IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


චීනයේ ලොකුම ලෙන් විහාරය විවෘත වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කොට ඇති චීනයේ හෙනාන් ප්‍රාන්තයේ පිහිටි දැවැන්ත "ලොන්ග්මන්" ලෙන් විහාර සමුහයේ පිහිටි "කන්ජින් රාජකීය ලෙන් විහාරය" වසර 63 කට පසුව බැතිමතුන් සහ සංචාරකයින් වෙත විවෘත කර ඇත.

පෞරාණික චීන බෞද්ධන්ගේ නිර්මාණශීලි බවත් කැපවීමත් විදහා දක්වන මෙම පුදබිමෙහි සැතපුමක් පමණ දිගට විහිදී ගිය හුණු ගලෙහි අලංකාර පිළිම සහ කැටයම් වලින් පිරීගිය ලෙන් විහාර 2300 කටත් වැඩි ප්‍රමාණයක් ඇත.

ඒවා අතරින් දැනට කන්ජින් රාජකීය ලෙන් විහාරය මහජනයා වෙත විවෘත කිරීමට තීරණය කළේ මෙම ලෙන් විහාර වැඳපුදා ගැනීමටත් නැරඹීමටත් පැමිණෙන අති විශාල ජනතාව සඳහා එහි ඉඩකඩ ප්‍රමාණවත් වන නිසා බව ලොන්ග්මන් ලෙන් පරිශ්‍රය භාර පුරාවිද්‍යා ආයතනය පවසා ඇත.

මෙතෙක් කල් සංචාරකයින් හට අවස්ථාව ලැබුණේ එම ලෙන් පිහිටි කඳු පන්තිය අසල සිට ඒවා දැක බලා ගැනීමට පමණකි. මෙතෙක් සංචාරකයින් හට එම සුවිසල් ලෙන් විහාර තුළට ඇතුල් වීමට ඉඩ ලැබුණේ නැත.

මාර්තු මාසයේ සිට විවෘත කෙරුණ ප්‍රධාන ලෙන් විහාරය තුළ ක්‍රිස්තු වර්ෂ 618 සිට 907 දක්වා පැවති "ටැං" රාජ වංශයේ පාලන සමයේ ඉදිකළ අඩි 29ක් උස අලංකාර හිඳි පිළිම වහන්සේ නමක් ඇත.

සම්පුර්ණ ලෙන් විහාර පරිශ්‍රයේ වසර 300 ක පමණ කාල සීමාවක් ඇතුලත නිර්මාණය කර ඇති බුදු පිළිම සහ අනෙකුත්  ප්‍රතිමා 110,000 ක් පමණ ඇත. මෙම ලෙන් විහාරය මුලින් නිර්මාණය කර ඇත්තේ චීනයේ සිටි එකම අධිරාජිනිය ලෙස සලකන "වූ සේශියන්" ගේ රාජකීය විහාර මන්ධිරය ලෙසය.

දඹදිව සිට චීනයට බුදුදහම ගෙන ආ "ශුවන්ෂන් " නම්වූ සුප්‍රකට චීන භික්ෂුන් වහන්සේ මෙම විහාරස්ථානයේ වැඩ විසූ බවත් එහිදී උන්වහන්සේ විසින් බෞද්ධ ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් රචනා කරන ලද බවත් පැවසෙයි.

දීර්ඝ කාලයක් තිස්සේ වැසි සුලං ආදී විවිධ ස්වාභාවික ආපදාවන්ට මුහුණ දුන්නද මෙම විහාරයන්හි ඇති පිළිම වහන්සේලා බොහෝ දුරට ආරක්ෂාවී ඇත.

1970 ව වකවානුවේ චීනයේ ඇතිවූ චීන සංස්කෘතික විප්ලවාදී පවා මෙවැනි පෞරාණික වටිනාකමකින් යුතු ස්ථාන එම ප්‍රදේශවල ජිවත් වුවන් විසින් ආරක්ෂා කරන ලද බව කියවෙයි. 

කන්ජින් රාජකීය ලෙන් විහාරයෙහි ඇති මිල කළ නොහැකි පිළිම ආරක්ෂා වන අයුරින් විදුරු ආවරණ සකස් කිරීමටත් පරිසර දූෂණය සොයා බැලීමේ උපකරණ සවි කිරිමටත් බලධාරීන් කටයුතු යොදා ඇත.

CHINA1[1] China3[1] China4[1] China5[1] China6[1] Cina2[1]

 



අදහස් (0)

චීනයේ ලොකුම ලෙන් විහාරය විවෘත වෙයි

අබරන් Monday, 21 March 2016 08:25 AM

සැඟවුණු බෞද්ධ ඉතිහාසය ලොවෙහි තව කොතරම් ඇද්ද?(ම)

:       0       0

ගුණසිරි Monday, 21 March 2016 02:45 PM

අබරන්ගේ කතාව වටිනා කතාවක්, ලෝකයේ යමෙක් අසීමිත දෙයක් ගොඩ නැගුවාද ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්මයි. (ර)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Tuesday, 22 March 2016 02:46 PM

ලොව පුරා බුදු දහමට ඇති පිළිගැනීමත්, ආරක්ෂා කිරීමට එම රටවැසියන් ගන්නා උත්සාහයත් ඉතා ප්‍රශංසනීයයි. ලොව දස දෙස බුදුගුණ පැතිරේවා! (නි)

:       0       0

ඉනෝකා Monday, 21 March 2016 11:11 PM

භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා...!!! (නි)

:       0       0

නිලන්ත කුමාර Wednesday, 23 March 2016 08:48 AM

බුදු දහම හැර වෙනත් ආගමක් නැත (බ)

:       0       0

චන්දන Tuesday, 22 March 2016 02:55 AM

සම්බුදු දහම බොහෝ දෙනාගේ හිතසුව පිණිස බොහෝ කාලයක් පවතීවා! (නි)

:       0       0

ප්‍රසාද් Monday, 28 March 2016 04:21 AM

පින්බර දසුනක් බුදු දහම ලොව පුරම පැතිරේවා (ම)

:       0       0

විජිත් Tuesday, 22 March 2016 12:01 PM

මම වරක් චීනයට ගිහින් තියෙනවා.නමුත් ඒ කාලය දැනට වඩා ගොඩක් වෙනස්.ඒ කාලයේ ඡායාරුප ගැනීමත් තහනම්.දැන් ලෝකය වෙනස්වෙලා කාටත් චීනය විවෘත වුනා.අයෙත් දවසක මට "නව " චීනය දකින්න ආසයි, එදාට අනිවාර්යයෙන්ම මේ ලෝන්ග්මන් ග්රොත් එක බලන්න යනවා.(හේ)

:       0       0

හසන්ත Monday, 21 March 2016 01:51 PM

බුද්ධාගමට කොච්චර වටිනාකමක් තිබිලා තියෙනවද ඔය පිළිම හදන්න? අද කාලේ වගේ පහසුකම් තිබුනේ නැහැනේ. හිතාගන්නවත් බැහැ මේ කැපවීම (නි)

:       0       0

මධුරංග Monday, 21 March 2016 02:05 PM

හරිම ලස්සනයි. පින්බර දසුනක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2207 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3567 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4289 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 417 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site