IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය දුරලීමේ සතියක්

විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය කිරීමේ වැඩසටහනක් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය  එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෛත‍්‍රීපාල සිරිසේන ජනපතිගේ මගපෙන්වීම යටතේ ක‍්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ ‘පොලිතීන්, ප්ලාස්ටික් හා ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය දුරලීමේ සතියක් මධ්‍යම පරිසර අධිකාරිය මගින් ප‍්‍රකාශයට පත්කර ඇත.

ඔක්තෝබර් 24 සිට 30 දක්වා ක්‍රියාත්මක එම සතියේදී විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ අපද්‍රව්‍ය එකතු කිරීමේ ස්ථානයක් එම කොමිෂන් සභා පරිශ‍්‍රයේ පිහිටුවන බවත් එවැනි ස්ථාන සියලූම දුරකතන සේවා සැපයුම්කරුවන්ගේ පාරිභෝගික සේවා  මධ්‍යස්ථාන වලද පිහිටුවීමට කටයුතු කරන මෙන් ඉල්ලීමක් කරන බවත් ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් එස්. සිරිසේන මහතා පැවසීය.
විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ඇති වෙමින් යන වේගවත් ව්‍යාප්තවීම නිසා එම තාක්‍ෂණ උපකරණ හා උපාංග සඳහා අතිවිශාල ඉල්ලූමක් ඇති වී තිබෙන බවත් මේ නිසා ජංගම හා ස්ථාවර දුරකථන, බැටරි වර්ග, පරිගණක, සන්නිවේදන උපකරණ හා උපාංග කල් ඉකුත්වීමෙන් අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම විශාල වශයෙන් වැඩි වී තිබෙන බව කී සිරිසේන මහතා මෙය නුදුරු අනාගතයේම නව ආකාරයක පාරිසරික, සමාජ හා ආර්ථික ගැටලු ඇතිකරන්නක් බවද කීය.

මෙම අපද්‍රව්‍ය විධිමත්ව බැහැරලීම හා විදුලි සංදේශ හා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ උපකරණ නැවත භාවිතා කිරීම පිළිබඳ ශ‍්‍රී ලංකාව පුරා පාසැල් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව සිදුකරන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.  

webDSC_8509 webDSC_8522



අදහස් (0)

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය දුරලීමේ සතියක්

යහම්පත් Tuesday, 01 November 2016 09:09 AM

මේ වගේ වැඩසටහන් ගැන මහජනතාව දැනුවත් කරන්න ඕනෑ පුළුල් වශයෙන්. නැත්නම් ඇත්තටම මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. ලොකු අය රැස්වීම් තියලා නාමිකව විතරයි මේ දේවල් කරන්නේ. (නි)

:       0       0

සෙනෙවි Wednesday, 02 November 2016 05:07 PM

සතියක බොරු සෝබන වැඩක් කරලා ප්‍රමාණවත් වෙයිද ? මේවා අපහරණය සඳහා ස්ථිර වැඩපිළිවෙළක් අවශ්‍යයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 219 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site