IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


ප්‍රථම උණබට දුරකතන කුලුන බංග්ලාදේශයේ

(ගයාන් සූරියආරච්චි)

උණබටවලින් තැනූ ප‍්‍රථම දුරකතන කුලුන බංග්ලාදේශයේ ඩකා නුවර උත්තර ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් මත පසුගියදා ස්ථාපිත කෙරිණි.

මෙම උණබට කුලුන බංග්ලාදේශ ඉංජිනේරු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් අහමඞ් මහතා ප‍්‍රමුඛ කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලැබ ඇත.

මෙම කුලුන 'එඩොට්කෝ‘ නම් බංග්ලාදේශ සමාගම විසින් ප්‍රචලිත කෙරිණි.මෙය පුනර්ජනනීය සම්පත් භාවිතයේ නව මානයක් ඔස්සේ තිරසාර හා හරිත ඉංජිනේරුකරණය සම්බන්ධව එම සමාගම තැබූ සාර්ථක පියවරක් වන අතරම උණබට භාවිතයෙන් තැනූ දුරකතන කුලුනක් සවිකළ ප‍්‍රථම සමගම බවට පත්වනුයේ  ද එම සමාගමය.

මේ ගැන මහාචාර්ය සයිඞ් ඉෂ්ටියාක් මහතා පැවැසූවේ මෙවන් අදහසකි.

“උණබට වැනි පුනර්ජනනීය සම්පත් බහුල රටක් ලෙස බංග්ලාදේශය හඳුන්වන්න පුළුවන්. රටේ තාක්‍ෂණික දියුණුවට ස්වභාවික සම්පත් ඵලදායී ලෙස භාවිත කළ හැකි ක‍්‍රම සොයාගැනීම ඉතා වැදගත් කොට සලකනවා. උණබටවල ඇති ආවේණික ගුණාංග නිසා දුරකතන කුලූනු ලෙස පහසුවෙන් භාවිත කිරීමේ හැකියාව තිබෙන බව ශක්‍යතා අධ්‍යයනවලින් හඳුනාගැනීමට හැකිවුණා. මෙම උත්සාහය වනුයේ රටේ සංවර්ධනයට මෙන්ම පරිසරය සුරැකීමටත් දායකවීමයි.

උණබටවලට විශාල බරක් දරාගැනීමේ හැකියාව තිබෙන බව පර්යේෂණවලින් සනාථ වුණා. එය දුරකතන කුලූනු සඳහා යෝග්‍ය බවද ඔප්පු වුණා. සුළඟ වේගය පැයට කිලෝමීටර 210 ක් වුවද දරා ගැනීමේ හැකියාව තිබෙනවා. නිසි ලෙස නඩත්තු කළහොත් මෙම උණබට අවුරුදු 10 ක පමණ කාලයක් වුවද ආරක්‍ෂාකරගත හැකිවෙනවා. දින 12 කින් පමණ උණබට කුලූනක් තැනිය හැකියි.ඒ සඳහා වැය වන්නේ වානේ කුලූනු තැනීමට වැයවන බලශක්තියට වඩා අඩු බලශක්තියක්.

ඇන්ටනා 8 ක් දක්වා එකවර සවිකළ හැකිවීම විශේෂත්වයක් ලෙස සැලකිය හැකිය. උණබට වඩා සැහැල්ලූවීම නිසා සවිකරන ගොඩනැගිලිවලට පමණට වඩා වැඩි බර පැටවීමක්  සිදුවන්නේ නෑ. දේශගුණික සහ කෘමි උවදුරුවලින් ආරක්‍ෂාකර ගැනීම සඳහා උණබටවල රසායනික ආලේපනය කිරීමේ ක‍්‍රියාවලිකයට යොමුකරනවා. එම ක‍්‍රියාවලිය ඉතා සාර්ථක ලෙස අප අත්හදා බලා තියෙනවා.“



අදහස් (2)

ප්‍රථම උණබට දුරකතන කුලුන බංග්ලාදේශයේ

lalith Saturday, 19 August 2017 10:11 PM

අපේ රණතුංග ඇමතිතුමාට කිව්වනම් වාරයේ කට්ටිය දල ඔය වගේ දෙකක් උසට හදයි.

:       44       113

Fernando Thursday, 20 September 2018 09:28 AM

විජය රජතුමා සහ පිරිවර ගැන ඔබ අසා ඇති. ඒ අයගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. බංග්ලාදේශය කිව්වම බොහෝ අය අවතක්සේරුවකින් හිතන්නේ. අපිට වඩා ගොඩාක් ඉදිරියෙන් ඔවුන් ඉන්න බව පේනවා. විදේශ විනිමය උපයා රට ගොඩනගන හැටි බලන්න වටිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2204 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7170 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3564 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4288 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site