IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


රාගම විද්‍යාඥයෝ ඩෙංගු නසන සටන අරඹති

ඩෙංගු වාහක ගැහැනු මදුරුවන්ට නිස්සාරක වොල්බැචියා බැක්ටීරියාව එන්නත් කර ඩෙංගු මෙරටින් තුරන් කිරීමේ ක‍්‍රමවේදයක් කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ විද්‍යාඥයන් පිරිසක් විසින් හදුන්වාදී තිබේ.

වොල්බැචියා බැක්ටීරියාව කෘමි සතුන් තුළ ජීවත්වන අතර මිනිසාට අහිතකර බලපෑම් ඇති නොකරයි. පරිසරයට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව වොල්බැචියා බැක්ටීරියාව විශේෂිත ක්ෂුද්‍ර විදිනයක් භාවිත කර මදුරු ගැහැනු සතාට එන්නත් කිරීමෙන් එම ගැහැනු මදුරුවාගෙන් බැක්ටීරියා ආසාදිත වඳ සුහුඹුල් පිරිමි මදුරුවන් අභිජනනය වෙයි. එය වැඩිදුරටත් තහවුරු කිරීම පිනිස පිරිමි සහ ගැහැනු මදුරු කීටයන් වෙන්කර විකිරණ ශක්තියෙන් වන්ධීකරණය සිදුකෙරේ. පසුව මිනිසාගේ ලේ උරා නොබොන පිරිමි මදුරුවන් පමණක් පරිසරයට මුදාහැරීම සිදුකරයි.

 කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍යපීඨයේ පරපෝෂවේදී අධ්‍යයන හා අණුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පශ්චාත් උපාධි අපේක්‍ෂිකා ආශා විජේගුණවර්ධන මහත්මියගේ උපාධිය වෙනුවෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ. ජාතික පර්යේෂණ සභාවේ වසර 5 ක මෙගා ව්‍යාපෘති යටතේ මෙම ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය සපයයි.

‘මෙය පරිසර හිතකාමී තිරසාර ජෛව පාලන ක‍්‍රමයක් ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. මෙම ක‍්‍රමවේදය ලෝකයේ බොහෝ රටවල් අත්හදා බලමින් පවතිනවා. වොල්බැචියා බැක්ටීරියාව පරිසරයට අහිතකර නොවන බැක්ටීරියාවක්. මොවුන් සමහර කෘමි සතුන් තුළ ජීවත්වෙනවා. මෙම බැක්ටීරියාව විශේෂිත ක‍්‍රමවේදයක් යටතේ ඩෙංගු ගැහැනු මදුරුවාට එන්නත් කර එම ගැහැනු මදුරුවා සංසේචනයෙන් පසුව බිහිකරන පිරිමි සුහුඹුලන් වඳ භාවයෙන් යුක්තවෙනවා. එය වැඩිදුරටත් සනාථ කරගැනීම සඳහා ගැහැනු සහ පිරිමි සුහුඹුලන් වෙන්කර විකිරණ ශක්තිය යොදාගෙන වන්ධීකරණය කරනවා. ඉන්පසුව පිරිමි මදුරුවන් පමණක් පරිසරයට අපි මුදාහරිනවා‘

‘එම මුදාහැරි පිරිමි මදුරුවන් පරිසරයේ ජීවත්වන ගැහැනු මදුරුවන් සමඟ සංසේචනය සිදුකළද ගැහැණු මදුරුවන්ට බිත්තර දැමීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සංසේචනයවීමෙන් පසුව එම ගැහැනු මදුරුවන්ටද වොල්බැචියා බැක්ටීරියාව ආසාදනය වෙනවා. එවිට පරිසරයේ ජීවත්වන වොල්බැචියා බැක්ටීරියාව ආසාදනය නොවූ පිරිමි මදුරුවන්ට ආසාදනයවී ඔවුන්ද වඳ භාවයට පත්වෙනවා. මේ අයුරින් ඩෙංගු මදුරුවන් විශිෂ්ට ලෙස මර්දනය කර මෙරටින් තුරන් කිරීමේ හැකියාව මේ ක‍්‍රියාදාමය තුළ තියෙනවා. එමගින් ඩෙංගු මර්දනය සඳහා වසරකට රජය දරන විශාල මුදලක් ඉතිරිකර ගැනීමේ හැකියාව තියෙනවා‘

‘ඊට අමතරව මෙම පර්යේෂණ කණ්ඩායම විසින් ජීව විද්‍යාත්මක කෘමි නාශක භාවිතය, මදුරු ජාන සංයුතිය වෙනස් කිරීම, රෝග ව්‍යාප්තිය භූගෝලීය වශයෙන් හඳුනාගැනීම, නව උපාංග සහ නවීන මදුරු දැල් සහ විකර්ශක වැනි ක‍්‍රමවේද යොදාගැනීම සඳහා පර්යේෂණ සිදුකරමින් පවතිනවා‘

