IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


පරිනාමයේ තවත් පුරුකක් ස්පාඤ්ඤයෙන්

අදින් වසර ලක්ෂ 116ට පෙර මිහිමත විසූ වානර විශේෂයක ෆොසිල සොයාගත් බව විද්‍යාඥයෝ කියයි. මේ පර්යේෂණය සිදුකර ඇත්තේ ස්පාඤ්ඤයේ කටර්ලන් ෆොසිල ආයතනය මගිනි.

ඊසාන දිග ස්පාඤ්ඤයේ කැටලෝනියා ප්‍රදේශයෙන් මේ ෆොසිල හමුවී ඇත. එම ෆොසිලය වැඩිහිටි ගැහැනු වානරයකුගේ බව පර්යේෂකයන්ගේ මතයයි.  කිලෝ ග්‍රෑම් හතරක් හෝ පහක් පමණ බරකින් යුතුව සිටින්නට ඇතැයි සිතිය හැකි මේ වානරයන්  වනාන්තරයේ තුරු මත ඒ මේ අත පනිමින් ගමන්කරන්නට ඇතැයි ද පර්යේෂකයෝ කියති.

පැරණි වානරයන් කුඩා ශරීර සහිතව සහ විශාල ශරීර සහිතව සිටියේය.

මොවුන් වැඩි දෙනකු වලිගය නොමැතිව හෝ ක්ෂීණ වී ගිය සතුන් වූ අතර සෘජු කඳක් තිබීම ද විශේෂත්වයකි. ඔවුන්ගේ හිස් කබල ද එකිනෙක හා සමාන වීම විශේෂත්වයකි

ඔවුන් එකිනෙක වෙනස්ව පරිනාමය වන්නට ඇත්තේ වසර ලක්ෂ 150 ට හෝ 200ට පමණ පෙර බව ද විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

කෙසේ වෙතත් දැන් සොයාගෙන ඇති වානර විශේෂය මෙතෙක් සොයාගෙන නොතිබූ නව සත්ත්ව විශේෂයකි. 2011 දී සොයාගත් ෆොසිල කොටස් 70ක් අතර තිබී මේ හිස්කබල හඳුනාගෙන ඇත. මේවා අතර උරහිස් හා මැණික් කටු සන්ධි කිහිපයක කොටස් ඇතුළු හිස් කබල හා වම් අතේ කොටසක් හමුවී තිබිණි.

මේ වානරයා ඔරං ඔටං හා සමාන වූ කුඩා ප්‍රමාණයේ මානව විශේෂයකි.

පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානියා වූ ඩේවිඩ් එම්. අල්බා මහතා පවසන්නේ මෙය ලොව වානර විශේෂ අතර ඉතා  වැදගත් සොයා ගැනීමක් බවයි. එමගින් මෙතෙක් වානරයා පරිනාමය වූ අකාරය පිළිබඳ තිබූ ගැටළු තැන් කිහිපයක් පැහැදිලි කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.151029150247_1_540x360 32



අදහස් (0)

පරිනාමයේ තවත් පුරුකක් ස්පාඤ්ඤයෙන්

වි.ස.ප.විමලසේන Thursday, 19 November 2015 06:17 AM

මැවුම්වාදය වලපල්ලටම යන බව පැහැදිලිවම පෙනේ.(ම)

:       0       0

බන්දු Thursday, 19 November 2015 06:36 AM

ඊළඟ ආත්ම, අකුසල්, පව්, පින් ගැලවීම ආදී හැමදේම පරිණාම වාදය පිළිගන්නේ නෑ!(හේ)

:       0       0

බටු Thursday, 19 November 2015 10:31 AM

එකපාරටම කොහොමද වානරයෙක් මිනිසෙක් වෙන්නේ ඔලු කට්ටක් හොයාගෙන කොහොමද මේක ඔප්පු කරන්නේ ? (ර)

:       0       0

මොරිස් Thursday, 19 November 2015 02:02 AM

චාල්ස් ඩාර්වින් ගේ පරිණාමවාදය දවසින් දවස තහවුරු වෙනවා.(රේ)

:       0       0

කුමාර් Thursday, 19 November 2015 11:07 AM

මේ වගේ වානරයෝ වර්ග 100 කට වඩා ලෝකේ තාම වෙනස් නොවී ඉන්නවා, එයාලගේ පරිනාමය ඇන හිටලාද?, මිනිහා මිනිහාමයි වඳුරා වන්දුරාමයි. (ම)

:       0       0

පතිරණගේ Friday, 20 November 2015 05:50 PM

පරිණාමය කියන්නේ අපේ ජීවිත කාලය තුළ අත්දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. එය වසර බිලියන ගණනක් තුළ සිදුවෙන ක්‍රියාවලියකි. පොසිල සාධක වලින් ඔප්පුවෙන්නේ එම වෙනස්වීමයි. පරිණාමය ඔප්පුවෙන ප්‍රධාන තර්කය වෙන්නේ ජාන තාක්ෂණය තුළ සිදුකළ හැකි වෙනස්කම්ය. ස්වභාවික වරණය, උචිතෝන්නතිය සහ විකෘති පරිණාමයේ මුලික හේතු වේ. (නි)

:       0       0

ඩයස් Friday, 20 November 2015 01:13 AM

ලොව සියලු දෙයම අස්ථිර නම් පරිණාමවාදයද එසේම වේවි නේද? (නි)

:       0       0

කුමාර Thursday, 19 November 2015 01:57 PM

අපිට වෙන මොකුත් විසඳන්න ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද? (නි)

:       0       0

සුගත් බණ්ඩාර Tuesday, 24 November 2015 09:10 AM

පරිණාමවාදය සොයා මහන්සි වෙන්නේ නැතුව බුදුදහම ගැන ලියල තියෙන පොත පත කියවල බලන්ඩ එතකොට පිළිතුරු සොයා ගන්න පුළුවන් .මහන්සි වෙන්ඩ එපා .තෙරුවන් සරණයි (ම)

:       0       0

දාස Tuesday, 24 November 2015 03:18 AM

මම නම් පරිණාමය කියලා දෙයක් පිළිගන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site