සූරියකන්ද මෝනිං සයිඩ්හි දොළක තිබී සොයාගත් නව කෙකටිය විශේෂයක් නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතාට උපහාරයක් ලෙස නම් කළ බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි.
ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි ලෙස නම් කර ඇති මේ නව කෙකටිය විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික වන අතර එය අරුණාලෝක අඩිවියේ පමණක් දැකිය හැකි හෙවත් ස්ථානීය ආවේණිකත්වයක් පෙන්වන අතිශය දුර්ලභ විශේෂයක් ද වෙයි. මෙය දැනට හමුවී අරුණාලෝක අඩවියේ දොළ මාර්ග දෙකකින් පමණි. මෙම ස්ථානය පිහිටියේ සිංහරාජ වනාන්තරයේ සූරියකන්ද පෙදෙසේය.
ගාල්ල හා මාතර දිස්ත්‍රික් දෙකෙහි ජෛව විවිධත්ය පිළිබඳ කරන ලද ගවේෂණයක් අතරතුර 2012 වර්ෂයේ දී මේ කෙකටිය විශේෂය හමු වූ බව එම සංගමයේ සභාපති පරිසරවේදී මධුර ද සිල්වා මහතා පවසයි. එය මෙතකේ ශ්‍රී ලංකාවෙන් සොයාගෙන තිබූ කෙකටිය විශේෂවලට වඩා වෙනස් විශේෂයක් විය හැකියැයි සිතූ ඔවුන් ඒ පිළිබඳ පර්යේෂණ ආරම්භ කරන ලදී. ඉන් වසර හතරකට පසුව 2016 අගෝස්තු මාසයේ දී මේ කෙකටිය විශේෂය ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති කෙකටිය විශේෂවලට වඩා වෙනස් බවත් එය ශ්‍රී ලංකාවට ආවේණික නව කෙකටිය විශේෂයක් බවත් විද්‍යාඥයන් විසින් තහවුරු කර තිබේ.
මේ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව ජාත්‍යන්තර පයිටොටැක්සා නම් විද්‍යා පර්යේෂණ සඟරාවේ අගෝස්තු 31 වැනි දින කලාපයේ ප්‍රසිද්ධියට පත්කර ඇත. ඇපනොජෙටෝන් කන්නන්ගරෙයි) ශාකය සොයා ගැනීමට පෙර මෙරට වාර්තා වී තිබුණේ කෙකටිය විශේෂ හතරක් පමණි. කෙකටිය ශාකය ඇපනොජෙටෝන් යන ඝන නාමයෙන් හඳුන්වන අතර මෙතෙක් හමුවී තිබූ විශේෂ හතරෙන් හෝටන් තැන්න හා නුවරඑළියේ දක්නට ලැබෙන ඇපනොජෙටෝන් ජාකොබෙන්සි හා පහතරට තෙත් කලාපයේ හමුවන ඇපනොජෙටෝන් රිජිඩිෆෝලිඅස් නම් කෙකටිය විශේෂ දෙක ශ්‍රී ලංකාවට ආවේණික විශේෂ ලෙස විද්‍යාඥයන් විසින් පිළිගෙන තිබිණි.
නව සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන කෙකටිය විශේෂ සංඛ්‍යාව පහක්වන අතර ආවේණික කෙකටිය විශේෂ සංඛ්‍යාව තුනක් බවට පත්වෙයි.
මේ සොයා ගැනිම සිදුකර ඇත්තේ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ පර්යේෂකයන් වන එහි සභාපති මධුර ද සිල්වා, සුපුන් දේශප්‍රේම සහා ප්‍රින්ස් මනම්පේරි මහත්වරුන් විසිනි. මෙහි විශේෂත්වයක් වන්නේ එය මෙරට පර්යේෂකයන් විසින් ලෝකයට හඳුන්වාදුන් ප්‍රථම ජලජ පැලෑටි විශේෂය වීමයි. මෙතෙක් ශ්‍රී ලංකාවෙන් සොයාගත් සියලුම ජලජ පැලෑටි පිළිබඳ පර්යේෂණ සිදුකර ඒ පිළිබඳ වාර්තා කර තිබුණේ විදේශිකයන් විසිනි.
