IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


මරණය කල් දාන්න ඇපල් කන්නලු

දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මරණයට පත්වීමේ අවදානම සියයට 35කින් අඩුවන බව අධ්‍යයනයකින් අනාවරණය වී ඇත.

සෑම දිනකදීම ග්‍රෑම් සියයක් බරැති ඇපල් ගෙඩියක් (කුඩා ඇපල් ගෙඩියක්) ආහාරයට ගන්නා කාන්තාවන්ගේ ආයූ අපේක්ෂාව එසේ ඇපල් ගෙඩියක් ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව එම අධ්‍යයනය කළ පර්යේෂකයෝ පවසති.

වසර 15ක් පුරා වයස 70ත් 85ත් අතර විශ්‍රාමික පිරිසක් මෙසේ අධ්‍යයනයට  කර ඇත්තේ ‘වෙස්ටන් ඕස්ටේ්‍රලියා’ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසකි. 

එම කණ්ඩායම විශ්‍රාමිකයන් 1,456ක් අධ්‍යයනය කර ඇති අතර ඔවුන්ගේ මර්ත්‍යතාවට ඇපල් ආහාරයට ගැනීම බලපෑ ඇති ආකාරය ඉතා වැඩි බව එහිදී අනාවරණය වී ඇත. එහිදි අධ්‍යයනයට සම්බන්ධ කරගන්නා ලද පිරිසගෙන් ආහාර සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කරමින් තොරතුරු ලබාගැනීමට පර්යේෂකයෝ කටයුතු කර තිබුණි.  

දෛනිකව වෙනත් පළතුරු වර්ග ආහාරයට ගැනීම ද විවිධ සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙන බව මෙහිදි අනාවරණය වූ පර්යේෂකයෝ පෙන්වාදෙති. 

ඇපල්වල කෙඳි විශාල ප්‍රමාණයක් ද සමේ ඇති ‘ෆ්ලේවනොයිඞ්’ ද අඩංගු වන බවත් පර්යේෂකයෝ පෙන්වා දෙති.

‘ෆ්ලේවනොයිඞ්ස්’ යනු පළතුරු හා එළවළුවල අඩංගු වන ශාක සංයෝගයකි.  ‘ෆ්ලේවනොයිඞ්ස්’ ඇපල්, බෙරි පළතුරු, පෙයාර්ස්, ස්ට්‍රෝබෙරී හා රාබුවල වැඩි වශයෙන් අඩංගු වෙයි.  

සෛල විනාශ වීම වළක්වන ප්‍රතිඔක්සිකාරක ද ඇපල්වල අඩංගුවන බව පර්යේෂකයෝ පවසති. 

(ඩේලිමේල් ඇසුරෙනි)

 



අදහස් (25)

මරණය කල් දාන්න ඇපල් කන්නලු

පද්මා Friday, 17 June 2016 07:55 PM

එතකොට ඇපල් මල? (නි)

:       0       0

සෙනරත් Tuesday, 14 June 2016 03:26 PM

දවසකට ලංකාවේම වැවෙන කෙසෙල් ගෙඩියක් අඩු මුදලට සහ විස රසායනික නොමැතිව කෑවත් එම ගුණයම ලැබෙන බව මීට පෙර පරීක්ෂණ වලින් පෙන්වා දී ඇත. (බ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 17 June 2016 09:16 PM

එකත් එකටම එහෙ ඇපල් විකුණගන්න බැරුව ඇති එහෙනම් (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 17 June 2016 09:17 PM

දැන් ඉතින් ගැහැණු ටික ඇපල් කඩ ගානේ ගිහින් පොරකකා ඇපල් හොයයි (නි)

:       0       0

ධර්මසිරි Tuesday, 14 June 2016 06:52 AM

ඇපල් කියන්නේ බොහොම විෂ රසායනික අඩංගු පළතුරක් කියලයි අපි නම් අහලා තියෙන්නේ. මම කියන්නේ වෙළෙන්ඳන් විසින් යොදන විස (නි)

:       0       0

සෑම් Wednesday, 15 June 2016 08:13 AM

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බහුතරයකට කන්න ලැබෙන්නෙත් ශීත ගබඩා වල මාස ගණන් කල්ගතවූ, තුනී ඉටි තට්ටුවකින් ගෙඩිය සම්පුර්ණයෙන්ම ආවරණය කරපු ඇපල්. පිටිසර පළාතකට ගිය වෙලාවක ගොවිපොළකින් ඉටි නොගාපු අලුත් ඇපල් කාපුවාම සුපිරි වෙළඳසල් වල තියෙන්නේ මොන ජරාවද කියලා හිතෙනවා. (නි)

