සැන්ෆ්‍රැන්සිස්කෝහිදීය (ඒ.එෆ්.පී)
ට්විටර් සමාජ ජාලා ගිණුම් ජාලයේ ‘ට්විටර් බොට්’ මෘදුකාංග පහසුකම මින් ඉදිරියට ලබා නොදෙන බව එම සමාජ වෙබ් අඩවිය බදාදා, එනම් බදාදා (21) නිවේදනය කළේය.
මෙම පහසුකම 2016 වසරේදී පැවති ඇමෙරිකා එක්සත් ජනාධිපතිවරණයේදී මෙන්ම තවත් බොහෝ අවස්ථාවලදී භාවිත වී තිබූ අතර ඒ ඔස්සේ ව්‍යාජ ට්විටර් ගිණුම් පොකුරු නිර්මාණය වූවා පමණක් නොව අසත්‍ය සහ ප්‍රකෝපකාරී පණිවුඩ ප්‍රචලිත කිරීමට ද එම පහසුකම භාවිත කර තිබිණි.
මෙම පහසුකම යටතේ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ගිණුම් සහ එවැනි ගිණුම් නිසා හිරිහැරයට සහ පීඩාවට පත්වූ ට්විටර් පරිශීලකයන්ගෙන් පැමිණිලි රැසක් ලැබීමත් මෙම පහසුකම දිගින් දිගටම අව භාවිත වීමත් එය මින් ඉදිරියට ලබා නොදෙන බව ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය නිවේදනය කළේය. පහසුකම නතර කිරීම නියමිත නීති හා කොන්දේසිවලට අනුව ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය භාවිත කරන ජනතාවට එරෙහිව කරන ලද්දක් නොවන බව ද එම වෙබ් අඩවිය සඳහන් කළේය.
“ටිව්ටර් සමාජ ජාලය වැදගත් සාකච්ඡා සඳහා නිරන්තරයෙන් භාවිත වනවා. එහෙත් ඇතැම් අවස්ථාවලදී එවැනි සාකච්ඡා ඉලක්ක කරගනිමින් ද්වේෂ සහගත අදහස් ප්‍රකාශ කිරීම් සිදු වෙනවා. එවැනි දෑ සිදු කිරීමට ‘ටිව්ටර් බොට්’ පහසුකම නිරන්තරයෙන් භාවිත වී තිබෙනවා. ඒ නිසා අපි එවැනි ක්‍රියා නැවැත්විය යුතුයි. විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී සහ ලොව රටවල් රැසක මැතිවරණවලදී මෙම පහසුකම අවභාවිත වුණ” යැයි ට්විටර් සමාජ ජාලා වෙබ් අඩවියේ ප්‍රතිපත්ති සංවර්ධන අංශයේ ප්‍රධානී යෝල් රොත් බ්ලොග් සටහනක් තබමින් සඳහන් කළේය.
අසත්‍ය තොරතුරු ප්‍රචාරණය, ජනතාව කුපිත කරවන අදහස් ව්‍යාප්ත කිරීම හා ඊට ප්‍රචාරය දීම නැවත්වීම සඳහා ට්විටර් සමාජජාල වෙබ් අඩවිය විවිධ පියවර ගනිමින් සිටින අතර මෙම පියවර ඉන් එකක් යැයි ද පැවසේ.
055
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ට්විටර් බොට් පහසුකම නවතී