ගල්යුගයේ මිනිසුන් ගල්ගුහාවල අවිචාරි ලෙස ජීවත් වූ බවට තිබූ විශ්වාසය බල්ගේරියාවේ කළ කැණීමකින් අභියෝගයට ලක්වූ බව පුරාවිද්‍යාඥයෝ කියති.
අදින් වසර 8000ට පමණ පෙර මනාව සංවිධානය කළ මාර්ග සහ දෙමහල් නිවාස සහිත ගම්මානයක නෂ්ඨාවශේෂ නිරිතදිග බල්ගේරියාවේ දී හමුවූ බව ද ඔවුන් පෙන්වාදෙයි.
නූතන නගර සැළසුම් මෙන් තැනූ මේ ස්ථානයේ දෙමහල් නිවාස තිබීම පුදුම සහගත දෙයක් යැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.
මෙය ඉදිකළ මිනිසුන් ගොවිතැනට හුරුවූවන් යැයි මතයකි. සමාන්තවර දිවෙන වීදි තුනකට යාබදව ඉදිකළ නිවාස අක්කර පහක් පුරා විසිරී පවතී. නිවාස සංකීර්ණයේ දිය අගලක් තිබූ අතර එය බෝට්ටු ගමනාගමනයට යොදා ගන්නට ඇත.
තවමත් කැනීම් කටයුතු සිදුකරණ මෙම බිම මුර්සාලිවෝ නගරය සමීපයේ පිහිටා ඇත. ග්‍රීසියේ දේශසීමාව හරහා බල්ගේරියාවේ අගනුවර වු සොෆියා යාකරණ ස්ට්‍රැමා අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ කටයුතු වළදී ය.
මෙම ප්‍රාග් ඓතිහාසික නිවාස මතුකර ගෙන ඇත්තේ බල්ගේරියානු කෞතුකාගාර පුරාවිද්‍යාත්මක සහ විද්‍යා ඇකඩමියේ ජාතික ආයතනයේ පුරාවිද්‍යාඥයින් පිරිසක් විසිනි. විද්වතුන් විශ්වාස කරණු ලබන්නේ හොඳින් සැලසුම් කරණ ලද නගරයක් ලෙසිනි. මෙම නිවාස යුරෝපීය ශිෂ්ඨාචාරයට ප්‍රථමව ඉදිකරන්නට ඇතැයි ද පර්යේෂකයෝ කියති.
කැණීමේ දී මැටි භාණ්ඩ මෙන්ම ආභරණ ද ගොඩනැගිලි සුන්බුන් ද හමුවී ඇත. දැනට සොයාගෙන ඇති නිවාස සංඛ්‍යාව 60කි.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ කැණීමෙන් සොයාගත් තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී නිවාස අඩි 26ක් හෙවත් මීටර අටක් පමණ උස බව ද තහවුරු කරගෙන ඇත. එමෙන් ම මේ නිවාසවල දෙපියස් වහළ තිබූ බව ද පර්යේෂකයෝ කියති.
ගොඩනැගිලි සකසා ඇත්තේ මැටි යොදා වරිච්චි ආකාරයෙනි. බිත්තිවල ඝනකම අඟල් අඩකි. එක් නිවසක් වර්ග අඩි 330 ට ආසන්නය.
මෙම ගොඩනැගිලි වරිච්චි සහ මැටි වලින් සකස් කර තිබු අතර බිත්ති වල ඝනකම අඟල් 8 ක් එනම් සෙන්ටි මිටර් 20 ක් වු අතර ප්‍රමාණයෙන් වර්ග අඩි 328 ක් විය.
මෙම ව්‍යාපෘතියේ කටයුතු මෙහෙයවන මහාචාර්ය ක්රුම් බැච්වරෝ සහ බල්ගේරියානු විද්‍යා ඇකඩමියේ සාමාජික මහාචාර්ය නිකොලොව් පවසා ඇත්තේ පුරාණ මිනිසුන් ලී රාමු සාදා පසුව මැටි ගොම සමග මිශ්‍රකර කපරාරු කර ඇති බවයි.
දෙවැනි මහළ ලෑලි යොදා සකස් කර ඇති අතර මැටි වලින් කපාරාරු කර ඇතිබවද ඔවුන් පවසා තිබේ.
පසුව මෙම නිවාස වල ජීවත්විම සඳහා පුරාතන යුගයේ සහ මධ්‍ය යුගයේ වහලුන් යොදවා ඇති බව විශ්වාස කරයි.
නිවාසවල කොටස් පුරාවිද්‍යාත්මක සිද්ධාන්තයන්ට අනුව ගලවා ඉවත්කැර ඊට යටින් ඇති කොටස් අධ්‍යයනය කිරීමට පුරාවිද්‍යාඥයෝ සැළසුම් කරති.
කැණීම් වලට සහභාගී වූ පුද්ගලයන් සංඛ්‍යාව 130කි. ඉන් 30ක් විශේෂඥයෝය. මේ පර්යේෂණ හේතුවෙන් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවන බැවින් කැණීම් කටයුතු කඩිනම් කරණ බව ද විද්‍යාඥයෝ කියති
කැණීම් භාර ප්‍රධාන පුරාවිද්‍යාඥයාගෙන් බල්ගේරියානු සංස්කෘතික අමාත්‍යාංශය ඉල්ලා ඇත්තේ මෙම පුරාවිද්‍යා බිම සඳහා සැළසුමක් යෝජනා කරණ ලෙස හා ඉතිරිවු කොටස් විදුරු ආවරණයකින් ආරක්ෂා කරණ ලෙසත්ය.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගල් යුගයේ දෙමහල් නිවාස