IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණයට


වර්ෂ 1996 දී ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණයට ලක්කළ තාක්ෂණයම යොදාගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණය කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.

එකිනෙකාට සෑම අතින්ම සර්වසම ලක්ෂණ පෙන්වන සොන් සොන් හා හුවා හුවා යන නම් වලින් හඳුන්වන මෙම සතුන් දෙදෙනා මීට සති කිහිපයකට පෙර චීනයේ විද්‍යාගාරයක උපත ලැබූ බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
මිනිසුන්ට වැළඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ජානමය අතින් සර්වසම මෙවැනි වානර ගහනයන් යොදාගත හැකිබව විද්‍යාඥයෝ පවසති. ජානමය පදනමක් සහිත පිලිකා, පරිවෘත්තීය රෝග සහ ප්‍රතිශක්තිය ආශ්‍රිත රෝග සම්බන්දයෙන් මෙලෙස ක්ලොනකරණයට ලක්කළ වඳුරන් යොදාගෙන අධ්‍යයන කළහැකි බව ඔවුහු පෙන්වා දෙති.

එහෙත් විචාරකයින් පවසන්නේ මෙහි අවසාන ප්‍රතිඵලය විවාදයට තුඩුදී ඇති ‘මනුෂ්‍ය ක්ලෝනකරණය‘ වියහැකි බවයි.

කෙසේ වුවද චින විද්‍යාඥයින් පවසන්නේ ඉදිරි මාස කිහිපය තුළ මෙසේ ක්ලෝනකරණය කළ තවත් වඳුරන් බිහිකිරීමට සූදානම් කර ඇති බවයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (15)

වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණයට

සෙනෙවි Sunday, 28 January 2018 11:55 PM

පුනරුප්පත්ති කාරයො මේක පහදන්නේ කොහොමද? කිසිදු ජීවියෙක් නැවත ඉපදීමක් නොමැති බවත් ජිවියෙක් බිහිවිමට අවශ්‍ය තත්ව මත ජීව්යෙක් තැනෙන බවත් අවසානයේ ජිවියා මිය යන බවත් හැරෙන්නට වෙනත් භවයක් වැනි කතා ආගම් වල හරය නොව නිකම්ම කතන්දර බවත් ආගම යොදාගත යුත්තේ මෙලොව යහතින් ජීවත් වන්නට බවත් එලොව බියෙන් ආගම් ඇදහිම නොකල යතු බවත් මාගේ අදහසයි .

:       348       189

SilvaFriday, 02 February 2018 06:07 AM

සෙනෙවි... ක්ලොනකරණයෙන් කෘතීම ලෙස පර්යේෂණාගාරතුල බිහිකලත් එහි ආරම්භය ශුක්‍රාණුවක් හෝ සජීව සෛලයක් බව මතක තබාගන්න. එතනින්ම පුනරුප්පත්තිය හෝ භවය සිදුවන බව නොදන්නෙහිද. බාහිර රූපයෙන් සමාන වුනාට කර්ම පලදීම හා සිතුවිලි එකිනෙකට වෙනස් වේ. බුදුන්ටද 100% සමානවම මහා කාශ්‍යප තෙරුන් එකල්හිම වැඩ හිටිබවත්, වර්තමානයෙද ස්වාභාවිකවම 100% සමාන නිඹුල්ලු උපදින බවත් නොදන්නෙහිද...

:       65       373

AsankaTuesday, 13 February 2018 01:47 PM

ථෙරවාදී බුදුදහමේ පුනරුප්පත්තියක් නැහැ. භවය කියන්නේ ඒකක්‍ෂණිකව සිතක් ඇතිවෙලා නැතිවෙන ඒක මිස මැරී මැරි ඉපදෙන එකක් නොවේ. රේරුකානේ හාමුදුරුවන්ගේ අභිධර්ම පොත් බලන්න

:       1       8

indika manoj Monday, 29 January 2018 06:45 AM

අයියෝ සෙනෙවි.. මේ මොකක්ද කියන්නේ?

:       39       224

සෙනෙවි Tuesday, 30 January 2018 12:06 AM

ඉන්දික මහතානෙනි මා දැක්වූ අදහස්ට පිලිතුර ඔය නොවේ.

:       64       25

Thusitha Tuesday, 30 January 2018 02:17 AM

සෙනවි, ඔන්න ඔයාගෙම කකුලට ඔයාගෙම වලිගෙ පෑගිලා ..

:       18       46

budhist Tuesday, 30 January 2018 03:32 AM

භෞතික ශරීරය සර්වසම උනාට සිත (මනස) වෙනස් වේ. සිතුවිලි , කර්මානුරූප ඇතිවන බවය (ජීවන අත්දැකීම්) කවර ලෙසකින් වත්‍ සමාන නොවෙනු ඇති .

:       12       152

හසිත Thursday, 01 February 2018 10:01 AM

සෙනෙවි නියමයි... අපි ඉන්න ටිකේ කාල බිලා, ජෝගි නටලා, කරන්න ඕනේ හැම පිස්සුවක්ම කරල ඉමු නේද.. ලබන ආත්මේ ගැන බය වෙන්න දෙයක් නෑනේ. ඔයාටනම් පුදුම දැනුමක් තියෙන්නේ.

