ලොව ප්‍රථම රොබෝ ගොවිපල 2017 වර්ෂයේ දී විවෘත කරන බව ජපාන බලධාරීහු පවසති. දැනට සලාද කොළ වගා කරමින් අත්හදා බැලීමේ තත්ත්වයේ පවතින මේ ගොවිපොළ ඉතා සාර්ථක බව පර්යේෂකයන්ගේ අදහසයි.
කෘත්‍රිම ආලෝක තත්ත්ව යටතේ පවත්වාගෙන යන එළවළු කම්හලක් වැනි මේ වගා බිම සම්පූර්ණයෙන් ම පාලනය කරන්නේ රොබෝ යන්ත්‍ර මගිනි. මිනිසුන් එහි නැත. ශාක රැක බලා ගැනීම, පරිසර තත්ත්ව නිර්මාණය කිරීම, රෝග හඳුනාගැනීම හා ඒවා පාලනය සිදුකරන්නේ ද රොබෝවරු විසිනි.
වසරකට සලාද පඳුරු කෝටියක් මෙම ගොවිපළේ රොබෝ ගොවියෝ නිපදවති.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රොබෝවෝ වගාවට බහිති
රත්නසේකර Thursday, 22 October 2015 09:04 PM
මේ රෝබෝලව බැරිද මන්ත්‍රීලා,ඇමතිලා, අගමැතිලා,ජනාධිපතිලා විදිහට යොදවන්න? එතකොට අපිට පොරොන්දුවෙන ඉල්ලීම් ටික නිවැරදිව ලබාගන්න පුළුවන් වේවි (නි)
දුලනි Friday, 06 November 2015 03:20 AM
කොහොම උනත් වැඩේ හොදයි. මෙයාලා අගහරු වෙත යවල අපිට එහෙ තියෙන සම්පත් උනත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්නේ. මේ ක්‍රියාවලිය මෙහෙ අයට කරදරයක් නොවෙන්නයි ඔ්නේ (රේ)
ධනුෂ්ක Saturday, 10 October 2015 05:47 AM
මිචෙල්, මොනවද ඔයා දන්නේ රොබෝලා සහ මිනිස් ශ්‍රමය සංසන්දනය ගැන? ටිකක් ප්‍රයෝගිකව හිතන්න. රොබෝලා අවැසි තැන් නැතුව නොවේ. ඒත් හැම දේටම රොබෝලා දාගත්තම දිනෙන් දින වැඩිවන මිනිස් සංහතියට යන කල මොකක්ද. (ර)
ෆර්සාන් සමන් Friday, 09 October 2015 12:44 PM
එතකොට ඔයාලා කියන්නේ සියදෙනකුගේ වැඩ තනියම කරන රොබෝවක් ගෙනාවම එය මෙහෙයවන්න අයෙක් මැජික් බලන්න තව එකසීය දහයක් වශයෙන් අලුතෙන් රැකියා එකොලහක් ඇතිවෙනවද නැතිනම් මෙහෙයවන්නා සහ අලුත්වැඩියා කරන්නා වශයෙන් රැකියා අනූ අටක් නැති වෙනවද.? (ර)
ෆර්සාන් Thursday, 08 October 2015 08:45 PM
විරැකියාවට හොඳම විසදුම. ගොවියන් ලක්ෂ ගණනකට බඩේ පාර. (නි)
චිත්‍රා Friday, 16 October 2015 02:00 AM
සහතික ඇත්ත ප්‍රනාන්දු. (නි)
මිචෙල් Friday, 09 October 2015 01:57 AM
රොබෝලා හැදුවා කියලා විරැකියාව ඇතිවෙන්නේ නැහැ. තව රැකියා බිහිවෙන එකයි වෙන්නේ (නි)
පිටබැද්දර ජයා Saturday, 10 October 2015 12:16 PM
මොනවා නැතත් අවංකව සේවය කරයි, වෘත්තිය සමිති හෝදගෙනම යනවා. (ර)
ඉන්දික Tuesday, 20 October 2015 02:56 PM
නිකන් පොළොවෙන් හම්බ වෙන එක කන්න රොබෝලා මොකටද? මිනිසුන්ට අවබෝදය නැති නිසා අවුලෙන් අවුලට පත් වෙනවා, පරිසරය තවත් විනාස කරගන්නවා, අන්තිමට එකම තැන කැරකිලා අනාගෙන තියේවි. සැබෑ දියුණුව කියන්නේ මොකක්ද කියල හිතන්න කාලේ ඇවිත්. (රේ)
ඉමේෂ් Friday, 09 October 2015 02:57 AM
ගොවියන්ට පුළුවන් දැන් ඉංජිනේරුවෝ වෙන්න. එහෙම නැත්තම් කරමාන්තශාලා හිමියෙක් වෙන්න. නැත්තන් රොබෝකෙනෙක් අරගෙන කුලියට දාන්න පුළුවන් ගොවිපොළකට. කොහොමත් ඕවා ඉතින් ලංකාවට එන්න තව අවුරුදු 100ක්වත් යයි. 100කින්වත් ලංකාවේ ඔහොම දෙයක් කළොත් ලොකු දෙයක්. (නි)
ප්‍රනාන්දු Saturday, 10 October 2015 07:42 PM
අපේ ලංකා දේශපාලඥයින් වෙනුවට රොබෝලා යොදාගැනීමට හැකි නම් ලංකාව 10 ගුණයක වේගයකින් සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇත (නි)
දස්තකීර් Sunday, 25 October 2015 08:35 PM
මේ රොබෝ පද්ධතිය නිර්මාණය කරලා තියෙන්නේ අඟහරු ලෝකෙට යවන්න නේද? (නි)
ප්‍රනාන්දු Monday, 26 October 2015 07:53 PM
දස්තකිර්, මේ රොබෝ පද්ධතිය නිර්මාණය කරලා තිබෙන්නේ ලංකාවේ දියවන්නාවට එවන්න අත්හදා බැලීමක් සඳහාද දන්නෙ නැහැ (නි)
විජිත් Saturday, 17 October 2015 12:44 AM
ප්‍රනාන්දු මල්ලි, හොඳ අදහසක් කියලා තියෙනවා. රොබෝලා අල්ලස් ගන්නේ නැහැ. මිනිසුන්ගේ මුදල් කොල්ලකන්නේ නැහැ. ස්ත්‍රී දුෂණ වලට හවුල්වන්නේ නැහැ.දේශපාලුවන් නිතරම කරන මේ වැඩ, කිසිදිනෙක නොකරන රෝබෝවා රට පාලනය කළොත් රටේ සංවර්ධනය 100 ගුණයකින් ඉහළයාවි.නමුත් දවසක තමන්ව අලුත්වැඩියා කරගන්න තත්වයකට රෝබෝවා පැමිණි පසු රොබෝවරුන් නිෂ්පාදනයේදී අප පිළිපැදිය යුතු සම්මත නීති 4 අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුවෙනවා.එහෙම නොවුණොත් අප රොබෝවාගේ සේවකයෙක් වෙනවා. (නි)