:       0       0

ගාමිණී Tuesday, 14 June 2016 04:31 PM

පාන් නැත්නම් කේක් කන්න කියලනේ අපිට කියන්නේ. (නි)

:       0       0

විජේපාල Tuesday, 14 June 2016 05:12 PM

අනේ මොන පිස්ස්සුද? අපේ රටේ වැවෙන කෙසෙල් ගෙඩියක්, අඹ ගෙඩියක්, අන්නාසි ගෙඩියක්, වරකා මදුලක් කෑවොත් ඔය ඇපල් වලට වඩා ගුණයි. (නි)

:       0       0

සඳුන් Friday, 17 June 2016 05:12 AM

ලංකාවේ ඉදන් ඕක කලොත් මරණයට ඉක්මනට එන්න කියන්න පුළුවන් (හේ)

:       0       0

සුරංග Sunday, 19 June 2016 04:18 PM

වෙළඳපොළේ තියෙන ඇපල් හැමදාම ආහාරයට ගත්තොත් නම් ආයුෂ ඉතා ඉක්මනින් කෙටිවෙනවා (ම)

:       0       0

සුමේධ Saturday, 18 June 2016 06:19 AM

කර්මානුරුපව ආයුෂ තීරණය වේ . ඇපල් කාල එක වෙනස් කරන්න පුළුවන් කෙනෙක් ලෝකයේ නෑ. යහපත පුරුදු කරන්න . ආයුෂ වැඩෙයි (හේ)

:       0       0

අසෝකා Tuesday, 14 June 2016 09:13 AM

මේ විදිහට බැලුවොත් යුරෝපයේ මිනිසුන් නොමැරී ඉදිවී කන ඇපල් ප්‍රමාණය අනුව! (අ)

:       0       0

අයිරාංගනී Saturday, 18 June 2016 10:21 PM

මම හිතන්නේ පහුගිය කාලයේ පෙන්නුවා ඇපල් මිදි කල්තියාගන්න බෙහෙත් වර්ග ගහනව කියලා. දැන් ඕවා විකිණෙනවා අඩු ඇති. (නි)

:       0       0

විජිත් Thursday, 16 June 2016 04:46 AM

රොකි, ඔයා හොඳ කතාවක් කියලා තිබුනා. ඇත්තටම ඇපල් නොවෙයි ඇපල් ගෙඩි තුළ තියෙන "ඇපල් ඇට" ගැනයි මේ කතාව. ඔබ හොඳ ඇපල් තෝරාගෙන ආහාරයට ගනිද්දී කවදාවත් ඇපල් ඇට වැරදිලාවත් ආහාරයට ගන්න එපා. ඇපල් ඇට මිනිස් සිරුරට විෂයි. වාසනාවකට වැරදිලාවත් ඇපල් ඇටයක්, දෙකක් හැපුනාට එය එතරම් මාරක වන්නේ නැහැ. ඇත්තටම ඇපල් කියන්නේ ශරීරයට ඉතාම හිතකර පළතුරක්. (නි)