:       2       56

සෙනෙවි Thursday, 01 February 2018 08:31 PM

හසිත මහතානෙනි එවැන්නක් අදහස් නොකරමි. පරලොව බියට නොව පව් නොකලයුත්තේ තම හෘද සාක්ෂීයට එරෙහිවිමට නොහැකි විය යුතු බැවිනි. අප දන්නා විද්‍යාව අනුව මිනිසා අවුරුදු දශලක්ෂ ගණනක් තිස්සේ පරිනාමය වී අද තත්වයට පත්ව ඇත. මිනිසා ශිෂ්ඨත්වයට පත්ව වසර 6000 ක් වත් ගතවී නොමැත. මෙම වසර 6000 පරිනාමයවු කාලය සමග සසඳන විට නිමේශයකි. එවන් නිමේශයකදි පමණක් නැවත ඉපදිමක් සිදුවූයේ කෙසේද? පැරණි මානවකයාද නැවත ඉපදීමක් වුනාද? එසේනම් අද ජනගහනය වැඩි ඇයි. පනුවන් මැස්සන් මැරී මිනිසුන් වුනාද? මෙම පැනයට ඕනැම අයෙක් පිළිතුරු දෙන්නේනම් මමද පුනරුත්පත්තිය විශ්වාස කරමි. හින්දු ආගමේ සහ පූජාවලිය වැනි පොත් වල ලියා ඇති දිව්‍යලෝක බ්‍රහ්ම ලෝක ගැන කතාකල යුතු නොවේ. මුතුන්මිත්තන් විශ්වාස කල පමණින්න අපද මතුපරම්පරාවද මිත්‍යා විශ්වාසවල ගැලි සිටිය යුතු නොවේ.

:       61       262

Ruwan RFriday, 02 February 2018 10:11 AM

පුනරුප්පත්තිය යනු උගැන්විය යුතු දහමක් නොවේ. චින්තන ශක්තියේ හා අවබෝධයේ පරිණතබවින්ම ප්‍රත්‍යක්ෂ විය යුත්තකි. ඔබ හට පුනරුත්පත්තිය ගැන කියා දීම සිම් පතක් නැති ෆෝන් එකකට දුරකථන ඇමතුම් ගැනීමක් වැනිය.

:       1       229

කුමාර් (ගල්ෆ්)Thursday, 08 February 2018 05:25 PM

පුනරුප්පත්තිය යනු මනුෂ්‍යයෙක් තුලට ඇතුළුවූ අශුද්ධ ආත්මයක් (Demon) එයා දන්නා තවත් මනුෂ්‍යයෙක්ගේ ජීවිතයක් ගැන කතා කිරීම මිසක, නැවත ඉපදුන මනුෂ්‍යයෙක් කතාකිරීම නොවේ, එම අශුද්ධ ආත්මය ඉවත්වූ පසු පුනරුප්පත්තිය කතාකිරීම එතනින් අවසන්වෙයි.

:       49       223

dhammikaFriday, 16 February 2018 11:10 AM

පුනරුප්පත්තියක් ගැන බුද්ධාගමේ කතා කරන්නේ නැහැ. පුනර්භවයක් ගැන විතරයි කතා කරන්නේ. සෙනෙවි මහත්තයා බුද්ධාගම ගැන හදාරලා නැහැ කියලා කියන වචන ටිකෙන්ම තේරෙනවා.

:       0       41

සෙනෙවි ගාල්ල Sunday, 04 February 2018 04:54 PM

ක්ලොන කරනය ගැන වැඩිපුර නොදනිමි. එසේ වුවද පටක රොපනය තුලින් බීජයකින් තොරව මවුගසේ ගුන සහිත ශාක ලබාගන්නා බව දනිමි. එසේම එවැනි ශාක දහස්ගනන් බිහිකල හැක. මා සිතන්නේ මේ එවැනි ක්‍රමයකි. සාමාන්‍ය ලෙස බීජ වලින් බිහිවූයේ නම් ජාන සර්වසම වන්නේ කෙසේද?

:       18       5

අනුර Sunday, 11 February 2018 11:22 AM

සෙනෙවි, ඔබ ඉතා නිවැරදියි. අනෙක් අයට තේරුම් කරන්න යන්න එපා. නිශ්ඵල ක්‍රියාවක්. සෙනෙවිගේ ප්‍රකාශය තුළ ආගම් හෙලා දැකීමක් නැහැ. අවිද්‍යාව පමණයි ඔහු ප්‍රතික්ෂේප කරන්නේ. සියල්ල කර්මයට අනුව සිදුවේ නම් ඔබේ පළමු උපතට කර්මය බලපාන අයුරු පෙන්වා දෙන්න.

:       79       100

indika manojSunday, 11 February 2018 12:34 PM

සියලු දේ කර්මයට අනුව සිදු වෙනවා කියල උගන්වන්නේ මොන ආගමේද? ආගම ගැන හෝ වේවා විද්‍යාව ගැන හෝ වේවා ටිකක් හොයල බලල දැනගෙන කතා කලොත් තම හොද.අපි දන්නා දෙයට වඩා නොදන්නා දේ බොහෝ නිසා.

:       1       58

ඔබේ අදහස් එවන්න

 

 
 

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2358 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2204 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6132 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7170 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3564 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4288 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 150 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site