අධි උෂ්ණත්වය භාවිත කර තේ වියළීම වෙනුවට වායු සමීකරණ තාක්ෂණය යටතේ තේ දළු වියළීමේ අලූත් යන්ත්‍රයක් නිපදවීමට පාදුක්ක වටරැක නව නිර්මාණකරුවෙක් සමත්වී සිටී.
මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරියකු වන ඔහු නමින් සෙනරත් සමන්තිලක ය. දැනට සිදුකෙරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 ත් අතර අධි උෂ්ණත්වයක් යටතේ තේ දළු වියළා ගැනීමය. එහිදී තේ දළුවල ඇති රසය, ගුණය මෙන්ම නියමිත වර්ණයද වෙනස් වෙන අතර මෙම නව වායු සමීකරණ තාක්ෂණය යටතේ නිපදවූ යන්ත්‍රයෙන් තේවල ඇති ගුණාංග නිසි පරිදි ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ.
ලොව කිසිම නිෂ්පාදයකයකුට සොයාගැනීමට නොහැකිවූ මෙම තාක්ෂණය තමාට සොයාගැනීමට හැකිවූයේ වසර 10 ක් පමණ සිට තේ කර්මාන්තයේ නියැළීමත් ඒ හා බැඳුණු නව පර්යේෂණ සොයායෑම බවත් සෙනරත් පවසයි.
‘අපනයන බෝගයක් වන තේ වලින් අපට විශාල විදේශ විනිමයක් රටට ගෙන්න පුළුවන්. එහෙත් එහි නියමිත රසය සහ ගුණාංග නොමැති විට විදේශ වෙළෙඳපොළ එය ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පවා පත්වෙන්න පුළුවන්. දැනට සිදුකරන්නේ සෙල්සියස් අංශක 100 ත් 120 අතර ඉහළ උෂ්ණත්වය පරාසයකින් තේ දළු වියළා ගැනීමයි. එහිදී ස්වාභාවිකව නැවුම් ගුණාංගවල ගැබ් වෙලා තියෙන අතිශය සංවේදී සහ සංකීර්ණ රසායනික ලිනලෝල්, ජෙරනියල්, ෆීනයිල් වැනි සංයෝග විනාශයට පත්වෙනවා. මේ ස`දහා විසඳුමක් ලෙස වායු සමීකරණ තාක්ෂණය උපයෝගීකරගෙන තේවල සැඟවුණ රසය හා ගුණාංග එලෙසින්ම ආරක්ෂා කරගැනීමට හැකිවන යන්ත්‍රයක් නිපදවීමට මට හැකිවුණා‘
‘මෙම සුවිශේෂී යන්ත්‍රය ලංකාවේ නිෂ්පාදනය කළත්, බොහෝ තාක්ෂණික හා ඉලෙක්ට්‍රෝනික උපාංග විදේශ රටවලින් ගෙන්වා ගැනීමට සිදුවුණා. මෙම යන්ත්‍රයෙන් කෙරෙන්නේ ශීත සහ මද උණුසුම් වායු සම්මිශ්රණක් මගින් තේ ද`ඵවල ඇති ජලය ඉවත් කිරීම හෙවත් තේ දළු ‘විජලනය’ කිරීමයි. සෙල්සියස් අංශක 55 ට අඩු උෂ්ණත්වයක් යටතේ තේ දළු විජලනය කිරීම මෙම යන්ත්‍රයේ ඇති විශේෂත්වයි. මෙම යන්ත්‍රයෙන් පැයකට තේ දළු කිලෝ 25 ක් පමණ වියළා ගැනීමට හැකිවෙනවා. එමගින් තේවල ඇති රසය නොඅඩුව ලබාගන්න පුළුවන්. එය අප හඳුන්වන්නේ ‘වර්ජින් ටී’ ලෙසයි. පිළිකා නැසීම, දියවැඩියාව පාලනය, ආතතිය අඩුකිරීම, ප්‍රතිශක්තීකරණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට වගේම ආහාර රුචිය වැඩිකිරීමටත් මෙම වර්ජින් ටී ඉවහල් වෙනවා.’’
