IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


සයිටම් ප්‍රශ්නය දිග්ගස්සන්න එපා

සයිටම් ප්‍රශ්නය ජාතික ගැටලුවක් වන තරමට දිග්ගැස්සෙමින් තිබේ. ඒ වෙනුවෙන් කතා නොකරන එකම සරසවියක්වත් දැන් නැත. වෛද්‍ය වෘත්තියට සහ වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ කිසිදු වෘත්තීය සංගමයක් හෝ සංවිධානයක් හෝ ශිෂ්‍ය ව්‍යාපාරයක් හෝ ආචාර්ය සංගමයක් හෝ සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් නිහඬ නැත. අනෙක් අතින් සයිටම් ආයතනයේ පාලක මණ්ඩලය ද එහි ශිෂ්‍ය සංගම් නියෝජිතයෝ ද මාපිය සංගමයද සයිටම් සටනේ දෙකෙළවරක සිටිමින් දේශපාලනික වචන හුවමාරුවක යෙදී සිටිති.
සයිටම් ගැටලුව දැන් ඉහළ උසාවියේ දොරකඩටම ප්‍රවේශ වී අවසන්ය. සයිටම් සිසුවියක විසින් තමන්ට වෛද්‍යවරියක සේ ලියාපදිංචි වීමට ඇති අයිතිය ලබාදෙන්නැයි ඉල්ලා ඇපැල් උසාවියට ගොනුකරන ලද පෙත්සමේ තීන්දුව එනතුරු ගැටලුවේ සියලු_ පාර්ශ්වකරුවෝ දැඩි උනන්දුවකින් බලා සිටියහ. තීන්දුව ලබාදීමෙන් පසුව බොහෝ පාර්ශ්වකරුවන් විසින් විවිධ අදහස් දක්වන ලද නමුත් සියලුම දෙනාගේ ඉහළම අවධානය යොමුව තිබුණේ එම තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගන්නා තීරණය කුමක්ද යන්නය. පසුගිය සිකුරාදා ප්‍රකාශයට පත්වූ ඔවුන්ගේ තීරණයේ සඳහන් වූයේ තමන් එම තීන්දුව නොපිළිගන්නා බවය. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ද ඔවුන් තීන්දු කර තිබේ.


බරපතළ ගැටලුවක් මෙසේ නොවිසඳී අවසානයක් නොදැක එක් එක් දිශාවට ඇදෙමින් පැවැතීම රටට හොඳ නැත. මස් රාත්තලම ඉල්ලා සිටීමේ ෂයිලොක් න්‍යායයෙන් බැහැරව කාටත් එකඟ විය හැකි විසඳුමක් ලබාගැනීම කෙරෙහි සියලු_ පාර්ශ්ව උපරිම උනන්දුවක් දැක්වීම අවශ්‍යය. මෙකී ගැටලුව මේ වනවිට ද මෙරට වෛද්‍ය ශිෂ්‍ය අධ්‍යාපනයට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබේ. ගැටලුවට විසඳුමක් දෙනතුරු අධ්‍යාපනය කඩාකප්පල්කර නොගන්නැයි ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ශිෂ්‍ය සංගම් නියෝජිතයන්ගේ එකඟත්වයක් පළ නොවී ඇති බව පෙනෙන්නට තිබේ. අලුතින් වෛද්‍ය පීඨවලට ඇතුළත් කරගත් සිසු සිසුවියන් සති ගණනාවක් තිස්සේ තවමත් සිටින්නේ එකම තැනකය. අයිතිවාසිකම් දිනාගැනීම සඳහා සටන් කිරීමට කිසිවකුට විරුද්ධ විය නොහැකි වුවද ඒ වෙනුවෙන් මාස කීපයක් සිසුන්ගේ අධ්‍යාපන අයිතිය පැහැර ගැනීම අනුමත කළ නොහැක. එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවකට සිසු පරපුර මෙහෙයැවීම පසුපස අන්තගාමී දේශපාලන න්‍යාය පත්‍රවල වුවමනා එපාකම් තිබෙන බව ඕනෑම කෙනකුට සැක පහළ වීම සාධාරණය.


ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙරට වෛද්‍ය වෘත්තියේ ප්‍රමිතිය සම්බන්ධයෙන් අවසාන තීරකයා බව අභියෝගයට ලක්කළ නොහැක. මේ නිසා ඔවුන් සයිටම් සිසු සිසුවියන්ගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්ණායක කෙරෙහි සයිටම් පාලක මණ්ඩලයේ අවධානය යොමුවීම අවශ්‍යය. එසේ වුවද වසර ගණනාවක් තිස්සේ අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන්ගේ මුළු අනාගතයම එක පෑන් පහරකින් අහෝසි කරදැමීම වැනි දැඩි ස්ථාවරයක රැඳී සිටීම වෙනුවට ප්‍රායෝගික විසඳුමක් ලබාගැනීමට සියලුදෙනාගේ අවධානය යොමුවීම අවශ්‍යය. පසුගිය වසර හය හතක කාලය මුළුල්ලේම සයිටම් ආයතනයේ ක්‍රියාත්මක වීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව නුදුටුවා විය නොහැක. අවස්ථා කීපයකදීම සයිටම් ආයතනයේ ලබාදෙන අධ්‍යාපනයේ ප්‍රමිතිය වෛද්‍ය සභාව මගින් පිරික්සා බැලූ බව ද අපට මතකය. සයිටම් සිසුන්ට ප්‍රමාණවත් තරම් සායනික පුහුණුවක් ලබාදීමට ක්‍රියා කරන්නැයි උසාවි තීන්දුවක් ද තිබිණි. එය ක්‍රියාත්මක වීම වැළැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක වූ බවද නොරහසකි. මේ වැනි පියවර ගණනාවක් පසුකරමින් පැමිණ තිබෙන සයිටම් ගැටලුව හේතුවෙන් සියලුම වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වන මට්ටමට රට තල්ලුවනු දැකීමට කිසිවකුත් කැමැති නැත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවධානය ඒ සම්බන්ධව නොපමාව යොමුවිය යුතු යැයි අපි සිතමු.


අනෙක් අතට මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල හෝ වෛද්‍ය විද්‍යාල හෝ බිහි නොවිය යුතුය යන අදහස දරන පිරිස් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමද අවශ්‍යය. මෙරට නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් සියලු_ උසස් අධ්‍යාපනය රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් පමණක් සිදුකළ යුතු යැයි පැවැසීම යථාර්ථයෙන් බැහැරවීමකි. එය ප්‍රායෝගිකව සිදුවන්නක් ද නොවේ. මුදල් හදල් ඇති වෘත්තිකයන්ගේ, දේශපාලකයන්ගේ පමණක් නොව ධනවතුන්ගේද දරුවෝ ඕනෑතරම් එතෙර ගොස් මුදල් වියදම් කොට ලොව පිළිගත් විශ්වවිද්‍යාල උපාධි ලබා මෙරට පැමිණ සේවය කරති. තවත් සමහරු මෙරට සිටිමින් පිටරට විශ්වවිද්‍යාලවලට සම්බන්ධ වී අති විශාල මුදලක් වැය කරමින් පිටරට උපාධි ලබති. මේවා කිසිවකුටත් නැවැත්විය නොහැක. අපේ රටට පමණක් නොව වෙනත් කිසිදු රටකට හෝ මෙසේ උපාධි ලබාගැනීම නවතා දැමිය නොහැක. මේ ආකාරයට වසරකට රුපියල් බිලියන 7කට අධික මුදලක් මෙරටින් පිටරටට ඇදීයන බවද ප්‍රකාශිතය. මුදල් වියදම් කොට උපාධි ගන්නා අය වෙනුවෙන් “සයිටම් උපාධි කඩය” බිහිකර ඇතැයි යන්න සාවද්‍ය ප්‍රකාශයක් වන්නේ එබැවිනි. සයිටම් ආයතනයද වෙනත් සරසවි ප්‍රමිතිය අනුවම අධ්‍යාපනය ලබාදෙන බව එම ආයතනයේ සිසුන්ගේ මාපිය සංගමයේ සාමාජිකයකු වන මහාචාර්ය නෙවිල් පෙරේරා පසුගියදා ප්‍රකාශ කළේය. මෙරට වෛද්‍ය අධ්‍යාපනය ලබා විශ්‍රාම ලබන තුරු රජයේ රෝහල්වල සේවය කළ රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉගැන්වූ මහාචාර්ය නෙවිල් පෙරේරා වැනි වෘත්තිකයකුගේ අදහස එකවර බැහැර කළ නොහැකි බව අපේ හැඟීමය.