අවසන්වරට මෙරටින් නව ජලජ පැලෑටි විශේෂයක් හමු වී ඇත්තේ ද 1985 දී ය. ඒ අදින් වසර 31ට පෙරාතුවය.
කෙකටිය ශාකයේ සොයාගැනීම පිළිබඳ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සභාපති මධුර ද සිල්වා මහතා මෙසේ කීවේය.
‘‘ ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක දෙකේ ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණයක් පවත්වද්දී අපි මේ ශාකය දැක්කා. එහි ඇති වෙනස්කම් අවබෝධ වූ නිසා අපි මේ ශාකය නව විශේෂයක් ද කියා සොයා බැලීමට අදාල පරීක්ෂණ ආරම්භ කළා. වසර කිහිපයක් ම ඒ ගැන සොයාබලා අපිට තහවුරු කරගන්න පුළුවන් වුණා මෙය මෙතෙක් ලෝකයෙන් හමු නොවූ ශාකයක් බව. ඒ අනුව අදාල පර්යේෂණ වාර්තාව සකස් කරලා ඉදිරිපත් කළා. දැන් එය ලෝකයට අලුත් නව විශේෂයක් බව ජාත්‍යන්තරව පිළිඅරගෙන තිබෙනවා.“
පර්යේෂණ කණ්ඩායමේ නායකත්වය දැරූ මධුර ද සිල්වා රිච්මන්ඩ් ආදි සිසුවෙකි. එමෙන්ම පර්යේෂණයේ නිරත වූ සියලු දෙනා මෙන් ම පර්යේෂණ පවත්වාගෙන ගිය ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ සාමාජික සාමාජිකාවෝ ද නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනුම ලැබූවෝය. කනන්න්ගර මහතා ද රිච්මන්ඩ් ආදි සිසුවෙකි. නව ශාකය ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාවන සී.ඩබ්ලිව්.ඩබිලිව්.කන්නන්ගර නමින් නම් කිරීමට එම සංගමයත් පර්යේෂකයන් තිදෙනාත් තීරණය කළහ. ඒ අනුව නව ශාකයට නම් තැබිණි.
‘‘මෙම පර්යේෂණය සිදුකරද්දී අපිට විශාල පිරිසකගෙන් සහයෝගය ලැබුණා. අපේ සංගමයේ සියලුම දෙනාගෙන්. ඒ වගේම ජෛව විිවිධත්ව සමීක්ෂණයට සම්බන්ධ වූ විශාල පිරිසක් හිටියා. පර්යේෂණ කටයුතු ආරම්භ කළ දිනයේ සිට ශ්‍රී ලංකාවේ උද්භිද විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතාගෙන් ලැබුණු සහය අපමණයි. ඔවුන් සියලු දෙනාම අපි ඉතාමත් සතුටින් සිහිපත් කරනවා. “ යැයි මධුර පැවසීය.
ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියාගේ නම උද්භිද විද්‍යාව පවතින තුරු ජාත්‍යන්තරයේ අමරණීය කිරීමට මෙමගින් හැකියාව ලැබුණු බවයි. මෙම නව ශාකය අරුණාලෝක අඩවියට ස්ථානීය අවේණිකත්වයක් දක්වන බැවින් එම ස්ථානයේ ජෛවවිද්‍යාත්මක වටිනාකම ද ඉතා ඉහළ අගයක් ගෙන තිබේ.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන්නන්ගර කෙකටිය සූරියකන්දේ
ජයාත් Monday, 05 September 2016 01:36 AM
දිසානායක - කුමාර්, කෙකටිය හැමතැනම තියන එක ඇත්ත. නමුත් මේකේ කියන්නේ මේ විශේෂය තියෙන්නේ එහේ විතරයි. මොනවා වුණත් මේ වගේ අපූර්ව පුවත් සිංහලෙන් දකින්න ලැබෙන්නේ ලංකාදීපයේ විතරයි. ඒ ගැන අපේ ආචාරය! (නි)
දිලන්ක Monday, 05 September 2016 10:47 PM
මෙම ලිපියට සහ ඡායාරූප වලට ස්තූතියි! (නි)
කෝදාගොඩ Saturday, 10 September 2016 07:56 AM
මේ වර්ගයට නමක් දැමීම ඉතා හොඳයි (නි)
කුමාර් (ගල්ෆ්) Sunday, 04 September 2016 11:30 AM
මේ කෙකටිය අපි පොඩිකාලේ අැළවල් වල පැනලා නානකොට දැක තිබෙනවා කියලයි මට හිතෙන්නේ. අකුරැස්ස ඉමදූ!ව පැත්තේ අැළවල් වල. (නි)
රශ්මි Tuesday, 06 September 2016 12:59 AM
කන්නන්ගර කෙකටිය පිළිබඳ මේ තොරතුරු කියවන්න ලැබීම ඉතා වැදගත්ය. ස්තුතියි! (නි)
දිසානායක Sunday, 04 September 2016 12:26 PM
නිකවැරටියේ වැව් වල බලන්න ඔය වගේ වර්ග තියනවා. (බ)
අනුරාධ Friday, 16 September 2016 03:19 AM
හොද ලිපියක්.තවත් දේ ඒ පැත්තේ මිනිස්සු දන්නවා. (හේ)
චමින්ද Sunday, 18 September 2016 02:24 AM
හැම එක්කෙනාම තමන්ගේ නම දාන්න පොරකද්දී අනුන්ගේ නමක් දාන්න තරම් නිහතමානී වූ එක ගැන සතුටු හිතෙනවා. ලංකාවේ තව කොච්චර ශාක ඇද්ද අලුත් ශාක? ස්තුතියි මේ සොයාගැන්මට ... (නි)
රන්ජිත් Friday, 16 September 2016 10:53 PM
මේවාමද බුලත්කොහුපිටිය ඇළෙත් තියෙන්නේ? (නි)
කුමාර Thursday, 08 September 2016 05:16 AM
වල් නාශක නිසා ගම්වල තිබිල වඳ වුනු අපි නොදන්නා පැළෑටි තව කොපමණ තියෙන්න ඇතිද? වැදගත් සිදුවීමක්. (බ)
ඉන්ද්‍රජිත් ද සිල්වා Wednesday, 07 September 2016 05:58 PM
මෙවන් ලෝකයට දායාද කරන පර්යේෂණ කරන උගතුන්ට නිසි තැන දීම අපේ වගකිවයුත්තන්ගේ මහඟු වගකීමකි. ඔබට තුති! (නි)
මොරවක Sunday, 04 September 2016 05:16 PM
ඉතා හොඳ සොයාගැනීමක් (නි)
දිමුත් Thursday, 08 September 2016 10:59 AM
කෙකටිය මලවලා මැල්ලුම නියමයි!
ජයාත් Friday, 16 September 2016 08:37 AM
ඒක හොදයි.(හේ)
රූපවතී Sunday, 04 September 2016 06:35 PM
මම කොබෙයිගනේ. මේ කෙකටිය වර්ගය අපේ වැව් වල වතුර අඩුකාලෙට මම දැක තිබෙනවා. වතුර ඇති තැන්වලින් මේ කොළෙත් කන්න පුළුවන්. හරිම රසයි. (නි)
රන්ජන් Monday, 05 September 2016 08:45 AM
ලිපියට තුති. (බ)
ඩෙන්සිල් Thursday, 15 September 2016 08:13 PM
අපේ නව පරපුරේ අය නම් මේවා දැකලා ඇති කියලා හිතන්න අමාරුයි
අබේරත්න Monday, 05 September 2016 09:38 AM
අපේ ගමට එන්නකෝ ගමටම කෙකටිය දෙන්නම්කො . ඕනෑම ජාතියක් තියෙනවා..(බ)