නිවර්තන වනාන්තරවල සිදුකරන ශාක හෙළීම් හේතුවෙන් ඒවායේ වෙසෙන සත්ත්ව විශේෂවලට දැඩි බලපෑමක් සිදුවන බවත් කිරි බී වැඩෙන සතුන් හෙවත් ක්ෂීරපායී සතුන් සහ උභයජීවීන් මේ අතරින් වඩාත් අවදානමට ලක්වන බවත් පර්යේෂකයෝ කියති.
ඔවුන් මේ බව ප්‍රකාශ කරන්නේ ලෝකයේ විවිධ රටවල පර්යේෂකයන් විසින් සිදුකළ සමීක්ෂණ වාර්තා 50ක දත්ත පදනම් කරගනිමිනි.
මෙහිදී පෙනීගොස් ඇත්තේ වනාන්තර හෙක්ටයාරයකින් විශාල ගස් තුනක් හෝ හතරක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් හෙවත් ඝන මීටර 38ක ප්‍රමාණයක වපසරියක ගස් කපා දැමුවහොත් එහි සිටින ක්ෂීරපායී සත්ත්ව විශේෂ ප්‍රමාණය අඩකින් අඩුවන බවයි. එසේම වනාන්තර හෙක්ටයාරයක ගස් හයක් හෝ හතක් හෙවත් ඝන මීටර 63ක පමණ ප්‍රමාණයක් හෙළිපෙහෙළි කළහොත් එහි සිටින උභයජීවීන්ගේ ප්‍රමාණය ද අඩකින් අඩුවන බව පර්යේෂකයෝ කියති.
මෙවැනි ශාක විනාශ කිරීම් වනාන්තරයේ සිටින සියලු ජීවීන්ට බලපාන්නේ අහිතකර අයුරිනි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ගස් කැපීමෙන් සතුන් අනතුරේ
ඉන්ද්‍රජිත් කුවෙට් Saturday, 12 March 2016 02:41 PM
හොඳ ලිපියක්...එතකොට ලෝක වනාන්තර සුරැකීමේ සංවිදාන වලට ලංකාවේ වන විනාසය පෙන් නැද්ද...විල්පත්තුව විනාස වෙනවා ...සත්තු කොච්චර විනාස වෙනවාද ....ඔය වනාන්තර විනාස නොකර ....එම ජනතාවට නිවාස හදල දෙන්න ක්‍රමයක් නැද්ද..(රේ)
විමල Thursday, 10 March 2016 02:26 PM
විල්පත්තුවේ නම් එහෙම වෙන්නේ නැහැ (නි)