වික්ටෝරියා ජලාශයේ ජල විද්‍යා ක‍්‍රියාකාරකම් නිසා මත්ස්‍ය ගහණ වෙනස්වීම හේතුවෙන් ධීවර ජනතාවට ඇතිවන බලපෑම අධ්‍යයනය කිරීමේ පර්යේෂණයක් මේවන විට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කරමින් සිටි.
වික්ටෝරියා වැනි විශාල ජලාශවල ජල විද්‍යාත්මක ක‍්‍රියාකාරකම් නිසා මත්ස්‍ය ගහනයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අවබෝධයක් නැතිකම එම ජලාශ වලින් ලබාගත හැකි උපරිම මත්ස්‍ය අස්වැන්න ලබා ගැනීමට බාධාවක් වී තිබේ. එම හේතු සාධක නිසා මෙම පර්යේෂණ කණ්ඩායම ජාතික පර්යේෂණ සභාවේ මූල්‍ය දායකත්වය ඇතිව මෙම පර්යේෂණය ආරම්භ කළේය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ත්ව පාලන අංශයේ මහාචාර්ය සී.එම්.බී. දෙමටවැව මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහාචාර්ය උදේනි එදිරිසිංහ සහ ඊ.එස්. වික‍්‍රමසිංහ යන පිරිස මෙම පර්යේෂණය සිදු කරති.
‘වික්ටෝරියා ජලාශයේ දැනට කාලානුරූපීව සිදුවන මත්ස්‍ය ගහණයේ උස් පහත්වීම, දේශගුණික සාධක, ජල මට්ටමේ වෙනස්වීම් සහ ඒවා අතර ඇති සම්බන්ධතාවයන් ආදිය ගැඹුරු ලෙස සංඛ්‍යාන විද්‍යාත්මකව අධ්‍යයනය කෙරෙනවා. එමෙන්ම මෙමගින් දේශීය මසුන් මෙන්ම තිලාපියා, කාෆ් වැනි වැඩිදියුණු කළ මත්ස්‍ය ගහන ස්වාභාවිකව බෝවීම අඩු බැවින් එම ජලාශයට යෙදිය යුතු මත්ස්‍ය පැටවු ප‍්‍රමාණයන් සහ ඒ සඳහා සුදුසු කාලවකවානු පිළිබඳව නිවැරදි තීරණයකට එළැඹිය හැකියි. ඒ අනුව වැසි කාලවලදී වතුර අඩු නියං කාලවලදී මෙන්ම වාන් දොරටු විවෘත කරන කාලවලදී මාළු ගහන වෙනස් වන්නේ කෙසේද යන්න අපි අධ්‍යයනය කරනවා.‘
තවද වික්ටෝරියා ජලාශය භාවිතා කරන ධීවර ජනතාව සහ අදාල ආයතන පිළිබඳව සමීක්‍ෂණයක් සිදුකර එම ජලාශයේ ජල සම්පත නිවැරදිව කළමනාකරණය කිරීම සඳහා ඇති බාධක සහ ඒවාට සුදුසු විසඳුම් අධ්‍යයනය කිරීමත් මෙම පර්යේෂණයේ එක් අරමුණකි. මෙම අධ්‍යයනය තුළින් මෙවැනි ජලාශවලින් ලැබිය හැකි උපරිම ප‍්‍රතිඵල ලබා ගැනීමටත් තිරසාර පැවැත්ම තහවුරු කිරීමටත් අවශ්‍ය යෝජනාවලි සැකසීමට හැකිවනු ඇතැයි එම පර්යේෂණ කණ්ඩායම පවසති.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වික්ටෝරියා මාළු අස්වැන්න අඩුවීමට හේතු හොයයි
යසන්ත Wednesday, 20 April 2016 10:29 PM
මෙම කටයුතු සාර්ථක වේවා! (නි)