IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ගල් යුගය තවත් ඈතට යයි

ලෝකයේ මානවයන් විසින් ගල් ආයුධ සෑදූ යුගය අද සිතා සිටිනවාට වඩා බොහෝ ඈතට දිවයන බව පර්යේෂකයෝ කියති. කෙන්යාවේ ටර්කානා වැව් ඉවුරේ කරණ ලද කැණීමකින් අදින් වසර තිස්තුන් ලක්ෂයකට පෙර සාදන ලද ගල් ආයුධ හමුවීම හේතුවෙනි.

එම ගල් ආයුධ මෙතෙක් සොයාගෙන තිබූ පැරණිතම ගල් ආයුධවලට වඩා වසර ලක්ෂ හතක් පැරණිය.

මෙම සොයා ගැනීම නේචර් නැමැති සඟරාවේ පලකර තිබේ. එම සඟරාව යෝජනා කර සිටින්නේ වඩාත් පැරණි මානව විශේෂ එනම් ඔස්ට්‍රලොපිතිකස්, ඇෆරෙන්සිස්, හෝ කෙන්යන්ත්‍රොපස් ප්ලැට්යොප්ස් මෙතෙක් සිතා සිටියාට වඩා පරිණත වූ බුද්ධියකින් යුතු මානව විශේෂ විය හැකි බවයි.

නෙදර්ලන්තයේ ලෙයිඩන් විශ්ව විද්‍යාලයේ සහ ප්‍රංශයේ ජාතික විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය නික් ටේලර් පවසන්නේ මේවා මීට කලින් හමුවු මානවයාගේ කවර ආකාරයේ වූ ආයුධ සියල්ලටම වඩා පැරණි බවයි.

හමුවූ අති පෞරාණික ශෛල්‍යමය භාණ්ඩ අතර විශාල ගල්තලා වලින් කඩා සැකසු  තියුනු ගල් පෙති ඇත. මේවා යමක් කපා ගැනීමට පාවිච්චි කර ඇත.

කිණිහිර සහ ගල්මිටි ලෙස යොදා ගත් ආයුධ ද සොයාගෙන ඇති අතර ඒවා තරමක් විශාල බව ද පර්යේෂකයෝ කියති.

ආචාර්ය ටේලර් මාධ්‍යයට පවසා ඇත්තේ විශාලම මෙවලම කිලෝ ග්රෑම් 15 ක බරින් යුත් බවයි.

මෙම සොයා ගැනීම තෙක් ලෝකයේ වඩාත්ම පැරණි ගල් මෙවලම් වශයෙන් සැලකුවේ ටැන්සානියාවෙන් හමුවූ වසර ලක්ෂ 26ක් පැරණි ගල් මෙවලම්ය. ඒවා හෝමෝ හැබිලිස් විසින් භාවිතා කරන්නට ඇතැයි සැළකිණි.

එසේ වුව ද අලුතෙන් සොයාගත් වසර ලක්ෂ 33ක් පැරණි මෙවලම් කවර මානවයකු විසින් භාවිතා කරණ ලද්දේ ද යන්න නිශ්චිත නැත.

ලන්ඩන්හි පුරාවිද්‍යා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඉග්නසියෝ ඩි ලා ටොරි පවසා ඇත්තේ පසුගිය දශක පහක කාලයේ දී කරණ ලද හොඳම සොයා ගැනීම මෙය බවයි.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ ඔස්ටලෝපිතිකස් මානවයා හෝමෝ හැබිලිස්ට පෙර ගල් ආයුධ සාදන්නට අවශ්‍ය හැකියාවෙන් හා ඥාන ශක්තියෙන් යුතුව සිට ඇති බවයි.



අදහස් (12)

ගල් යුගය තවත් ඈතට යයි

දුමින්ද Sunday, 24 May 2015 05:10 AM

අපි ආපසු ගල් යුගයට යනවා නේද (බ)

:       0       0

නුවන් Sunday, 24 May 2015 07:40 AM

ඒ කාලේ දෙවියොත් ප්‍රාථමික තත්වයේ ඉදල තියෙන්නේ නැත්නම් ඔය වගේ ආයුධ හදන්න කියලා දේවිද? (ර)

:       0       0

ඉන්දික Thursday, 28 May 2015 09:35 AM

දෙවියන් වහන්සේ කියන්නේ ජීවත් වෙන මනුස්සයන්ගේ මෙන්ටල් ප්‍රොජෙක්ෂන් එකක්. එ්ක මතුවෙන්නේ විශ්වාසය තුළින්. ප්‍රශ්නේ තියෙන්නේ විශ්වාස තුළින් සත්‍ය දකින්න බැරිකමයි. අපිට සත්‍ය දකින්න පුළුවන් දෙයක් තමා අවශ්‍ය වෙන්නේ. (බ)

:       0       0

කිරන් Tuesday, 26 May 2015 02:44 AM

දෙවියො මිනිසසු මවලා නෝවා කියලා කෙනෙක්ට නැවක් හදන හැටි කියලා දුන්නලු. ලෝකෙ ඉන්න සෑම සත්වයෙක්ගේම ජෝඩුව ගානෙ දාන්න පුළුවන් එකක්.අනේ මන්දා! ඊටත් පස්සෙ තමයි මේ ගල් යුගය බිහිවෙලා තියෙන්නේ. දෙවියෝ ලෝකය මැවුවද නැත්තම් කවුරුහරි කෙනෙක් දෙවියක් කියලා කෙනෙක් මැවුවද දන්නේ නැහැ (නි)

:       0       0

තිලක් Wednesday, 27 May 2015 04:33 AM

දෙවිවරු ලෝකය මැව්වෙ රොටියක් වාගෙ තැටියක් විදියටලු. සමහරු තාම ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා (නි)

:       0       0

බුද්ධික Saturday, 30 May 2015 12:21 AM

බුදු දහමට අනුව ගල් යුගයක් නොවේ. මිනිසා පැවත එන්නේ වානරයාගෙන් නොවෙය . (ම)

:       0       0

නදීකා Saturday, 23 May 2015 06:08 AM

අනේ මට කියන්නකෝ, දෙවියන් වහන්සේ මේ ලෝකය මැවුවේ කවදාද කියලා.එතුමා ලෝකය මවලා පසුව මිනිසා මැවුවද, නැත්නම් පරිණාමය වෙන්න වානරයෝ මැවුවද? මට නම් හිතාගන්නවත් බැහැ (නි)

:       0       0

පහන් Thursday, 28 May 2015 01:36 PM

මිනිසා විසින් දෙවියන් මවන ලදී (බ)

:       0       0

අමල් Saturday, 17 October 2015 07:45 AM

බුද්ධිමත්ව සිතුවොත් වටහා ගත හැකියි. (ර)

:       0       0

අලගොඩ Tuesday, 26 May 2015 03:27 PM

දෙවියෝ කෙරපු කෙහෙල් මලක් නෑ. බොරු බහුබූත නැතිව ටිකක් බුද්ධියෙන් හිතමු. (බ)

:       0       0

පහන් Thursday, 28 May 2015 01:52 PM

මිනිසා විසින් දෙවියන් මවන ලදී ජුදෙව්වන්ගේ තොර එ්කනේ ඔය පැරණි ගිවිසුම කියන්නේ එයාලට එ්ක හම්බවෙලා අවුරුදු 5000 ලු ඉතින් පෘතුවියේ වයස 5000 ද ? (බ)

:       0       0

vihangamdbot Thursday, 29 June 2023 12:26 PM

හොඳයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site