ලෝක සංරක්ෂණ සංගමයේ (IUCN) රතු දත්ත පොතට අනුව වෙන කවරදාටත් වඩා වේගයෙන් ලෝකයේ කුරුල්ලන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසරවේදිහු පෙන්වා දෙති.
ඔවුන් පෙන්වාදෙන්නේ ලෝකයේ පක්ෂීන් විශේෂ 1,227 ක් හෙවත් සියයට 12ක් මෙලෙස වඳවීයාමේ තර්ජනය මුහුණ පා ඇති බවයි. ඉන් විශේෂ 192 ක් දැඩි තර්ජනයට ලක්වූ විශේෂ ලෙස නම්කැර ඇත.
රතු දත්ත පොතට සත්ත්ව විශේෂ ඇතුලත් කිරීමේ කමිටුවේ සභාපති සීමන් ස්ටුවර්ට් මහතා පවසන්නේ මේ තත්ත්වය ඉතා කණගාටුදායක බවයි. දැඩි ලෙස වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති කුරුල්ලන් සංරක්ෂණය කිරීම ගැන උනන්දු නොවීම හේතුවෙන් ඔවුන් දිගින් දිගටම ලෝකයට අහිමිවීමේ තර්ජලනයට පත්වීම ගැටළුවක් බව ද ඔහු පෙන්වාදෙයි.
‘‘ ගෝලීය වශයෙන් ගත්විට දිගින් දිගටම සිදුවෙමින් තිබෙන්නේ සතුන්ට හානිකර දේ. නමුත් ඇතැම් සංරක්ෂණ කාර්යයන් තුලින් අපිට මේ ඉතිරිව සිටින සතුන් ආරක්සා කළ හැකියි. සියළු ලෝකවාසීන් මේ සඳහා උනන්දුවිය යුතුයි.“ යනුවෙන් කුරුල්ලන් සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ විද්‍යා හා ප්‍රතිපත්ති අධයක්ෂ ආචාර්ය ලියෝන් බෙනුන් මහතා පවසයි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුරුල්ලන් වඳවීම වේගවත්
දුමින්ද Monday, 06 April 2015 08:25 AM
කුරුල්ලන් සමනලුන් රකින්නට දළඹුවන්ට ආදරය කරන්න (ම)
නිදේශ් Monday, 06 April 2015 08:49 AM
මේක නම් අැත්ත කතාව සිංහරාජේ කපුටෝ නැති එක හොඳයි. මොකද කපුටෝ ඉන්නවා කියන්නේ පරිසරය දුෂණය වෙලා කියන එක පරිසර විද්‍යාාවේදී කපුටෝ පරිසර ධර්ෂක විදියට ගන්නේ දුෂණය බලන්න. සිංහරාජේ ගැන හොයල එ්ක හොර්ටන් තැන්නට යොදා ගත්තානම් එහෙ ඉන්න ලංකාවට අාවේනික ගොඩක් සත්තු ආරක්ෂා කළ හැකියි (බ)
කළු සිරා Wednesday, 08 April 2015 06:34 AM
අපේ මිනිස්සුන්ට ස්වාභාවික පරිසරය ගැන හිතන්න ඕනකමක් නෑ, එයාලට ඕන ආර්ථික පරිසරය ගොඩනගන්න, සොබාදහමට හෙණ ගැහිලා ගියාදෙන් උන්ගේ මල්ල පිරෙනවනම් එච්චරයි. මෙයාලගේ ඇස් ඇරෙන්නේ කවදාහරි මහ විපතක් ආවට පස්සෙයි. ඔන්න එතකොට තමයි අපේ මහා පරිසරවේදීන්ගෙත් ඉහ මොළ රත්වෙන්නේ. පුංචි කාලේ ඉඳන් දරුවන්ට පුරුදු කරන්න ඕන පරිසරයට මුල්තැන දීලා ආරක්ෂා කරගන්න හැටි. ටොෆිය, බිස්කට්එක, යෝගට්එක කාලා පොලිතීන් කවරය මහපාරෙම හලන, ගෙදර කුණු ටික මල්ලක දාගෙන ඇවිත් වාහනේ යන ගමන් පාරට හලාගෙන යන ආදර්ශවත් වැඩිහිටි පරපුරක් ඉන්න මෙහෙව් රටක අනාගත පරපුරට පරිසරය සුරකින්න අමුතුවෙන් පුරුදුකරන්න දෙයකුත් නෑ. බලාගෙන යනකොට. කොහොම උනත් මහපොළව වැඩි කලක් මේවා ඉවසන් ඉන්නෑ. මේවට දඬුවම් කරන්න ගත්තහම වැරදි කවුද? හරි කවුද? කියලා සොබාදහම හොය හොය ඉන්නෙනෑ. ඔක්කොටම එකපාරට දඬුවම් දේවි. එදාට අපි කාටවත් ගැලවීමක් නම් නෑ... සොබාදහමත් එක්ක සෙල්ලං කරන්න එපා... ඕං කිව්වා එහෙනං.... (ස)
ඒකනායක Tuesday, 07 April 2015 11:20 AM
වැරදි මිනිස් චර්යාව තමයි මේකට වග කියන්න ඔනේ (දී)
සුපුන් Monday, 06 April 2015 03:58 AM
මට බලයක් තිබුණා නම් මම හැම ස්ථානයකම වනාන්තර ඇතිකරනවා. ඉන්දියාවේ ''ජදෙව් මොලී'' කියලා කෙනෙක් අක්කර 1500ක වනාන්තරයක් වවලා තිබෙනවාලු.මමත් කැමතියි වනාන්තර ඇතිකරන්න (නි)
පිටිගල Sunday, 05 April 2015 03:46 PM
සිංහරාජයට මායිම් වූ අපේ ගමේ ඉස්සර හිටියා කපුටන් දහස් ගණනක්. දැන් ඒ අහල පහල ගමක වත් කපුටෙක් පේන්න නැත්තේ අයි දන්නේ නැහැ. කව්රුවත් පරීක්ෂණයක් වත් කරලා නැහැ. (නදී)