‘මෙවැනි උසස් තාක්ෂණයක් තුළින් අපේ තේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය වැඩිකිරීම මගින් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින ආදායමට වඩා ඉහළ ආදායමක් ඉපැයීමට අපට හැකිවෙනවා. එමෙන්ම දැනට තේ දළු වියළීමට භාවිත කරන විශාල උදුන්වලට දර සපයාගැනීමට ඇති අපහසුතාවද ම`ග හැරෙනවා. දැව පිළිස්සීම තුළින් සිදුවන පාරිසරික විනාශයද අවම කරගැනීමට හැකිවෙනවා‘
‘මෙම නිර්මාණය අත්හදා බැලීමේදී තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය විශාල සහයෝගයක් ලබාදුන්නා. තායිවානය සහ ඉන්දියාව මේවන විට මෙවැනි යන්ත්‍රයක් නිපදවා දෙන ලෙස ඉල්ලීමක් කර තිබෙනවා. එමෙන්ම වායු සමීකරණ තාක්ෂණයෙන් සහ වායු සම්පීඩක තාක්ෂණයෙන් දැව පදම් කිරීමේ යන්ත්‍රයක් සහ නැවුම් පිරිසුදු පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා යන්ත්‍රෝපකරණද මා නිර්මාණය කර තිබෙනවා. දැනටමත් මා නිර්මාණය කළ සමහර යන්ත්‍රෝපකරණ කර්මාන්තකරුවන් භාවිත කරනවා‘ යැයි සෙනරත් මහතා පැවැසීය.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වායු සමන තාක්ෂණයෙන් තේ දළු වියළයි
අබේරත්න Sunday, 08 January 2017 07:22 AM
ඔය පිට රට්ටු නම් එක මැසිම ගානේ හදල ඉල්ලන්නේ හොඳකට නෙවෙයි පහුවදාම උන් තොග ගානෙට ගහල ආපහු ලංකාවටම විකුණයි. නුවණක්කාර දේ තමයි පේටන්ට් බලපත්‍රයක් ගන්න එක. (බ)
ජයාත් Monday, 09 January 2017 01:01 AM
මේක අගය කළයුතු දෙයක් (නි)
මානෙල් Sunday, 08 January 2017 10:08 AM
ඉතින් හොඳ නිර්මාණයක් වෙන්න ඕන. (හේ)
ජයතු - අරාබිය Wednesday, 11 January 2017 07:36 PM
සෙල්සියස් අංශක ඍණ 50ත් 85ත් අතර අඩු උෂ්ණත්වයක් සහ ඉතා අඩු පීඩනයක් යටතේ විජලනය කිරීමේ උපකරණ ලංකාවේ ජීවතාක්ෂණික විද්‍යාගාරවල දැනට තියෙනවා. නමුත් එම ක්‍රමය වියදම් අධිකයි. සෙනරත් මහතාණෙනි, ඔබ භාවිතා කරන්නේ සෙල්සියස් අංශක ඍණ 55ක උෂ්ණත්වයක් නේද? අඩු වියදමකින් පැයකට තේ දළු කිලෝ 25 ක් පමණ වියළා ගැනීමට හැකි නම් ඔබේ යන්ත්‍රය ඉතා උසස්. මේ ක්‍රමයට වියලන තේ වල රස සහ ගුණය වෙනස් නිසා විශේෂ ඉල්ලුමක් ඇතිවිය හැක. ඔබට සුභ පැතුම්. (නි)
සනත් Sunday, 12 February 2017 03:48 PM
ඉතා වටිනා සොයාගැනීමක්. ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
ලලිත් Wednesday, 11 January 2017 10:19 PM
