IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


පේරාදෙණියෙන් අලුත් කාලගුණ සිතියමක්

ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය, උෂ්ණත්වය හා ජල අතිරික්ත වෙනස්වීම් පිළිබඳ දත්ත විශ්ලේෂණය කර සිතියම්ගත කිරීමේ පර්යේෂණයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් සිදුකරයි.

කෘෂි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ආචාර්ය පත්මරාජා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පර්යේෂණය සිදුකෙරන අතර ජාතික පර්යේෂණ සභාව මීට මූල්‍ය දායකත්වය සපයයි.

‘කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අඩ සියවසක කාලයක් පුරා එක්රැස් කළ දත්ත උපයෝගී කරගෙන මෙතෙක් සිදුවූ කාලගුණික විපර්යාස පිළිබඳව අපි අධ්‍යයනය කරනවා. මෙතෙක් ලංකාවට හඳුන්වාදී නොමැති ක‍්‍රමවේද හා ප‍්‍රවේශයන් ප‍්‍රථමවතාවට මෙම පර්යේෂණ කටයුතු සඳහා අප උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වෙනවා.‘

‘මහ වැසි, අධික උෂ්ණත්වය, ගංවතුර සහ අනපේක්‍ෂිත නායයෑම් පිළිබඳව පසුගිය කාලවකවානුවේදී අපට අසන්නට දකින්නට ලැබුණා. මෙම විපරිත කාලගුණික රටා පිළිබඳව විශේෂිත තොරතුරු අධ්‍යයනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමගින් නායයාම් ඇතුළු අනපේක්‍ෂිත කාලගුණික තත්ත්ව ඇතිවන ස්ථාන, ඇතිවන වාර ගණන, තීව‍්‍රතාව හා පවතින කාලසීමාව පිළිබඳ දත්ත පහසුවෙන් ලබාගැනීමට හැකිවේයැයි අපි විශ්වාස කරනවා.‘

‘කාලගුණික දත්ත වෙනස්වීම් එකතුවක් තුළින් සංඛ්‍යාත්මක නිරූපණ හරහා ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්තව හඳුනාගැනීමට මෙම පර්යේෂණයෙන් අවකාශ ලැබෙනවා. ලංකාව තුළ ආපදා කළමනාකරණයට හා ජල කළමනාකරණයට ප‍්‍රයෝජනවත් ලෙස භාවිත කළ හැකි නවීන සිතියමක් සකස් කිරීම මෙම පර්යේෂණයේ අවසන් ප‍්‍රතිඵලයයි‘

මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය මෙත්තිකා විතානගේ, මහචාර්ය එම්.සී.එම්. ඉක්බාල්, ඇමෙරිකාවේ දකුණුදිග ෆ්ලෝරීඩාවේ දිස්ත‍්‍රික් ජල කළමනාකරණ ආයතනයේ ආචාර්ය ජයන්ත ඔබේසේකර සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්‍ෂක ජී. නවීන්ද්‍ර කුමාර් යන මහත්ම මහත්මීන් මෙම පර්යේෂණය වෙනුවෙන් සහාය ලබාදෙති.



අදහස් (0)

පේරාදෙණියෙන් අලුත් කාලගුණ සිතියමක්

ජයතු Tuesday, 16 August 2016 08:22 PM

ආචාර්ය මෙත්තිකා මහත්මිය ඉතා හොඳ වැඩකට අතගහලා තියෙනවා. ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ලලිත් Friday, 19 August 2016 12:07 PM

මෙවැනි කාලගුණ සිතියමක් මීටකලින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සිටි කීර්තිමත් අධ්‍යක්ෂකවරයෙකු විසින් පිළියෙළ කලා. එම සිතියම එවකට කාලගුණ දෙපාර්තමේන්තුව විසින් පිළියෙළ කළ සිතියමට වඩා වෙනස් වුණත් එය වඩාත් නිවැරදි බව එය පරිහරණය කළ වාරිමාර්ග සැලසුම් නිලධාරීන් මෙන්ම විදේශික උපදේශකවරුන් පවා එකහෙලාම පිළිගෙන තිබුනා. එම සිතියමට අනුව කැබිතිගොල්ලෑව ආසන්නයේ වැඩි වර්ෂාවක් ඇති කලාපයක් ලෙස නම්කර තිබුනා. ඇත්තෙන්ම එම ප්‍රදේශය වසර පුරා නොසිඳෙන උල්පත් වලින් ගහන ප්‍රදේශයක්. නමුත් එම සිතියම මේ වනවිට තරමක් පැරණියි. අද වර්ෂාව සහ උෂ්ණත්වය එදාට වඩා බොහෝ වෙනස්. එම තත්වය උඩ මෙසේ පැරණි සහ කාලීන දත්ත උපයෝගී කරගෙන නව සිතියමක් පිළියෙළ කිරීම ඉතාම වැදගත්, කාලෝචිත සහ අත්‍යවශ්‍ය පියවරක්. (නි)

:       0       0

මනෝජ් Tuesday, 16 August 2016 10:18 AM

එංගලන්තයේ විශ්වා විද්‍යාලයක ආචාර්යවරියක් ආසියාව භාර, ලිපියක් ලියලා තිබ්බා ඩේලි නිවුස් එකේ 2008දි ලංකාවේ කාලගුණය ගැන. එකත් බලන්න. (හේ)

:       0       0

ගුණසිරි Thursday, 18 August 2016 06:30 AM

දත්ත විශ්ලේෂණය කර සිතියම් ගතකරනවා වෙනුවට, නරකද හේතු වෙනස් වෙද්දී ප්‍රතිඵලය වෙනස් වෙනවාද යන්න සෙවීම?

:       0       0

ප්‍රභාත් Thursday, 18 August 2016 12:20 AM

විශිෂ්ට ආරම්භයක්. සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2207 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3567 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4289 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 417 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 916 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site