IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැලකීම අගයමු

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර බැංකු ගිණුම්වල තැන්පත් කරන රුපියල් ලක්ෂ 15ක මුදලක් වෙනුවෙන් සියයට 15ක ඉහළ පොලියක් ගෙවීමට රජය තීරණය කර තිබේ. එය ප්‍රසංශා කටයුතු යෝජනාවකි. එක් අතකින් කෘතගුණ සැලකීමකි. අද මෙරට සමස්ත ජනගහනයෙන් බහුතරය වැඩිහිටියන් යැයි පසුගියදා ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවද ප්‍රකාශ කර තිබුණි. 2012 ඔවුන්ගේ අවසන් ජනසංගණන වාර්තා අනුව මෙරට දෙකෝටි විසි දෙලක්ෂයක් ජනගහනයෙන් විසිපන් ලක්ෂයකට වැඩි පිරිසක් වැඩිහිටි ජනගහනය ලෙස හඳුනාගෙන තිබේ. 


එම ලක්ෂ විසිපහෙන් දාහතර ලක්ෂයක් පමණ වැඩිහිටි කාන්තාවෝය. වැඩිහිටි පුරුෂ පක්ෂය එකොළොස් ලක්ෂය ඉක්මවයි. එසේ වැඩිහිටි ජනගහනය බහුතරය වන රටක වියපත් ජනතාවට සහන සැලසීම ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීමක් ලෙස හැඳින්වීමද වරදක් නොවේ.


මාසික විශ්‍රාම වැටුපක් හිමි නැති පෞද්ගලික අංශයේ හෝ වෙනත් රාජ්‍ය ආයතනයක සේවය කළ විශ්‍රාමිකයන්ගේ එකම ආදායම් මාර්ගය වන්නේ සේවක අර්ථසාධකය සේවක බාර අරමුදලේ ප්‍රතිලාභ සහ පාරිතෝෂිකයයි. එම අරමුදල් ස්ථාවර බැංකු ගිණුමක තැන්පත් කොට මාසික ආදායමක් ලබාගැනීමට බොහෝ වැඩිහිටියෝ පෙළඹී සිටිති. අලු_තින් යෝජිත බැංකු පොලී අනුපාතය අනුව රුපියල් ලක්ෂ 15ක ස්ථාවර තැන්පතු ගිණුමකට ලැබිය හැකි මාසික පොලී ආදායම රුපියල් දහඅට දහස් හත්සිය පනහක් පමණය. 
සාමාන්‍ය නීතිය යටතේ නම් ස්ථාවර තැන්පතු ගිණුම්වල බැංකු පොලියෙන් සියයට පහක පමණ රැඳවුම් බද්දක් ලබන අප්‍රේල් සිට අය කිරීමට යෝජනා කර තිබේ. එම සියයට පහක රැඳවුම් බද්ද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුම්වලට අදාළද නැද්ද යන්න තවමත් ප්‍රකාශ කර නැත.


ලෝකයේ බොහෝ රටවල ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් බස්ගමන් බලපත්‍ර, වෛද්‍ය රක්ෂණ ක්‍රම මෙන්ම විශේෂ නේවාසිකාගාර පහසුකම්ද සලසා තිබේ. ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් වෙනුවෙන් බොහෝ කලක් ක්‍රියාත්මක වූයේ පිංපඩිය නමින් හැඳින්වුණු වැඩිහිටි ජීවනාධාර දීමනාවයි. එහෙත් ඊට ලැබුණේ ඉතා සොච්චම් මුදලකි. එබඳු පසුබිමක මෙයට වසර කිහිපයකට පෙර ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් දීම ආරම්භ කෙරුණි. මුල් අවධියේ මෙම ක්‍රමය යටතේ ඉහළ පොලියක් ගෙවනු ලැබුවේ රුපියල් දස ලක්ෂයක බැංකු ගිණුමකට පමණි. එය මෙවර රුපියල් ලක්ෂ 15 දක්වා ඉහළ දමා ඇත. අප දන්නා පරිදි මෙකී බැංකු ගිණුම් පවත්වාගෙන යන්නේ රාජ්‍ය බැංකුවල පමණි. රට පුරා පැතිරුණු පෞද්ගලික බැංකු ජාලයක් සහිත ශ්‍රී ලංකාවේ මෙම ගිණුම් ක්‍රමය පෞද්ගලික බැංකුවලටද හඳුන්වාදීම යෝග්‍යයය.


