ගැඹුරු තෙලේ බදින ආහාර වලට තෙල් උරා ගැනීම අවම කිරීම සඳහා ක්‍රමයක් සොයා ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආහාර විද්‍යා අධ්‍යනාංශයේ පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටියි.
මෙම පර්යේෂණය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යන අංශයේ ආචාර්ය උපාධි අපේක්ෂක රුමේෂ් ලියනගේ මහතා පවසන්නේ මස්, මාළු, අලපෙති වැනි ගැඹුරු තෙලේ බැදගන්නා ඕනෑම ආහාරයක් සෙවෙල ගතියෙන් යුත් ද්‍රාවණයක තවරා බැදගැනීමෙන් ආහාරයට උරා ගන්නා තෙල් ප්‍රමාණය සියයට 30කින් අඩු කර ගත හැකිබවයි. සෙවෙල ද්‍රාවණය සඳහා දවුල් කුරුඳු කොළ යුෂ හෝ බණ්ඩක්කා යුෂ යොදා ගත හැකි බව ඔහු පවසයි. තෙල් හොඳින් රත් වූ පසු ආහාරය බැද ගැනීමෙන් වඩා සාර්ථික ප්‍රතිළුල ලබාගත හැකි බව ද රුමේෂ් ලියනගේ මහතා පවසයි.
තෙල් අඩුවෙන් උරා ගැනීම නිසා සිරුරට ඇතුළු වන තෙල් ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ශරීරයේ කොලස්ටරෝල් ප්‍රතිශතය ඉහළ යෑම අඩුවීම මෙමගින් සිදු වේ
ආහාර විද්‍යා හා තාක්ෂණ අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. බී. නවරත්න මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම පර්යේෂණය සිදු කර ඇත.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හදවතට හිතවත් බැදුම් ක්‍රමයක් ජ‘පුරෙන්
අබය Friday, 22 July 2016 11:32 PM
පැරණි ක්‍රම අවුරුදු සිය දහස් ගණනක් තිස්සේ මිනිසුන්ගේ අත්හදා බැලීම් වලින් සනාථ වූ මනුෂ්‍යයා සඳහා යෝග්‍ය යැයි පිළිගතහැකි ක්‍රමවේදයකි. නවීන විද්‍යාව බිහිවුණේද එසේමය. වෙනසකට ඇත්තේ විද්‍යාත්මක ක්‍රම සහ උපකරණ මඟින් කාලය අඩුකරගැනීම සහ නිවැරදිතාවය ලබාගැනීමයි. (නි)
තුෂාරී Saturday, 16 July 2016 08:47 AM
කෝන් ෆ්ලවර් නමින් හඳුන් වන කෝන් පිටි වල දවටා තෙලෙන් බැද්දොත් මේ ප්‍රතිපලයම ලැබෙනවාද..?කෝන් පිටි වතුරේ දිය කලාම ඇලෙන සුළුයි. (ර)
ජානක Saturday, 16 July 2016 09:33 AM
30% හරි තෙල් අඩුවෙන එක හොඳයි නේද ? (ර)
තුෂාරී Saturday, 16 July 2016 11:13 AM
ඉතා හොඳ සොයාගැනීමක්. බිත්තර ද්‍රාවණය, පාන් පිටි ද්‍රාවණය වගේ දේවලිනුත් ආහාර වලට උරාගන්නා තෙල් ප්‍රමාණය අඩුවීමක් දකින්නට තිබේද? දන්නා කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කර දෙනුමැනවි. පිටරටක ජීවත්වෙන අපට දවුල් කුරුඳු කොළ සොයාගැනීම සිහිනයක් පමණි. (නි)
ශ්‍රියානි Sunday, 17 July 2016 01:26 PM
ගැඹුරු තෙල හොදින් නටවා බිත්තර සාරු දවටා බැදගන්න.තෙල් උරාගන්නේ ඉතා අඩුවෙන් (හේ)
සුබෝධ Saturday, 16 July 2016 02:29 PM
දවුල් කුරුදු කොළ, බණ්ඩක්කා යුෂ යොදා කෑම ජාති බදින්නේ කොහොමද. වෙනත් ලෙහෙසි ක්‍රමයක් තිබුනොත් හොඳයි. කොහොම නමුත් සුබ පතනවා අලුත් සොයාගැනීම් වලට. (නි)