මේක අලුත්ම අලුත් සොයාගැනීමක් වුණත් නොවුණත් මෙවැනි නිෂ්පාදනයක් අපේම රටේ නිපදවීම තුළින් එමඟින් නිපදවෙන නිෂ්පාදන තරඟකාරී මිලකට අලෙවි කළ හැකිවීම නිසා තව තවත් මෙවැනි නිපැයුම් බිහිකිරීමට උනන්දු කළයුතුයි. එමෙන්ම ඒවායේ කාර්යක්ෂමතාව වැඩි කරගැනීම ඉතාම අත්‍යවශ්‍ය කරුණක්. දැනටමත් ලෝකයේ මෙවැනිම ෆරිසර් ඩ්‍රයර් නමින් උපකරණයක් යොදාගෙන ඉතා ඉහළ තත්වයේ කෝපි නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම ජර්මනිය, ස්වීඩනය, ජපානය, වැනි රටවල් මෙම තාක්ෂණයේ පෙරමුණේ සිටිනවා. ඉක්මනින්ම ඔබේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රයක් ලබාගන්න. (නි)
සුදත් Monday, 09 January 2017 06:29 PM
නිර්මාණය අගයනවා. ඒ වගේම ලංකාවේ තේ වල ගුණාත්මකබාවය රැක ගන්න නම් බාල තේ ආනයනය කර අපේ තේ වලට මිශ්‍ර කර නැවත දේශීය සහ විදේශීය වෙළඳ පොලට දැමීම නතර කළ යුතුයි (නි)
අර්නෝල්ඩ් ගුණවර්ධන Monday, 09 January 2017 04:47 AM
අපේ උණුසුම් සුබ පැතුම් (ම)
G.L.C.ගුණසේකර Monday, 09 January 2017 04:58 AM
හොඳ වැඩක් (අ)
සජිත් Sunday, 05 February 2017 04:07 AM
බොහොම අගේ කාලෝචිත නිර්මාණයක්. (ම)
ජයාත් Tuesday, 10 January 2017 12:22 AM
මගේ ගෞරවනීය ආචාරය!
අජිත් Monday, 09 January 2017 06:40 AM
උණුසුම් සුබ පැතුම්. (බ)
නිවන්තක Tuesday, 10 January 2017 11:57 AM
අතිවිශිෂ්ටයි! (නි)
අමිල සිංග Wednesday, 11 January 2017 02:27 AM
ඔබ ලෝකයට සම්පතක්! ලංකාවේ මිනිසුන්ට ඔබේ වටිනාකම අවබෝධවේවායි පතමි. සුබ පැතුම්! (නි)
හිරන්ජන් වීරතුංග Tuesday, 17 January 2017 06:21 AM
විශිෂ්ට සොයා ගැනීමක් (බ)
නයන ජයසිංහ Tuesday, 10 January 2017 05:51 AM
මෙවැනි නව නිෂ්පාදන සම්බන්ධ ප්රවෘත්ති ඉතා අගය කරනවා. සුබ පැතුම් (බ)
ජගත් Tuesday, 07 February 2017 05:14 PM
වැඩක් නැහැ. මහන්සිය විතරයි. ඇමතියෙක් කොමිස් ගහලා නවත්වල දායි. මිනිසසු අන්දලා වී ගොවිතැන විනාශ කරලා දැන් හාල් මිල පේනවනේ (නි)
බන්දුල ගුණසේකර Wednesday, 11 January 2017 04:00 AM
මමත් මොරටුව විශ්ව විද්‍යාලයේ ජාතික තාක්ෂණික ඩිප්ලෝමාධාරික්, මේ නිර්මාණය ඉතාමත් අගනා දෙයක්. ඔබට සුභ පැතුම්. මෙයට තව අඩු පීඩනය යොදා ගැනීමෙන් මෙම යන්ත්‍රයේ තේ වියලීම කාර්යක්ෂම කර ගන්න පුළුවන්. (ම)
නිල්මිණි-ජපානය Friday, 13 January 2017 06:06 AM
සැබෑ නිර්මාණකරුවෙක්. අන්තිමට රජයෙන් ආධාර ඉල්ලලා නැති මෑත කාලයේ කලාතුරකින් දැකපු නිර්මාණකරුවෙක්. එ්කෙන්ම පේනවා මේ නිර්මාණය සාර්ථක සහ ඉල්ලුමක් ඇති එකක් බව. (නි)
නුවන් Wednesday, 11 January 2017 01:20 PM
බන්දුල ගුණසේකරගේ පම්පෝරිය වැඩක් නෑ. උපාධි, ඩිප්ලෝමා අරගෙන පම්පෝරි ගහන අය තමය් වැඩිපුර ඉන්නේ. සෙනරත් සමන්තිලක වගේ වැඩක් කරලා නම දාගන්න. (බ)
එරන්ද Sunday, 15 January 2017 12:42 PM
බලනකොට අපේ රටේ මොනතරම් දක්ෂයෝ ඉන්නවද (නි)