු වූහ. ඉදිරිය වෙන්වනු ඇත්තේ ද එබඳු අහම්බයන්ටමය. තත්ත්වය තේරුම් ගෙන ඒ අනුව කටයුතු කිරීම පුරවැසි ජනයාගේ වගකීමය.

මේ මොහොත තුළ ඇති බරපතළම අවදානම වන්නේ තමන්ගේ ජීවිතය වෙනත් කිසිවකුට බේරා දිය නොහැකි වීමය. ජීවිතය බේරා ගැනීමේ වගකීම මුළුමනින්ම තමන් සතුය. දිනකට දෙදහස ඉක්ම වූ ආසාදිතයන් වාර්තා වන රටක තමන්ගේ ජීවිතය රැඳී තිබෙන්නේ කොතැනදැයි පරීක්‍ෂාකාරී වීම අතිශයින්ම වැදගත්ය. ඊළඟ බිල්ල තමන් විය හැකි යැයි සිතීම අනවශ්‍ය තරමට බියට පත්වීමක් නොව උපරිම ආරක්‍ෂාවට පෙළඹුමක් ලබාගැනීමකි.

රට මුළුමනින්ම අගුලු දා පවත්වාගෙන යා නොහැකිය. කොරෝනා මාරක වසංගතය පසුපසින් මහා ආර්ථික කුණාටුවක් හමා එයි. එම ආර්ථික කුණාටුව සෑම අංශයක්ම තම සැහැසි ග්‍රහණයට ගනු නියතය. ආර්ථිකය කඩා වැටීම කොරෝනා වයිරසයට වඩා බිහිසුණුය. කුණු බක්කි අවුස්සා කෑමට යමක් සොයන යාචකයන් බවට මිනිසා පත්වීමේ ඉරණම ඉදිරියෙන්ය. අප වඩාත් සබුද්ධික විය යුතු වන්නේ ඉදිරියේදී ඒමට නියමිත මහා ව්‍යසන සම්බන්ධයෙනි.

මුළු ලෝකයම කොරෝනා උවදුරට ගොදුරු වී තිබේ. එහෙයින් එක් රටකට උදව් කිරීමට තවත් රටකට හැකියාවක් නැත. සෑම රටකටම ගොඩ යෑමට සිදුවන්නේ තමන්ගේ මහන්සියෙනි. අප රටට අදාළ සත්‍යය ද එයමය. එහිදී පුරවැසියන් සතුව බරපතළ වගකීමක් තිබේ. එම වගකීම පුරවැසියා සියයට සියයක්ම ඉටු කළ යුතුය. මන්දයත් රට වැටීම යනු පුරවැසියා ද වළ පල්ලටම වැටීමකි. වැටෙන රට තුළ තමන්ට පමණක් පැවැත්මක් තහවුරු නොවේ. අවබෝධ කරගත යුතු ගැඹුරු සත්‍යය එයයි.

දැඩි කොන්දේසි මත සංචරණ සීමා ඉවත් කරනු ලැබුවේ මහජනයා ද එම දැඩි කොන්දේසිවලට යටත්ව කටයුතු කරනු ඇතැයි යන අපේක්‍ෂාවෙනි. කොරෝනා මැඩලන මෙහෙයුම ක්‍රියාත්මක කරන අතරවාරයේම රට විවෘතව තබා කටයුතු කිරීමට රජය වැඩි අවධානයක් යොමු කර තිබෙන සෙයකි. වඩාත් නිවැරැදි විධික්‍රමය වන්නේ ද එහෙයිනි. එය සාර්ථක වීමට නම් රටේ පුරවැසියා පූර්ණ සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත්වලට යටත්ව කටයුතු කළ යුතුය.