‘කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රනිල් දසනායක, හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය එම්.සී.එම්. ඉක්බාල්, හෝමාගම ස්ලින්ටෙක් ආයතනයේ වේරන්ජ කරුණාරත්න, ආචාර්ය හරීන් විජේරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ මහචාර්ය එන්.වී. චන්ද්‍රසේකරන්, රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය නිල්මිණි ගුණවර්ධන, මහාචාර්ය නිල්මිණී චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නයන ගුණතිලක, උප ප‍්‍රධාන පරීක්‍ෂිකා ආචාර්ය මේනකා හපුගොඩ,  මැලේරියා මර්දන ව්‍යාපාරයේ ආචාර්ය ජීවනී හරිස්චන්ද්‍ර, ආචාර්ය කුසුමාවතී පහළගෙදර, කාර්මික තාක්‍ෂණික ආයතනයේ ආචාර්ය මහේෂි අතපත්තු සහ ආචාර්ය ලක්මාල් ජයරත්න යන මහත්ම මහත්මීන් මෙම කර්තව්‍ය සඳහා සහයෝගය දක්වනවා‘ යැයි මහාචාර්ය අබේවික‍්‍රම මහතා පැවැසීය.

IMG_6668 Testing-1 vlcsnap-2016-08-30-14h31m42s610Prof-Abeyawickrema



අදහස් (0)

රාගම විද්‍යාඥයෝ ඩෙංගු නසන සටන අරඹති

ජෝති Monday, 03 October 2016 01:01 PM

මෙවැනි අත්හදා බැලීම් වලින් වෙනස් වූ මදුරුවන් මුදාහැරිමට ඉතාමත් හුදකලා පරිසරයක් තෝරගත යුතුයි. මෙය පරිසර හිතකාමී තිරසාර ජෛව පාලන ක‍්‍රමයක් බව තවම ස්තිර වශයෙන් කිසිවෙක් නොදනී. (ර)

:       0       0

ජයාත් Monday, 19 September 2016 01:34 AM

මේකවත් සාර්ථක වේවා කියලා ඉතසිතින් පතනවා. (නි)

:       0       0

දීප් Thursday, 22 September 2016 10:46 AM

ඉතාමත් සාර්ථක ප්‍රතිපල ලැබේව කියා පතනවා ජීවනී සරච්චන්ද්‍ර වෛද්‍ය තුමිය මගේ ළමය ඉපදිලා මාසෙන් සෙම සනිපකළා (අ)

:       0       0

ජයාත් Wednesday, 21 September 2016 12:49 AM

ඉමේෂ්, හෙට වෙන්නත් පුලුවන්. ඉක්මනට හැංගෙන්න

:       0       0

ප්‍රියන්ත Wednesday, 21 September 2016 01:37 AM

මහජනයාගේ ලේ බීලා හොදට තරවුණ මදුරුවෝ ඉන්නවා දියවන්නාව පැත්තේ. පළමුව එතැනින් පටන්ගන්න (නි)

:       0       0

මධුෂ Monday, 19 September 2016 01:16 PM

ඩෙංගු මර්ධනය කරන්න මේක හොද ක්‍රමයක්. ඩෙංගු වලට විතරක්ම නැතුව ඔක්කොම මදුරුවෝ මේ විදියටම නැති කරලා දාන්න පුළුවන්නම් ඒක අපේ සමාජයට කරන ලොකුම උදව්වක් වේවී. මොකද ඩෙංගු වලින් විතරක්ම නෙමෙයි අපේ දරුවන්ව අපි හැම මදුරුවෙක්ගෙන්ම බේරගන්න කොච්චරනම් කියලා දේවල් කරනවද? ඒ ගැනත් සලකලා බලන්න කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. (බ)

:       0       0

අජිත් Tuesday, 20 September 2016 04:52 AM

ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න කියා පතනවා. (ම)

:       0       0

අතුල Saturday, 24 September 2016 11:55 AM

මදුරු කොයිල් මාෆියාව මේකත් ගිලගනීවිද? මේවගේ වටිනා දේවල් කොපමණ සොයාගත්තද? කෝ ඒවා ඉදිරියට අරන් ගියාද? අපට ආණ්ඩු ඔක්කොම හොරු කියලා පේනවනේ. (නි)

:       0       0

අනුරාධ Monday, 19 September 2016 05:53 AM

ඉතාමත් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න කියා පතනවා. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Tuesday, 20 September 2016 10:58 AM

බෙහෙත් නිෂ්පාදන සමාගම් හරස්වෙයි බලාගන. (ර)

:       0       0

ජයලත් Monday, 19 September 2016 02:13 PM

බැසිලස් තුරෙන්ජිටිස් වලට වුන දේ මේකට නොවේවා කියල පතනවා (බ)

:       0       0

ඉමේෂ් Tuesday, 20 September 2016 11:20 AM

කවද්ද පලවෙනි මදුරුවා නිදහස් කරන්නේ.? (ර)

:       0       0

අතුල Sunday, 18 September 2016 10:06 AM

සාර්ථක වුනොත් වැඩේ නම් හොඳයි. කකුලෙන් අදින අය ඉන්න බැරි නෑ. . (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2318 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2181 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6091 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7132 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3540 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4244 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 715 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site