IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


මොරටු සිසුවා රනින් පිදුම් ලබයි

2015 සමස්ත ලංකා පාසල් නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියට ‘අපතේ යන ජලය පිරිසුදු කිරීමේ උපකරණයක්‘ නිපදවූ මොරටුව මහ විද්‍යාලයේ 6 වැනි ශ්‍රේණියේ සෙනිත් දික්සුර වින්සට් සිසුවා රන්පදක්කම දිනාගැනීමට සමත්විය.

දිවයින පුරා පාසල් ගණනාවක්  මෙම තරගාවලියට සහභාගිවූ අතර එම ඒ 6-7 ශ්‍රේණි අංශයේ තරගකරුවන් 72 ක් අභිබවා සෙනිත් ප‍්‍රථම ස්ථානය දිනාගත්තේය.

නව නිපැයුම්කරුවන්ගේ තරග කමිටුවේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න ගේ අධීක්‍ෂණය යටතේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේදී තරගාවලිය පැවැත්විණි. විද්‍යාව දියුණු කිරීම සඳහාවූ ශ්‍රී ලංකා සංගමය එය සංවිධානය කර තිබිණි.

‘ලෝකයේ උණුසුම වැඩිවීමත් සමඟ සමස්ත ජල මට්ටම අඩුවෙමින් පවතිනවා. ඒ වගේම ජලය අපතේ යන ප‍්‍රමාණත් ඉතා වැඩියි. ඒනිසා මට හිතුණා අපතේ යන ජලය පිරිසුදු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. ඒ අනුව තමයි මෙවැනි නිර්මාණයක් මගේ හිතට ආවේ. මෙමගින් ජලයේ විස බීජ 99% ක් පමණ ඉවත් කරන්න පුළුවන්. මෙය තවමත් ආකෘතියක් පමණයි. ඉදිරියේදී මෙය තවදුරටත් වැඩි දියුණු කරන්න මා බලපොරොත්තු වෙනවා. මුලින්ම මා නව නිපැයුම්වලට යොමු වුණේ නව නිර්මාණ වැඩමුළුවක් හරහායි. එහිදී දුරස්ථපාලකයෙන් ක‍්‍රියාකරන නළාවක් මා ඉදිරිපත් කළා. ඒක දැකපු වැඩසටහන මෙහෙයවූ ගුරුතුමිය මා දිරිමත් කළා. ඉන්පසුව තමයි මා ‘අපතේ යන ජලය පිරිසුදු කිරීමේ උපකරණයක්’ නිර්මාණය කළේ. මේ නිර්මාණයට අවශ්‍ය විදුලිය ගෘහස්ථ වශයෙන් ලබාගත්තොත් ලොකු වියදමක් දරන්න වෙනවා. ඊට විසඳුමක් විඳිහට මම සූර්ය බලශක්තිය යොදා ගත්තා. මෙය නිර්මාණය කිරීමේදී මා බොහෝ දුරට උපයෝගී කරගත්තේ ඉවතලන ද්‍රව්‍යයන්. මෙය තව තවත් දියුණු කර ලෝකයට හඳුන්වාදීමට තමයි මගේ බලාපොරොත්තුව. මහාචාර්ය චන්දන ජයරත්න, මොරටුව මහ විදුහලේ හිටපු විදුහල්පතිනි ශ්‍රී ජයලත් මැණිකේ, වර්ථමාන විදුහල්පති අතාවුද යන මහත්ම මහත්මීන්ටත් ගුරුමෑණි පියවරුන්ටත් සහ මගේ මවුපියන්ටත් මේ අවස්ථාවේදී ස්තූතිය පුදකරනවා’ යැයි සෙනිත් දික්සුර සිසුවා පවසයි.

senith_2016310 senith_2016310-2 senith_2016310-3



අදහස් (0)

මොරටු සිසුවා රනින් පිදුම් ලබයි

ඉනෝකා Friday, 11 March 2016 08:57 AM

ඔබේ නිර්මාණ දිගටම කරගෙන ගොස්, අනාගතයේ දීප්තිමත් මිනිසකු වෙන්න...ඔබට සුබ පැතුම්..!(ම)

:       0       0

කුමාර Friday, 11 March 2016 04:49 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

එරංග Friday, 11 March 2016 06:12 PM

මම ඔබට සුබ පතමි! ඉදිරියටම යන්න වාසනා! (නි)

:       0       0

රොෂාන් Thursday, 10 March 2016 11:47 AM

ඔබ‍ට සුබ අනාගතයක් වේවා මල්ලි...(බ)

:       0       0

පීරිස් Thursday, 10 March 2016 09:26 PM

මට ගොඩක් ආඩම්බරයි මගේ පුතේ. මගේ විදුහලෙන් බිහිවුණ නුඹ රටටම ආදර්ශයක්. මොරටුවේ නම තව වතාවක් ලෝකෙටම පෙන්නුවාට නුඹට උණුසුම් සුබ පැතුම් පුතේ! (නි)

:       0       0

අබය Thursday, 10 March 2016 10:29 PM

රටට වැඩදායක දරුවන් බිහිකිරීමට උපකාර කරන මෙවැනි පාසල් වලට ජනතා උපහාරය! (නි)

:       0       0

රත්නායක Friday, 11 March 2016 11:10 AM

මගේ උණුසුම් සුබ පැතුම් පුංචි පුතේ... (ර)

:       0       0

ඉන්දු Thursday, 10 March 2016 12:48 PM

උණුසුම් සුබ පැතුම් පුංචි පුතේ..! (බ)

:       0       0

ලක්ෂාන් Friday, 11 March 2016 11:23 AM

අපේ ඉස්කෝලෙන් බිහි උන ළමයෙක් සන්තෝසයි .සුබ පතනවා මල්ලි. (ර)

:       0       0

ඉනේෂ් ගුණරත්න Friday, 11 March 2016 11:34 AM

මගෙන් සුබපැතුම්.! (ර)

:       0       0

ඉමේෂ් Friday, 11 March 2016 02:12 AM

වහාම වෙන රටකට යන්න. මේ රටේ හිටියොත් ඔයාට තේරුමක් නැහැ. ඔයාගෙන් මේ ලෝකෙට වැඩක් වෙන්නෙත් නැහැ. (නි)

:       0       0

ශාන් Thursday, 10 March 2016 02:40 PM

ඔබේ නිර්මාණ දිගටම කරන්න. අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ටිකිරි Friday, 11 March 2016 03:15 AM

ඉමේෂ්, ඔබගේ පරගැති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන අතර නුඹ වැනි මිනිසුන් තවමත් අප රටේ සිටීම ගැන කණගාටු වෙමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2207 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3567 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4289 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 730 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site