ජුරාසික් යුගයේ සිට මේ දක්වා වසර ලක්ෂ 1700ක කාලයක් පරිනාමයට පත් නොවී ජීවත්වන ජීවී පොසිලයක් ලෙස හඳුන්වන දුර්ලභ සැලමැන්දරාවෙක් චීනයේ උයන්පල්ලකුට හමුවී ඇත.
විද්‍යාඥයන් පවසන්නේ මේ සත්ත්වයා දැනට ලොව වාර්තාවන විශාලත ම උභයජීවියා බවයි. ඔවුන් පවසන්නේ මේ සත්ත්ව විශේෂය විකරණය වී ඇත්තේ ඉතා ස්වල්ප වශයෙන් බවයි. ලොව සිටින ජීවීන් අතරින් ඉතා පැරණිත ම ජීවී විශේෂ ස්වල්පයෙන් එක් විශේෂයක් වන මේ සැලමැන්දරා කුඩා දරුවකු හඩන ආකාරයෙන් ශබ්ද නගයි.
චීනයෙන් හමුවූ මේ සැලමැන්දරා සත්ත්වයා දිගින් සෙන්ටි මීටර 83කි. බර කිලෝ ග්‍රෑම් 5.5 කි. චීනයේ මෙවැනි යෝධ සැලමැන්දරාවන් සම්බන්ධ මිත්‍යා කතා බොහොමයක් ඇත. චීන මාධ්‍ය වාර්තා කරන්නේ මේ සත්ත්වයා ආරක්ෂිතව ස්වභාවික පරිසරයට මුදා හැරි බවයි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජීවී ෆොසිලයක් චීනයෙන් හමුවෙයි
සුබාෂිණී Friday, 27 March 2015 05:03 AM
පරිණාමය පිළිබද විවිධ දේ හමුවීම අනාගත පරපුරට ඉතාමත් වටිනේය..නමුත් මෙම සත්වය පොඩි ළමයකු අඬන අයුරෙන් ශබ්ද කිරීමත් නිසා බෝදිලිමා යන සත්ත්වයා අතර කිසියම් සම්බන්ධතාවක් අැත්ද යන්න ප්‍රේහේලිකාවකි? (බ)
මංජුල Saturday, 09 May 2015 10:15 AM
ඇත්තටම මම මේ කියන කතාව ඔබට ඉතා වැදගත් වෙයි. සත්ව පරිණාමය වේගවත් වෙන්නේ පරිසරය තුල රසයනික විපර්යාස වැඩිපුර වෙන කොටයි. විශේෂයෙන්ම ගිනිකදු පිපිරීම් වැනි දේවල් වලින්. වර්තමානයේ එවැනි දේවල් ඉතා අඩුයි. එ් නිසා කුඩා සතුන් ඇරෙන්න විශාල සත්වයින්ගේ පරිණාමය මන්දගාමියි.(හේ)
සුජිත් Tuesday, 24 March 2015 12:18 PM
එතකොට පරිණාම විද්‍යාවට මොකද වෙන්නේ? (නි)
ගයාන් සංජීව Wednesday, 25 March 2015 12:49 AM
මමක් කැමතියි මේ වගේ විශේෂ සිදුවීම් තව දැනගන්න.ඒ සම්බන්ධව ස්තූති කරනවා (නි)
නොයෙල් Tuesday, 24 March 2015 01:07 PM
මේක නම් පුදුමයක් (නි)
කලින් Friday, 27 March 2015 07:46 AM
මේ ගැන තවත් පරීක්ෂණ කල යුතුයි. සත්ව පරිණාමය පිළිගත නොහැකි මන්ද වදුරන් ගේ පරිණාමය නතර වුනේ කෙසේද ? කුමක් හෝ රහසක් මේ සොබා දහම තුල පවතී. (නදී)
අභය Wednesday, 25 March 2015 03:06 AM
මිනිසා අනාගතයෙදී ඔලුව විශාල, කකුල් කොට, අත් කොට බඩ විශාල සතෙක් වෙයි. අද අපේ ළමුන් ඒ වගේනේ. පොතේ වැඩ විතරයිනේ (නදී)
යාපා Tuesday, 24 March 2015 02:02 PM
ඉතා වටිනා සොයාගැනීමක් (නි)
ඉසුරු Monday, 06 April 2015 05:33 AM
සුපිරි සොයාගැනීමක්. නියමයි. (ස)
ක්‍රිෂාන් Wednesday, 25 March 2015 11:37 AM
පිටසක්වල සිට පැමිණුනා වත්ද .? (ර)
කුමාරි ගමගේ Saturday, 28 March 2015 04:53 PM
රතු වැස්ස, නිල් වැස්ස.. දැන් තව එකක්. (ත)
අරුණ ජයරත්න Saturday, 28 March 2015 05:40 PM
යම් ජීවියෙක් ජිවත් වන පරිසර තත්වයන් වෙනස් වන විට එයට ඔරොත්තු දිය හැකි වන අයුරින් හැඩගැසීමකට ලක් වෙනවා. නොහැකි අය වඳ වෙනවා. කිසිම වෙනසක් නැතිව පැවතීමට හැකි ඔරොත්තු දෙන අය එලෙසම පවතිනවා. මෙය මිනිසාටත් පොදුයි.(ත)
දර්ශන Saturday, 28 March 2015 06:26 PM
මොවුන් ගැන පොත් වල ලියවිලා තියෙනවද? එහෙනම් ඇයි මෙචීචර කාලයක් සෙවීවෙ නැත්තේ. එම සතාව අනිවාර්යෙන් පරීක්ෂන සදහා යොදා ගත යුතුයි. මැරීමට නොව තව සිටිනවාද ; මොහුගේ පරිනාමය කුමක්ද කියා දැන ගැනීම සදහා. (නදී)
දුමින්ද Tuesday, 24 March 2015 06:49 AM
පරිණාමයට පරිසර වෙනසට කල සොබා දහමේ අභියෝගයක්ද ? (ම)
දොන් Friday, 27 March 2015 03:23 AM
මට මේක පැහැදිලි කර දෙන්න. පරිණාම විද්‍යාවට අනුව ජීවින් වෙනස් වන්නේනම් පරිනාමයේ මුලික අවස්ථාවේ ජීවින් වන ගෙම්බා , ඉබ්බා වැනි සතුන් තවම ලොව ජීවත් වන්නේ කුමක් නිසාද? (ම)