සමස්තයක් වශයෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇරැඹීම යනු විවාද සම්පන්න, එසේම මතභේදකාරී විය හැකි මාතෘකාවකි. එයින් බැහැරව සයිටම් ගැටලුව වෙනම සාකච්ඡාවට ගැනීම මේ ගැටලුව විසඳා ගැනීමේ එක් මාර්ගයක් වන බව අපි සිතමු. සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලැබූ, ලබමින් සිටින මෙරට සිසු සිසුවියන් සිය ගණනකගේ අනාගතය කොරහෙන් වතුර විසි කරන්නා සේ ඉවත දැමිය නොහැක. ජනප්‍රිය සටන්පාඨවල එල්ලී මහජනතාව අතර වීරයන් වනවාට වඩා රටේ අනාගතය ගැන සිතා ජනතාවගේ පැරැණි ආකල්ප වෙනස් කිරීම වඩාත් යෝග්‍ය බව බොහෝ දේශපාලනඥයන් පිළිගන්නේ නැත. සයිටම් වසාදැමිය යුතු යැයි ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක ඇමැතිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් එම ප්‍රකාශය ගැන කනගාටුව පළකළ ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, සයිටම් සිසුන්ට සාධාරණයක් ඉටුවන්නේ නම් රාජ්‍ය-පෞද්ගලික විසඳුමකට වුව ද තමන් එකඟ වන්නේ යැයි කළ ප්‍රකාශය මීට හොඳ නිදසුනකි. මහාචාර්ය විතාරණ මෙරට රාජ්‍ය වෛද්‍ය විද්‍යාලයකින් බිහිවූ මහාචාර්යවරයෙකි. වාමාංශික කඳවුරේ ප්‍රබලම සාමාජිකයෙකි.



අදහස් (0)

සයිටම් ප්‍රශ්නය දිග්ගස්සන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

editors column

වැරදි පෙන්වන ගමන්ම හොඳ අගැයීමත් වැදගත්
2020 අප්‍රේල් මස 20 4875 2

නව කොරෝනා වයිරසයට එරෙහිව ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක යැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ “වියෝන්” ප්‍රවෘත්ති සේවය


සයිටම් ප්‍රශ්නය දිග්ගස්සන්න එපා
2017 පෙබරවාරි මස 28 113 0

සයිටම් ප්‍රශ්නය ජාතික ගැටලුවක් වන තරමට දිග්ගැස්සෙමින් තිබේ. ඒ වෙනුවෙන් කතා නොකරන එකම සරසවියක්වත් දැන් නැත. වෛද්‍ය වෘත්තියට සහ වෛද්‍ය අධ්‍යාපනයට


නවක වධකයන්ට නීතියෙන් පාඩමක් දෙමු
2017 පෙබරවාරි මස 28 110 0

නවක වදය පිළිබඳව කතා කරන්නට සිදුවීමත් විශාල වදයකි. කොන්දේසි විරහිතව අතහැරිය දැමිය යුතු පිටුදැකිය යුතු නවක වදය යළි යළිත් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින්


ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැලකීම අගයමු
2017 පෙබරවාරි මස 28 553 0

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර බැංකු ගිණුම්වල තැන්පත් කරන රුපියල් ලක්ෂ 15ක මුදලක් වෙනුවෙන් සියයට 15ක ඉහළ පොලියක් ගෙවීමට රජය තීරණය කර තිබේ. එය ප්‍රසංශා කටය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 237 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 70 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1098 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site