බෙනට් Thursday, 21 July 2016 11:12 PM
මෙවන් සොයාගැනීම් කොපමණ තිබුණත් මේවා මිනිස්සු අනුගමනය නොකරන එක ගැනයි දුක (නි)
සමන් වීරසූරිය Tuesday, 19 July 2016 01:40 PM
මේක අලුත් දෙයක් නොවෙයි අපේ අච්ච්ලිලා ඉස්සර කරපු දෙයක් , දවල් කුරුදු හකුරු හදන්න රා උනුකරන්නත් පවිච්හි කලා (අ)
පිටබැද්දර ජයා Thursday, 21 July 2016 10:19 AM
අපේ පැරැන්නෝ මේවා කළා හැබැයි විද්‍යාත්මකව දන්නේ නැහැ කියල අපේ පැරණි මිනිසුන්ට කියන කතාවනම් මම අනුමත කරන්නේ නැහැ , මොකද අපේ පැරැන්නෝ යමක් කලේ තේරුමක් ඇතුව හිඳින් අද්‍යනය කරලා පරීක්ෂණ සමික්ෂණ කර කරුමේ කියන්නේ ඊළඟ පරම්පරාව මේ තාක්ෂණික ක්‍රම වැඩිහිටියන්ගෙන් ඉගෙන ගත්තේ නැහැ , එයාල හිතුවේ අනේ මේ වයසක මිනිස්සු මොනවද දන්නේ ? (ම)
තිලක් Wednesday, 20 July 2016 10:32 PM
මේක පැරණි ක්‍රමයක්. අපේ පැරැන්නෝ ආස්මී හදන්න දවුල් කුරුඳු යොදාගත්තා. අදත් එලෙසම කරනවා. එහෙත් විද්‍යාත්මකව දැනගෙන හිටියේ නැහැ (නි)
තිලක් Wednesday, 20 July 2016 10:37 PM
තුෂාරි, රට ඉන්න ඔයාලට දවුල් කුරුඳු හොයාගන්න බැරිවුණාට ඕනෑතරම් බණ්ඩක්කා තියෙනවානේ. වදමල් යුෂත් ඒ වගේම බරකොකු යුෂත් මේ වැඩේට හොඳයි (නි)
ගුනේ Sunday, 17 July 2016 03:46 PM
ලාංකීය බුද්ධිමතුන්ගේ මේ නව සොයාගැනීම ඉතා ඉහලින් අගයකරමි, එම බුද්ධිමතුන්ට ජයවේවා ! (ර)
රොහාන් Sunday, 17 July 2016 05:57 AM
හොඳ සොයාගැනීමක්. නමුත් දැන් තියනවා 'එයාර් ෆ්‍රයර්' කියලා එකක්. විදුලියෙන් ක්‍රියාකරන්නේ. ඕනෑම බැදුමක් කරගන්න පුළුවන් තෙල් බිදක්වත් දාන්නේ නැතුව. තෙල් වලින් බැද්දා වගේ තමා. නමුත් මෙය ටිකක් මිල වැඩියි. දුප්පත් කෙනෙකුට ගන්න අමාරුයි (නි)
විමලසූරිය Friday, 22 July 2016 06:20 PM
ඔබගේ තොරතුරු මට එවන්න. මම ඉන්න රටට ඔබගේ සේවය අවශ්‍යව තිබේ (නි)
ජයතු Tuesday, 19 July 2016 06:28 PM
දවුල් කුරුඳු කොළ ඉස්ම යොදා තෙලෙන් බැදීමෙන් හදන ආස්මී කනකොට, කැවුම් සහ වඩේ වල තරම් තෙල් ගතියක් නොදැනෙන්නේ මේ හේතුව නිසාද? (නි)
යෙහාන් Friday, 15 July 2016 01:21 PM
ඔබට දෙවියන්ගේ ආශිර්වාදය!
සුසිල් Sunday, 17 July 2016 06:43 AM
'එයාර් ෆ්‍රයර්' තමයි හොඳ. ඒක යූ.එස්. ඩොලර් 100 ක් විතර වෙනවා. නමුත් තෙල්වලට වියදමක් නැහැ. හදන කෑම ඇඟටත් හොඳයි. (නි)
අබය Sunday, 17 July 2016 06:53 AM
දවුල් කුරුඳු වෙනුවට බණ්ඩක්කා ශ්‍රාවයද ඉතා අගනේය. ඒ වගේම "රයිස් ඔයිල්" වලින්ද එක වරක් පමණක් භාවිතයෙන් කොලස්ටරෝල් ප්‍රමාණය අඩුකර ගත හැක. ඉහත කියූ " එයා ෆ්රයර්" එකත් ඉතා හොඳ සොයා ගැනීමක්ය. එහෙත් තෙල් නොමැති වුණාම රසයේ වෙනසක්ද අපිට දැනෙනවා. (නි)
indika Friday, 16 June 2017 04:00 AM
මේක මැනුවල්.ඔටෝ ඉලෙක්ට්‍රික් කියලා දෙකක් තියෙනවනේ. ඒකෙන් කෝකද හොද. මේකෙ වටීනාකම කීයක්ද