:       0       0

විජිත් Thursday, 16 June 2016 11:43 AM

රොකි, ඔයා හොඳ කතාවක් කියලාතිබුනා.ඒ කතාව තුල පවතින ඇත්තකුත් තියෙනවා ඇපල් ගැන.ඇත්තටම ඇපල් නොවෙයි ඇපල් ගෙඩි තුල තියෙන "ඇපල් ඇට" ගැනයි මේ කතාව. ඔබ හොඳ ඇපල් තෝරාගෙන ආහාරයට ගනිද්දී කවදාවත් ඇපල් ඇට වැරදිලාවත් ආහාරයට ගන්න එපා. ඇපල් ඇට මිනිස් සිරුරට විෂයි. මේ ඇපල් ඇට වල "අමිග්ඩලින්" නම් රසායනික සංයෝගයක් තියෙනවා. ඇත්තටම අමිග්ඩලින් අනුව සයනයිඩ් සහ සිනි මුලික වුන සංයෝගයක්. ඔබ ඇපල් ඇටයක් හපා ආහාරයට ගත්තොත් මම කිවූ අමිග්ඩලින් වල ඇති " සිනි කොටස" අපේ සිරුරේ ඇති එන්සයිම සමග එක්වෙනවා. එවිට " ඉතිරිවන "සයනයිඩ්" කොටස හයිඩ්රජන් සයනයිඩ් වායුව බවට පත්විය හැකියි. උදරයේ අමාරුව, හිසේ කැරකිල්ල, වමනය, හුස්මගැනීමේ අපහසුව, හෘදය වස්තුව අකර්මන්‍යවිම, කොමා තත්වයට පත්වීම සහ මරණය ගෙන දීමට තරම් මේ හයිඩ්රජන් සයනයිඩ් වලට මාරක හැකියාවක් තියෙනවා. වාසනාවකට වැරදිලාවත් ඇපල් ඇටයක් , දෙකක් හැපුනාට එය එතරම් මාරක වන්නේ නැහැ. ඔබේ සිරුරේ බර කිලෝ ග්රෑම් වලින් නම් , එක කිලෝ ග්රෑම් එකකට අමිග්ඩලින් මිලි ග්රෑම් 1.5 ( ඇපල් ඇට ග්රෑම් එකක අමිග්ඩලින් මිලි ග්රෑම් 3 ක් පමණ අඩංගු වෙනවා ) අනුපාතයෙන් ශරීර ගතවුනොත් තමයි මේ මාරක තත්වය ඇති වෙන්නේ. (ර)

:       0       0

දිමුත් Tuesday, 14 June 2016 10:26 AM

ලංකාවේ විෂ ඇපල් කෑවොත් නම් ඕකෙ අනිත් පැත්ත වෙන්නේ. (ර)

:       0       0

ශාන සෞදි Thursday, 16 June 2016 05:21 AM

කල්දාගන්න එක කෙසේවෙතත් මේවාට ගහන රසායනික නිසා ඉක්මන් මරණය ළඟා කරගන්න නම් පුළුවන් (නි)

:       0       0

ප්‍රියංගනී Friday, 17 June 2016 10:17 AM

ලංකාවට ගෙනෙන ඇපල් කෑවොත් නම් මරණය කල් දැමීම කෙසේ වෙතත් ඉක්මනට මරණය ළං කරගන්න පුළුවන් (බ)

:       0       0

කරු Friday, 17 June 2016 11:25 AM

ඔය කියන ඇපල් කෙළින්ම ගසෙන් කඩන ඒවා වෙන්න ඕනෑ. කල්තියාගන්න ගැසූ බේත් ඇපල් කෑවොත් ඉක්මනින් මියයන්න පුළුවන්. (නි)

:       0       0

දම්මි Wednesday, 15 June 2016 05:53 AM

කල්දැමීම කෙසේවෙතත් මරණය ළංකර ගන්න පුළුවන් වෙයි දැන් වෙළඳපොළේ තියෙන ඇපල් කෑවොත් (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 20 June 2016 06:38 AM

කන්නකෝ ඇපල් ගෙඩියක් රසකර හැමදාම.... යන්නට යයි දොස්තර ඔබ නිවසින් නොකියාම.... (නි)

:       0       0

කරු Saturday, 18 June 2016 10:54 AM

තවත් දෙයක් කියන්න ඕන. ඇපල් මල් අවදියේ බේත් ගැසුවේ නැතිනම් මදුරුවා බිත්තර දාන පණුුවා ගෙඩිය මෝරන විට විනාස කරනවා. එහෙත් මේ බේත් ගෙඩිය ලොකුවෙන විට තියෙන්නේ නැහැ. හැබැයි ගෙවතුවල ඇති ගෙඩි වැඩි ප්‍රමාණයක් නරක් වෙනවා. හේතුව බේත් නැති නිසා. (ම)

:       0       0

රොකී Wednesday, 15 June 2016 02:14 PM

බුදු අම්මෝ! ඇපල් ගෙඩියක් කාලා තමයි ආදම් වෙනස් වෙලත් තියෙන්නේ! ඒ කාලේ ඉඳලාම සර්පයා ඇපල් වලට වස විෂ දාලා තියන්නේ. අතින්වත් අල්ලන්න එපා! (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 14 June 2016 03:22 PM

ඔය රටවල් වල තිබෙන්නේ ඇපල් සහ මිදී පමණය ඊට වඩා ඖෂධීය පලතුරු වර්ග ලංකාවේ මොන තරම් තිබෙනවද (බ)

:       0       0

අනේ මංදා Monday, 02 October 2023 02:35 AM

කියලා වැඩක් නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 716 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2011 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site