IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


වැඩිහිටියන් ළඟ ඉද්දී දරුවන් අනතුරට ලක්වීම වැඩිලු

හදිසි අනතුරුවලට ලක්වී කරාපිටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන දරුවන්ගෙන් සියයට 94.6ක්ම අනතුරට ලක්වී ඇත්තේ වැඩිහිටියන් සමග සිටියදී බව සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී ළමාරෝග විශේෂඥ වෛද්‍ය නයනා ලියනාරච්චි මහත්මිය පවසන්නීය. 

මාස තුනක කාලයක් ඇතුලත රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි අවුරුදු 18ට අඩු දරුවන් 368ක් සමීක්ෂණයට ලක්කිරීමෙන් මෙම තොරතුරු සොයාගෙන ඇත.

මෙම දරුවන් වැඩිපුර අනතුරට ලක්වී ඇත්තේ ඇද වැටීම් හේතුවෙන් බවත් එම ප්‍රමාණය සියයට 59.3ක් බවත් ඇය පවසයි. මාර්ග අනතුරු හේතුවෙන් සියයට 16.3ක්ද කැපීම් හා තැලීම් හේතුවෙන් සියයට 10.5ක්ද දරුවන් අනතුරට ලක් විය. පහරදීම් හා පිළිස්සුම් හේතුවෙන් සියයට 3.3 බැගින් අනතුරට ලක් වී තිබේ.

සති අන්තයට වඩා සතියේ  දිනවලදී දරුවන් වැඩිපුර අනතුරට ලක්වී ඇති අතර එම ප්‍රමාණය 75.5කි.

විශේෂඥ වෛද්‍යවරිය තවදුරටත් පවසන්නේ නාගරික දරුවන්ට වඩා ගම්බද දරුවන් අනතුරට ලක් වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවයි.

වයස අවුරුදු 12ට අඩු දරුවන් අතර මාර්ග අනතුරු වලට ලක් වූවන් වැඩි වශයෙන් සිටින අතර අවුරුදු 12ත් 18ත් අතර දරුවන් වැඩිපුර අනතුරට ලක් වී ඇත්තේ ඇද වැටීම් හේතුවෙනි.

නයනා ලියනාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජ්‍යෙෂ්ඨ කතිකාචාරිණී ප්‍රජා වෛද්‍ය විශේෂඥ චම්පා විජේසිංහ මහත්මිය ඇතුළු වෛද්‍යවරු පිරිසක් සමීක්ෂණය සිදු කර ඇත.



අදහස් (0)

වැඩිහිටියන් ළඟ ඉද්දී දරුවන් අනතුරට ලක්වීම වැඩිලු

ආරි Wednesday, 31 August 2016 03:25 PM

මගේ පුද්ගලික අත්දැකිමක් අනුව කියන්නෙ. මගේ අවුරුදු 3 1/2ක් වයස දුව මාත් එක්ක ළහා උද්‍යානයකට ගිහින් සෙල්ලම් කර කර ඉද්දි එයා කුරුල්ලො වගයක් දැකලා පස්සෙන් පන්නගෙන ගිහින්. මම දැක්කෙ නැහැ. මම එයලාගෙ වතුර බෝතල් ඒවා මේවා ටික බන්කුවක් උඩින් තියලා ආපහු හැරිලා බලන විනාඩි 2ට ළමයා නැහැ. පස්සෙ විනාඩි 20ක් විතර හොයල හොයල හම්බ වුනේ මීටර් 200ක් විතර ඇතක ඉඳලා.. සෙනග පිරිලා හිටිය නිසා කොහෙ කියල බලන්නද හිතා ගන්නත් බැ. කැනඩාවෙ සෙන්ට්‍රල් ලෑන්ඩ් එකේදි වුනේ. ලෑන්ඩ් එකේම තැනින් තැන වතුර විල්. ළමයා වතුර විලකට වැටෙන්න තිබ්බා. කවුරු හරි ගෙනියන්න තිබ්බා. අන්තිමට අඬ අඬ බබා කිව්වෙ "අම්මා මගේ පස්සෙන් එයි කියල මම හිතුවා. ඇයි අවෙ නැත්තෙ කියලා". මොනවා කලත් තත්පරෙකටවත් ළමයින්ගෙන් ඇහැ අහකට ගන්න එපා ගෙදරින් පිට ඉද්දි නම්. එයලා හිතන්නෙ අපි එයලා ගැනම බලගෙන ඉන්නව කියලා. (අ)

:       0       0

ජයාත් Tuesday, 23 August 2016 01:21 AM

විශ්ව විද්‍යාල ඇදුරන් විදියට මේ වගේ දේවලුත් කරන ඔබට අපේ ආචාරය! (නි)

:       0       0

මංජුල Tuesday, 23 August 2016 10:14 AM

මේ සංගණනය කෙසේවෙතත් හැම ළමයෙක්වම බලාගන්න දෙමාපියන් උත්සාහ කරනවා. නිතරම එයාලා ළඟ ඉන්නවා. එතකොටත් අනතුරු වෙනවා. එ්කෙන් කියන්නේ නැහැ අම්මලා ළඟ සිටි නිසා අනතුරු වුණා කියලා. ළමයි 1000 ක් අරන් අම්මල ළඟ තියලා වුණු අනතුරු ගණනයි තව ළමයි 1000 ක් අම්මලා නැතුව වුණු අනතුරු ගණනයි සසඳලා බලන්න. (නි)

:       0       0

ජයන්ත Tuesday, 23 August 2016 02:32 AM

ලොකු ළමයි කෙසේවෙතත් පොඩි ළමයි ළඟ ඉන්නේ නැතුව අනතුරු වුණා කියලා කොහොමටත් කවුරුවත් කියයිද? (නි)

:       0       0

සෙනරත් Tuesday, 23 August 2016 03:18 AM

ගොඩක් දෙමුපියන්ට අනතුරක් වෙනතුරු කිසිම ගණනක් නැහැ. වුණාට පස්සේ කෑගහලා, අඬලා දුවනවා. මේක වැඩිපුරම වෙන්නේ අම්මලා අතින්. කා එක්ක හරි කතාව දාගෙන ඉන්නවා, දරුවා ගැන මතකයක්වත් නැහැ. (නි)

:       0       0

එස්. ගොඩගේ Wednesday, 31 August 2016 03:14 AM

මෙ වැනි පර්යේෂණයක් කිරීම පිළිබඳ වෛද්‍ය කාර්ය මණ්ඩලයට ස්තුතියි. ජනතාවට වටිනා ප්‍රවෘත්ති, නිවැරදිව තෝරා පළ කිරීම ගැන ලංකාදීපය ට ස්තූතියි. (බ)

:       0       0

ප්‍රිමේෂිකා Tuesday, 23 August 2016 08:40 AM

දෙමාපියන් ළඟ සිටින විට, ළමයින් ඔවුන්ගේ ආරක්ෂාව දෙමාපියන් සලසනු ඇතැයි සිතීම එලෙස අනතුරු වැඩි වීමට හේතුවක් විය හැකිය. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2207 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3567 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4289 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 430 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 921 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site