මොරටුව විශ්වවිද්‍යාලයීය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අවසන් වසර සිසුන්ගේ සැලසුම් නිර්මාණ හා පර්යේෂණ ව්‍යාපෘති ප්‍රදර්ශනය හා ඇගයීම පසුගිය 25 හා 26 දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.
අවසන් වසර සිසුන්ගේ විෂය නිර්දේශයට අනුබද්ධිත ව්‍යාපෘති 33 ක් මෙහිදී එළිදැක්වුණු අතර මෙකැට්‍රොනික්ස්, ජීව-වෛද්‍ය ඉංජිනේරු විද්‍යාල නිෂ්පාදන හා සැලසුම් ඉංජිනේරු විද්‍යා, කර්මාන්තමය ඉංජිනේරු විද්‍යා, බලශක්ති, ශීතකරණ හා වායු සමීකරණ ඉංජිනේරු විද්‍යා, මෝටර් රථ ඉංජිනේරු විද්‍යා ඇතුළු අංශ රාශියක් එහිදී ප්‍රදර්ශනය කෙරිණි.
විශ්වවිද්‍යාලයෙන් පිටවන සිසුන්ගේ හැකියාවන් ප්‍රයෝගික වශයෙන් වර්ධනය කිරීමත් ඔවුන්ගේ උපාධිය ලබාගැනීමට සුදුසුකමක් හැටියටත් මෙම ව්‍යපෘති ඇගයීම හා ප්‍රදර්ශනය වැදගත් තැනක් ගන්නා බව යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිලිණ ලලිතරත්න පැවසිය.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මොරටු සිසුහු වැඩ පෙන්වති
විජිත් Wednesday, 27 April 2016 09:42 AM
ඉතාමත් හොඳ වැඩක්.ඒ වගේම තමයි, මේ අයට දේශීයව ප්‍රයෝගික පුහුණුව දෙන අතරේ, විදේශීය පුහුණුවක් කෙටිකලකට හෝ ලබාදීම.මොකද තාක්ෂනය එන්නේ අපේ රටෙන් නොවෙන නිසා.මේ අනාගත පරම්පරාව අනාගතයේදී මේ රටට - එසේත් නැතිනම් වෙනත් රටකට අලුතෙන් එන නව තාක්ෂණයට නොබියව මුහුණ දෙන්නේ එවිටයි. අපේ රටේ ඉන්ජිනේරුවන්ගෙන් කීයෙන් කීදෙනාටද පුළුවන් රටේ නව වියාපෘතියක් තනිවම සැලසුම්කරලා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කරලා පෙන්වන්න. අපේ කුලසිංහ මහත්මයාවගේ අය දැන් ඉන්නවාද..?එහෙම නැතිනම් ඒ අයට ඉඩක් ලැබිලා නැතිද..?එහෙම ප්‍රයෝගික පුහුණුව ලත් අය හිටියානම් ,අපිට චීනා ලවා අධිවේගී මාර්ග හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැනේද(බ)
අජිත් Saturday, 30 April 2016 05:33 PM
මගේ සුබාශිංසන ! (නි)
ධම්ම Thursday, 28 April 2016 03:19 PM
නව සොයාගැනීම් බොහොමයක් කළ ලාංකිකයෙක් වෙළඳපලක් නොමැතිව ඔහුගේ නිමැවුම් පාර අයිනේ ප්‍රදර්ශනය කරනවා මා දැක්කා. (බ)
ටානි Sunday, 01 May 2016 02:16 AM
අපේ රටේ සිසුන්ගේ හැකියාවන් ගැන ආඩම්බරයි (නි)
ආනන්ද Monday, 20 June 2016 11:52 PM
රටට ප්‍රයෝජනවත් දෙයක් කරන දරුවනි, ඔබ අපේ රටට වාසනාවන්! (නි)
විශාඛා Saturday, 30 April 2016 01:24 AM
මෙවන් දක්ෂතා ඇති දරුවන් රටට වාසනාවක් (නි)
ෂහබඩින් Tuesday, 03 May 2016 04:32 AM
අපේ රටේ සිසුන්ගේ හැකියාවන් ගැන ආඩම්බරයි (ම)
සමන් බණ්ඩාර Sunday, 01 May 2016 07:04 AM
විජිත් ට පිළිතුරු මුලින්ම, මෙම ඉංජිනේරු සොයාගැනීම් ගැන ඉතා ආඩම්බරයි. මම හිතන්නේ කුලසිංහ මහත්මය වැනි ඉංජිනේරුවරු අද ඉන්නවා. අවාසනාවකට ඔවුන් පිටරට සේවය කරනවා. මෑතකදී මම පසිදු පල්ලාවෙල නම් ලාංකීය ඉංජිනේරුවරයෙකුගේ පිලිසඳරක් යුරෝපීය රූපවාහිනී වැඩසටහනකින් දැක්කා. මට මහත් ආඩම්බරයක් දැනුන. ඔහුගේ නිර්මාණ අචාර්ය කුලසිංහගේ නිර්මාණවලටත් වඩා ඉහල මට්ටමේ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති දේවල්. එනිසා, තවමත් කුලසිංහ මහතා වැනි අය ලංකාවෙන් බිහිවෙනන්වා. අවාසනාවට ලංකාව එවැනි අයගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ! (බ)