IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


සංරක්ෂණය නොකළොත් ඩොල්ෆින් සමුගනී

ලොව ඉතා දුර්ලභ මයුයි ඩොල්ෆින් සතුන් සංරක්ෂණය කිරිම නිසිපරිදි සිදු නොවන්නේ නම් ඔවුන් ඉදිරි වසර 15 දී මිහිතලයෙන් සමගන්නා බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.

ලොව දැකිය හැකි ඩොල්ෆින් සතුන් අතරින් වඩාත් කුඩා සිරුරකට හිමිකම් කියන මොවුන් දැකිය හැක්කේ නවසීලන්තයේ බටහිර වෙරළ තීරයේ පමණි. ඔවුන් දිගින් මීටර 1.5 ට වඩා අඩුය.

සත්ත්ව සංරක්ෂකයන් පවසන්නේ දැනට ලෝකයේ ඉතිරිව ඇති මයුයි ඩොල්ෆින් සතුන් සංඛයාව 50ට වඩා අඩු බවයි.

මසුන් අල්ලන දැල්වලට පැටලී මිය යාම මොවුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයකි. සත්ත්ව සංරක්ෂකයන් පවසන්නේ  මේ ඩොල්ෆින් දිවිගෙවන ප්‍රදේශයේන ධීවර කටයුතු තහනම් කළ යුතු බබවයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ දැනට ඇති දත්ත අනුව මේ සතුන් 43ක් හෝ 47ක් පමණ ප්‍රමාණයක් ලොව ජීවත්වන බවයි. එයින් පැටවුන් බිහිකළ හැකි වැඩුණු ගැහැණු සතුන් සිටින්නේ 10 දෙනකු පමණක් යැයි ද ඔවුහු පෙන්වාදෙති.

මෙම අධ්‍යනයේ තොරතුරු ඇමරිකවේ සැන් ඩයිගේ වල පැවැත්වු ජාත්‍යන්තර තල්මසුන් ගේ කොමිසම වෙත විද්‍යාඥයින් කමිටුවක් විසින් ඉදිරිපත් කර තිබේ.

නාබු නැමැති ජර්මානු සත්ව සංරක්ෂක සංවිධානයේ ප්‍රධානි ආචාර්ය බාබරා මැස්  පවසන්නේ දැනට ඉතිරිව ඇති මෙම ඩෝල්පින් විශේෂය ගැන සත්ව සංරක්ෂකයන් ඉතාමත් අවදියෙන් සිටිය යුතු කාලය එලැඹ තිබෙන බවයි. ඩොල්පින්ගේ වාසස්ථාන අහිතකර මාළුන් අල්ලන දැල්වලින් බේරාගත යුතු බවත් මෙම පරිසර පද්ධතිය තෙල් සහ වායු කාන්දුවීම් වලින් වළක්වා ගත යුතු බවත් හෙතෙම පවසයි.

නවසීලන්ත සත්ව සංරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානවලට පවසා ඇත්තේ මේ දත්ත සම්බන්ධයෙන් කිසිවක් තවමත් ප්‍රකාශ කර නොහැකි බවයි. ඒ පිළිබඳව ප්‍රකාශ කල හැක්කේ විද්‍යාත්මක කමිටුව විසින් මේ සම්බන්ධයෙන් සොයාගත් කරුණු සහ ඒ ගැන කරණා ලද නිර්දේශ සැලකිල්ලට ගැනීමෙන් පසුව බවත් එම අමාත්‍යාංශය පවසා ඇත.



අදහස් (0)

සංරක්ෂණය නොකළොත් ඩොල්ෆින් සමුගනී

දුමින්ද Wednesday, 27 May 2015 09:50 AM

බලවත් රටවල් කරන පරිසර හානි ගැන නිහඩ වැඩියි. (ත)

:       0       0

පියලාල් Sunday, 31 May 2015 11:29 AM

මොනවද මේ කතා. ජපානයේ ඩොල්පින් මරනවා. (බ)

:       0       0

චන්න බුවනක Friday, 29 May 2015 05:43 AM

දැන් තියෙන නවීන මසුන් මරණ යාත්‍රා වල දැල් වලට මුහුදේ තියෙන හැම දෙයක්ම එකතු වෙනවා.(හේ)

:       0       0

පහන් Wednesday, 27 May 2015 01:31 PM

අනිත් සත්තුන්ට මේ පෘතුවිය ඉතුරු කරලා මිනිසා කියන සත වඳ වෙලා යන්නේ නැහැ නේ (අ)

:       0       0

සිතුමිණි Friday, 29 May 2015 07:37 AM

අපේ රටේ ඩොල්පින් සම්පත ආරක්ෂා කර ගනිමු.. (හේ)

:       0       0

නිශාන්ත Sunday, 16 August 2015 05:49 PM

හරිම කණගාටුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2207 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7171 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3567 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4289 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 446 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 925 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site