බන්ධාගාරගතව සිටි පුද්ගලයකුට ඇප ලැබී ගෙදර පැමිණ තිබිණි. එසේ ඔහු ගෙදර පැමිණ තිබුණේ බන්ධනාගාරයේදී පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කර වාර්තාව නිකුත් කිරීමට පෙරය. ගෙදර පැමිණ දින දෙකකට පමණ පසුව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් වී තිබුණු අතර, එයින් ඔහු ආසාදිතයකු බවට තහවුරු විය. ඒ වනවිටත් සිදුවිය යුතු විනාශය වී තිබුණී. ප්‍රතිඵලය වූයේ එම ගම්මානයේ පවුල් 100ක් පමණ හුදෙකලා කිරීමය.

මෙබඳු වැරැදි දිගින් දිගටම සිදුවන්නේ නම් කොරෝනාවෙන් තුරන් වූ රට සිහිනයක් පමණක් වනු ඇත. එහෙයින් කිසිදු අත්වැරැද්දකට ඉඩක් තිබිය නොහැක. මේ හෝරාව අතිශයින්ම තීරණාත්මකය. මෙම හෝරාවෙන් පසු එළැඹෙන්නේ යක්‍ෂයාගේ හෝරාවය. එය එසේ වනු ඇත්තේ පුරවැසියා වගකීම් විරහිත ලෙස ක්‍රියා කළහොත් පමණි. එය වළක්වා ගැනීමේ හැකියාව පුරවැසියා සතුව තිබේ.

(***)



අදහස් (0)

හෝරාව තීරණාත්මකයි: පරෙස්සම අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

කතුවැකිය

බලවත් විපක්ෂයක් අවශ්‍ය ඇයි?
2024 ඔක්තෝබර් මස 07 1336 0

අලුත් පාර්ලිමේන්තුවක් සඳහා ලබන නොවැම්බර 14 වන දින ඡන්දය දිය යුතුය. ඡන්දය දිය යුත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් ආණ්ඩුවක් ලබා දීමට යැයි ඇතැම


ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු පොලිය තවත් වැඩිකළ නොහැකි ද?
2024 අගෝස්තු මස 08 823 1

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවමින් තිබූ විශේෂ පොලී අනුපාතිකය කාලක් තිස්සේ ගෙවීම අත්හිටුවා තිබිණි. එම ගෙවීම නැවත ක්‍රියාත්මක කිරීම සඳ


ජනපතිවරණ මුදල් නාස්ති කරන්න දෙනු එපා
2024 අගෝස්තු මස 07 344 0

මැතිවරණ උණුසුම රළ නගමින් තිබේ. රටේ ප්‍රධාන පුරවැසියා තෝරා පත්කර ගන්නා මැතිවරණය වන හෙයින් උණුසුම තියුණුය. මෙම ජනාධිපතිවරණයේ දී රටේ පුරවැසියෝ 17,140,354 ක් ඡන


ගුරු සමාජය කිලිටිකරන ගුරු ද්‍රෝහීන් පිටමං කරමු
2024 අගෝස්තු මස 06 748 0

සමාජය විවිධය. විසමය. එමෙන්ම එය විෂෙන් පිරුණකි. වැඩිහිටියාට පෞද්ගලික අත්දැකීම් ඇසුරෙන් ද සමාජ සිදුවීම් ඇසුරෙන් ද තම තම නැණ පමණින් එය අවබෝධ කර ගැනීමේ හැක


දැයට සමයට වස්තුවක් වූ අපේ පොඩි හාමුදුරුවෝ
2024 අගෝස්තු මස 05 368 0

සසුනඹර පොබ කළ අති ශෝභමාන සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක ලෙස දෙස් විදෙස් පතළ මහා කීර්ති කදම්බයෙන් අනූන බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, කොළඹ ගංගාරාම විහාරා


දේශපාලක නම කෙ​ලෙසීමට ගැත්තන්ට ඉඩදෙනු එපා
2024 අගෝස්තු මස 03 477 1

රුපියල් ලක්ෂ පහළොවක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන වෙළෙඳ හා සමුපකාර රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 187 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 239 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site