ඩයිනෝසරයන් සමග මිහිමත ජීවත් වූ කිරි බි වැඩෙන හෙවත් ක්ෂීරපායි සතුන් දෙදෙනකුගේ ෆොසිල හමුවූ බව චින විදයාඥයෝ කණ්ඩායමක් කියති.
එම පර්යේෂකයන් පවසන්නේ මේ දෙදෙනාගෙන් එක් සත්ත්ව විශේෂයක් ගස්මත දිවිගෙවා ඇති බවයි. අනෙක් විශේෂය පොළොවේ ගුල් හාරාගෙන ජීවත්වී ඇතැයි ද ඔවුන් පවසයි.
චීනයේ චිකාගෝ විශ්වවිද්‍යාලය මේ පර්යේෂණය සිදුකැර ඇති අතර එම පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දැරූ ජෛව විද්‍යා මහාචාර්ය සිලුවෝ මහතා පවසන්නේ ගස්මත ජීවත් වූ ක්ෂීරපායියා දැනට ලොව සොයාගෙන ඇති ගස්මත ජීවත්වූ පැරණිතම සත්ත්ව විශේෂය බවයි. එම සතුන් ඇග්ලිඩොකොඩන් ස්කැන්සෝරියස් (Aglidocodon scansorius) සත්ත්ව විද්‍යාත්මකව නම් කැර ඇත. ගස් නැගීමට සුදුසු ආකාරයෙන් දිගැති ශක්තිමත් නියපොතු තිබී ඇති බවත් ගස් පොතු උලා කෑමට මනාව අනුවර්ථනය වූ දත් පිහිටි බවත් පර්යේෂකයෝ කියති. මේ සත්ත්වයා ග්‍රෑම් 40ක් පමණ බරැති වන්නට ඇතැයි ද ඔවුන්ගේ විශ්වාසයයි.
බිම ගුල් හාරාගෙන ජීවත් වූවා යැයි විශ්වාස කරණ අනෙක් ක්ෂීරපායී සත්ත්ව විශේෂය හඳුන්වා ඇත්තේ ඩොකොෆොසර් බ්‍රැචිඩැක්ටිලස් (Docofossor brachydactylus) යනුවෙනි. ග්‍රෑම් 17ක් පමණ බරින් යුක්ත යැයි අනුමාන කරණ මේ සත්ත්වයාගේ ඉදිරි පාද බිම ගුල් හෑරීමට සුදුසු ලෙස අනුවර්තනය වී ඇති බව ද විද්‍යාඥයෝ කියති.
ලොව මෙතෙක් සොයාගත් පැරණිත ම ක්ෂීරපායී සතුන් දෙදෙනාවන මොවුන් අදින් වසර ලක්ෂ 2000ත් 1450ත් අතර කාලයේ ජීවත්වන්නට ඇතැයි ද පර්යේෂකයන්ගේ මතයයි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මව්කිරි බිව් මුත්තෝ
ටානියා Thursday, 05 March 2015 09:35 AM
අපූරු පුවතක් (නි)
දුමින්ද Tuesday, 03 March 2015 06:50 AM
අපේ හරි මුල නොදැන -අග මුල පැටලිලා අපට. (ර)