IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


කඩෙන් බඩු ගන්න ඇප් එකක්

සුපිරි වෙළෙඳසලින් භාණ්ඩ මිලදී ගැනීම පහසු කිරීමට නව ජංගම දුරකතන යෙදුමක් (ඇප් එකක්) හඳුන්වා දී තිබේ.

සුපර්ස්මාර්ට් යනුවෙන් නම්කර ඇති මෙමඟින් මුදල් අයකැමිවරයාගේ සේවය තවදුරටත් සුපිරි වෙළෙඳ සල්  වලට අවශ්‍ය නොවන තත්ත්වක් ඇති වී තිබේ.

සිය මව් රට වන ඊශ්‍රායලයේ පවත්වාගෙන යනසුපිරි වෙළෙඳසල් ජාලයක් වන ඕෂර් ඇඩ් සමඟ අත්වැල් බැඳගනිමින් මෙම නව යෙදුම හඳුන්වාදීමටයායිර් කෙප්ලර් මහතාකටයුතු කර තිබේ.

අන්තර්ජාලය ඔස්සේ ජංගම දුරකතනයට බාගත කර ගත හැකි මෙමගින් සුපිරි වෙළෙඳසල් පිළිබඳ තොරතුරු මෙන්ම පාරිභෝගිකයාගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු වැනි පෞද්ගලික තොරතුරුද රහස්‍ය කේත මඟින් ඇතුළත් කර තැබිය හැකිය.

සුපිරි වෙළෙඳසලකදී පාරිභෝගිකයා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරාගෙන එම භාණ්ඩවල මුද්‍රණය කර ඇති බාර් කේත පරිලෝකනය කිරීම මඟින් ඒවායේ මිල ගණන් සුපර්ස්මාර්ට් ඇප් එක තුළ සටහන් කිරීම සිදුවෙයි . 

එසේ පාරිභෝගිකයා තමන්ට අවශ්‍ය සියලු භාණ්ඩවල මිල ගණන් ඇප් එකේ සටහන් කිරීමෙන් අනතුරුව සුපිරි වෙළෙඳසලේ තිබෙන සුවිශේෂී වේදිකාවක් මතට භාණ්ඩ සහිත ට්‍රොලිය ගෙන යා යුතුය.

ආදාළ වේදිකාව මත එම භාණ්ඩ නැවත පරිලෝකනයට ලක්කරන අතර පාරිභෝගිකයා විසින් තෝරා ගෙන ඇප් එකේසටහන් කරනු ලැබූ මිලගණන් සමඟ මෙම වේදිකාව මත පරිලෝකනය කිරීමෙන් ලබාගත් මිලගණන් සසදාබලා මිල සටහන් කිරීම මඟ හැරුණු යම් භාණ්ඩ වෙතොත් ඒවා හඳුනාගෙන ඇප් එක ඔස්සේ දක්වනු ලැබේ.

එසේ පාරිභෝගිකයා තෝරාගත් සියලු භාණ්ඩවල මිල ගණන් ඇප් එක මාර්ගයෙන් සටහන් කර ඇති බවට අදාළ වේදිකාව මතදී තහවුරු කර ගත් පසු ඇප් එක මඟින් භාණ්ඩවල මිල ගෙවීමට අවස්ථාව හිමිවේ.

මෙසේ තත්ත්පර 30 ක් වැනි කාලයකදීභාණ්ඩ සඳහා මුදල් ගෙවීමට අවස්ථාව හිමිවීම මෙම ක්‍රමයේ ඇති වඩාත්ම වාසිදායක තත්ත්වය බව සුපර්ස්මාර්ට්හි නිර්මාතෘ යායිර් කෙප්ලර් මහතා තවදුරටත් පවසයි.

කෙසේ වෙතත් මෙම සුපර් ස්මාර්ට් ක්‍රමය සුපිරි වෙළෙඳසල් සඳහා හඳුන්වාදීමට පෙර මෙම වසර ආරම්භයේදී ඇමේසන් සමාගම විසින් ස්වයංක්‍රීය වෙළෙඳ සලක් ආරම්භ කිරීමට පියවර ගත්  අතර මුදල් අයකැමිවරයාගේ සේවය එහිදී ඉවත් කිරීමට කටයුතු කර තිබිණ.


ඩේලි මේල් ඇසුරෙනි
(නිසංකා සංදීපනී)

 



අදහස් (2)

කඩෙන් බඩු ගන්න ඇප් එකක්

lalith Friday, 16 March 2018 12:46 AM

කොයි තරම් වටිනා දෙයක්ද? දැක්ක නේද? ඔය සේරම කරන්න පුළුවන් උනේ අර ඉන්ටනෙට් ලංකාවට හඳුන්වල දීපු නිසානේ?

:       1       4

chathuri - england Friday, 23 March 2018 08:06 AM

මේ ලංකාවේ කතාවක් නොවෙයි මහත්තයෝ... ලංකාව වගේ බයියෝ ඉන්න ගෝත්‍රික රටක මේවා කරන්න තව අවුරුදු 10ක් වත් යාවි...

:       7       32

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2204 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7170 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3564 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4288 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 149 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site