IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


කෝපි බොන්නේ පරිස්සමෙන්

කෝපි පානය කිරීමෙන් මානසික උත්තේජනයක් සිදුවීමට අමතරව අමාශයේ ඇති ඇසිඞ් වර්ග ද උත්තේජනයකට ලක්වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති.

ආමාංශයේ ඇසිඩ් උත්තේජනය වීම නිසා, බඩවැල්වල සිදුවන ක්‍රියාදාමය ඉක්මන් වීමක් සිදුවන බවත් ඒ නිසා වැසිකිළි යෑමේ අවශ්‍යතාව ඇති වන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.

විද්‍යාඥයන් මීට පෙර සිතා සිටියේ කැෆේන්වලින් විරේකයකින් සිදුවන ආකාරයේ ක්‍රියාවලියක් සිදුවන බවත්, එය පුද්ගලයන් දහ දෙනකුගෙන් තිදෙනකු අතර තිබෙන තත්ත්වයක් බවත්ය.

කැෆේන් රසායනය ඉවත් කළ කෝපිවලිනුත් මේ තත්ත්වය ඇතිවන බව මේ වනවිට අනාවරණය වී ඇත.

සීනි රහිත කොකා කෝලාවලින් මෙය සිදුවන්නේ නැතැයි ද මීට හේතුව කෝපිවල ඇති රසායනයක් බව ද එහිදි අනාවරණය විය. ඇමෙරිකා රසායන විද්‍යා සංගමය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන අතර කෝපිවල ඇති ඇසිඞ් ස්වභාවය යම් යම් පුද්ගලයන්ගේ ආමාශයේ සිදුවන ක්‍රියාකාරකම් බලපෑම් කරන බව ද ඔවුහු පෙන්වාදෙති.

අමාශයේ ඇති ඇසිඞ් මට්ටම් වැඩි කිරීමට කෝපිවල ඇති ක්ලෝරෝජෙනික් නැමැති ද්‍රව්‍යය හේතුවන බව පරීක්ෂණවලින් සොයාගෙන ඇත. ඒ අනුව ඇසිඞ් ක්‍රියාකාරිත්වය වැඩි වන අතර ඒ හේතුවෙන් ආමාශයෙන් ආහාර ඉක්මනින් බඩවැල් වෙත යවන බවත් යම් යම් පුද්ගලයන්ට කෝපි පානය කළ පසු මළපහ කිරීමේ අවශ්‍යතාවක් ඇති වන බවත් පර්යේෂකයෝ පෙන්වාදෙති.



අදහස් (0)

කෝපි බොන්නේ පරිස්සමෙන්

තුසිත Friday, 22 April 2016 03:07 AM

හොඳ ලිපියක් (බ)

:       0       0

විකී Friday, 22 April 2016 03:20 AM

කෝපි පානය කිරිමෙන් වැසිකිලි යාමේ උවමනාව පාලනය කළ හැකිය . මෙයා කියන්නේ නෙස්කැෆේ ගැන වෙන්න ඇති. (බ)

:       0       0

ටානි Thursday, 21 April 2016 02:54 AM

බොහොම හොඳ ලිපියක් (නි)

:       0       0

පීරිස් Saturday, 23 April 2016 06:47 AM

අපි නම් අහලා තියෙන්නේ කෝපි බිවුවහම බඩ වේලෙනවා කියලයි. වැඩියෙන් බඩ බුරුලට යනකොට කියන්නෙත් කෝපි ටිකක් බොන්න කියලනේ (නි)

:       1       0

ගිහාන් Wednesday, 20 April 2016 04:33 PM

නිවැරදි කරුණු ඇතුළත් ලිපියක්. ගොඩක් හොඳයි (නි)

:       0       0

ඉමේෂ් Monday, 25 April 2016 03:32 AM

අබුද්දස්ස කලේ ලබුත් තිත්ත වෙනවලු. මෙච්චරකල් අපිට වෙච්ච දේවල් දැන් වෙනස් වෙන්නද යන්නේ? බඩේ අමාරුවට කොපි බිව්වා අපි.(රේ)

:       0       0

දිසානායක Tuesday, 26 April 2016 08:04 AM

මම හිතන්නේ මේක ඇත්ත වෙන්න බෑ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2207 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3567 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4289 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 416 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site