IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අයිස් යුගය පසු කළ යෝධ ගෝනා

අයිස් යුගයේ මිහිමත වාසය කළ ඉතා විශාල මුව විශේෂයක් ලෙස සැළකෙන අයිරිෂ් ගෝනා අදින් වසර 2000ක් තරම් මෑත යුගය දක්වා ම වාසය කැර ඇතැයි විද්‍යාඥයෝ කියති.

ඔවුන් මේ බව පවසන්නේ සයිබීරියාවෙන් ලැබුණු ෆොසිලමය අස්ථි කොටස් පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. මෙතෙක් විශ්වාස කළේ අයිරිෂ් ගෝනා අයිස් යුගයේ දී වඳ වී යන්නට ඇති බවයි.

මේ සුවිසල් සත්ත්ව විශේෂය අඩි පහකට වඩා උසැති බවත් එම සත්ත්වයාගේ අං තට්ටුව මිටර තුනක් හෙවත් අඩි දහයක් පමණ පුළුල්ව පැතිර ගිය බවත් ෆොසිල සාක්ෂි අනුව තහවුරු වී ඇත.

අයිස් යුගයේ දී මිහිතලයේ අයිස් සහිත බොහෝ ප්‍රදේශවල පැතිර සිටින්නට ඇතැයි විශ්වාස කරණ මේ ගෝනා අයිස් යුගය අවසන් වී ක්‍රමයෙන් මිහිතලය උණුසුම් වෙද්දී ක්‍රිස්තු පූර්ව 8800 සිට ක්‍රිස්තු පූර්ව 6800 පමණ කාලයේ දී රුසියාව සයිබීරියාව වැනි ප්‍රදේශයන්හි අයිස් සහිත ස්ථානයන්ට කොටු වී සිටින්නට ඇති බවත් විද්‍යාඥයෝ විශ්වාස කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ ක්‍රමිකව උණුසුම් පරිසරයට හැඩ ගැසී පරිනාමය වූ අයිරිෂ් ගෝනා සිය වර්ගයාගේ අවසන් කාලයේ දී බටහිර හා උතුරු යුරෝපයටත්, ස්කැන්ඩිනේවියා ප්‍රදේශයටත් සීමා වී සිටින්නට ඇති බවයි. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී භූ විද්‍යා හා ඛණිජ විද්‍යා ආචාර්ය යාරොස්ලෝ කුස්මින් මහතා පවසන්නේ මෙය ඉතා වැදගත් සොයා ගැනීමක් බවයි.

‘‘ අයිස් යුගයේ දී පෘතිවියේ ජීවත් වී පසුව වඳවී යන්නට ඇතැයි සිතූ අයිරිෂ් ගෝනා අයිස් යුගය පසුකරමින් වසර දහස් ගණනක් මිහිමත දිවි ගෙවූ බව සොයා ගැනීම ඉතා වැදගත් සිදුවීමක්. මොවුන් මිනිසුන් විසින් දඩයම් කිරීම නිසා වඳවී යාම ඉක්මන් වන්නට ඇති. නමුත් අදින් වසර 2000කට පෙර කාලය දක්වා ම මේ සතුන් මනුෂ්‍ය වාසයෙන් තොර ප්‍රදේශවල ජීවත්ව සිටි බවට දැන් පැහැදිලි සාක්ෂි තිබෙනවා. “

26DD2A6700000578-3007467-image-a-11_1427108850554 26DD2A9400000578-3007467-image-a-12_1427108856531 26DD17A300000578-3007467-image-a-1_1427108720849 26EBB6A300000578-3007467-image-a-13_1427108871058 airish gona

 



අදහස් (0)

අයිස් යුගය පසු කළ යෝධ ගෝනා

රුවන් Sunday, 29 March 2015 05:00 AM

නියමයි නේ.. (ම)

:       0       0

දිනුත් මධුෂංක Friday, 08 May 2015 09:58 AM

හොඳ වැදගත් සොයාගැනීමක් (නදී)

:       0       0

දුමින්ද Tuesday, 24 March 2015 01:26 AM

මිනිසා කිම මෙතරම් හතුරු සොබාදහමට මනරම්... (නි)

:       0       0

විපුල Tuesday, 24 March 2015 05:13 AM

මටනම් හිතෙන්නේ අයිස් යුගයේ හිටපු සතා ලෝකේ උණුසුම් වෙනකොට පරිණාමය වෙලා දැන් ඉන්න ගෝනා වෙන්න ඇති කියල ..(ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2008 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site