බොහෝ වැඩිහිටියන් බැංකු පොලියෙන් ලැබෙන ආදායම භාවිත කරන්නේ තමන්ගේ සෞඛ්‍යමය අවශ්‍යතා වෙනුවෙනි. එනිසා ඔවුන්ට හොඳ ආදායම් මාර්ගයක් තිබීම වැදගත්ය. 


ඒ සඳහා මෙබඳු ආදායම් ක්‍රමයකටත් වඩා වෙනත් දිගුකාලීන සහන සැලසීමේ ක්‍රමවේදයක් අවශ්‍යය. 


කෙසේ වෙතත් පසුගිය වසරේ මහා භාණ්ඩාගාරය විසින් මෙම විශේෂ පොලිය ගෙවීම සඳහා රුපියල් මිලියන 13000ක් වැයකර ඇත. මෙකී ගිණුම් ක්‍රමය හඳුන්වාදුන් අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ගිණුම් 91000ක් පමණ බැංකුවල ආරම්භ කර තිබුණි.

2016 අවසන් වනවිට එය ගිණුම් හාරලක්ෂ පනස්දහසක් දක්වා වැඩි වූ බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි. මේ වසරේ ගිණුම් ප්‍රමාණය ලක්ෂ 5 ඉක්මවනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි මාර්ග පවසයි. මාර්තු මස පළමු වැනිදා සිට සිදුකෙරෙන පොලී අනුපාතය ඉහළ දැමීමත් සමඟ මහ භාණ්ඩාගාරයට එකී පොලී ගෙවීම සඳහා රුපියල් මිලියන 18000ක් පමණ වෙන් කිරීමට සිදුවනු ඇතැයි පැවසේ. අර්බුදකාරී ආර්ථික ගැටලු_ ඇතිවන අවස්ථාවක මේ ආකාරයේ මුදලක් වැඩිහිටි සුබ සාධනය වෙනුවෙන් කැපකිරීම ප්‍රශස්ත කටයුත්තකි. පින්කමකි. එහෙත් ලක්ෂ 15ක මුදලක් තැන්පත් කොට ඉන් මාසිකව ලැබෙන රුපියල් 18,750ක ආදායමින් පවුලක් නඩත්තු කිරීම පහසු කටයුත්තක් නොවේ. අද තිබෙන ජීවන තත්ත්වයේ හැටියට ආහාරපාන, බේත්හේත් හා දරුවන්ගේ වියදම් ආදි අත්‍යවශ්‍ය වියදම් දැරූ විට බැංකු පොලිය එකම ආදායම කරගත් අයට සිදුවන්නේ ණය වීමටය. එනිසා තමන්ගේ ජීවිතයේ ස්වර්ණමය යුගය රට දැය වෙනුවෙන් කැප කළ වැඩිහිටියන්ට සැලැකීම සඳහා මෙයටත් වඩා ප්‍රායෝගික ක්‍රමවේදයක් සැලැසුම් කළහොත් එය වටිනා වැඩකි.



අදහස් (0)

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැලකීම අගයමු

ඔබේ අදහස් එවන්න

editors column

වැරදි පෙන්වන ගමන්ම හොඳ අගැයීමත් වැදගත්
2020 අප්‍රේල් මස 20 4847 2

නව කොරෝනා වයිරසයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ “වියෝන්” ප්‍රවෘත්ති සේවය


සයිටම් ප්‍රශ්නය දිග්ගස්සන්න එපා
2017 පෙබරවාරි මස 28 98 0

සයිටම් ප්‍රශ්නය ජාතික ගැටලුවක් වන තරමට දිග්ගැස්සෙමින් තිබේ. ඒ වෙනුවෙන් කතා නොකරන එකම සරසවියක්වත් දැන් නැත. වෛද්‍ය වෘත්තියට සහ වෛද්‍ය අධ්‍යාපනයට


නවක වධකයන්ට නීතියෙන් පාඩමක් දෙමු
2017 පෙබරවාරි මස 28 81 0

නවක වදය පිළිබඳව කතා කරන්නට සිදුවීමත් විශාල වදයකි. කොන්දේසි විරහිතව අතහැරිය දැමිය යුතු පිටුදැකිය යුතු නවක වදය යළි යළිත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින්


ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැලකීම අගයමු
2017 පෙබරවාරි මස 28 489 0

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර බැංකු ගිණුම්වල තැන්පත් කරන රුපියල් ලක්ෂ 15ක මුදලක් වෙනුවෙන් සියයට 15ක ඉහළ පොලියක් ගෙවීමට රජය තීරණය කර තිබේ. එය ප්‍රසංශා කටය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38562 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25378 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 928 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site