ඇමරිකාව තුල ස්වයංක්‍රිය තිරිංග සහිත වාහන නිපදවීම එරට රජය විසින් අනිවාර්ය කිරීමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් අත්සන් කොට ඇතැයි වාර්තා වේ.
මෙම ගිවිසුමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමාගම් 20ක් පමණ එකඟතාවය පල කර ඇත.
කෙසේ වෙතත් එම ආරක්ෂක පද්ධතිය සහිත වාහන නිෂ්පාදනය කිරීමට වසර හයක් ගත වන බවත් 2022 වන විට ඇමෙරිකාවේ නිෂ්පාදනය වන සියලුම වාහන එම රෙගුලාසි වලට යටත් විය යුතු බවත් ස්වයංක්‍රිය තිරිංග පද්ධතියක් තිබීම අනිවාර්ය කර ඇති බවත් දැනගන්නට ලැබේ.
මෙම තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කැමරා සංවේදක සහ රේඩාර් පද්ධති මගිනි.
මාර්ගයේ ඇති වස්තුන් කැමරා සංවේදක මගින් නිරීක්ෂණය කොට හදුනාගෙන රියදුරු ක්‍රියා නොකරන්නේ නම් ස්වයංක්‍රියවම තිරිංග ක්‍රියාත්මක වී වාහනයේ වේගය අඩාල වී නැවත්වීමට මෙම පද්ධතියට හැකියාව ඇත.
මේ වන විටත් එම පද්ධතිය සහිත වාහන කිහිපයක් වෙළද පොලේ ඇති නමුත් බොහොමයක් වාහන ස්වයංක්‍රිය තිරිංග රහිතව නිෂ්පාදනය වේ. මෙම ගිවිසුමට අනුව වසර 6ක කාලයක් එම නිතිය ගෙන ඒමට වැඩි බවට විචාරකයන් පවසයි.
මන්ද යත් ඊට පෙර එම නිතිය ගෙනවිත් වසර හයක තුල සිදු වීමට හැකි අනතුරු සහ ජිවිත හානි රැසක් වලක්වාගත හැකි බව ඔවුන්ගේ මතය වි තිබේ.
එමෙන්ම මෝටර් රථ සමාගම් මෙම ගිවිසුමට වසර හයක කාලයක් ඇතුලත් කිරීමට හේතුව ඔවුන්ගේ නිෂ්පාදන කාලසටහන් වෙනස් කිරීමට අකැමති නිසා බවට එම විචාරකයෝ කියති.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්වයංක්‍රීය තිරිංග සහිත වාහන ඇමරිකාවේ අනිවාර්යය කෙරේ
රවින්ද්‍ර සේනානායක. Monday, 21 March 2016 02:17 PM
මේ ඔටෝ බ්රේක් වාහන අපේ රටේ ත්‍රිවිල් එක්ක කොහේ හැප්පෙන්නද ,ත්‍රිවිල් බ්රේක් තමයි බ්රේක් කියන්නේ. (ර)
විජිත් Monday, 21 March 2016 04:39 PM
ඔස්කාර් එල් ,මේ ලිඩාර් පද්ධතියෙන් තමයි මේ වාහනය අවට ඇති බාධක පිලිබඳ සවිස්තර ත්රිමාන ( ත්රී ඩී ) වාර්තාවක් සකසන්නේ. ලිඩාර් ( ලේසර් ඉලුමිනේටින් ඩිටෙක්ෂන් ඇන්ඩ් රෙන්ජින් ) පද්ධතියෙන්. මුලින්ම වාහනයේ ඉදිරිපස ඇති ලේසර් විදිනයකින් නික්මෙන ලේසර් ධාරා, අවට පරිසරයේ වැදී එන පරාවර්තිත ලේසර් කිරණ අල්ලාගැනීමට" සංවේදකයක් " හෙවත් සෙන්සරයක් වාහනයේ මුදුනේ පිහිටා ඇත. ඒ සෙන්සරය වාහනය වටා කරකැවෙමින් ,අල්ලගන්න, පරාවර්තිත ලේසර් කිරණ වාහනයේ ප්රධාන පරිගණකයට ලබාදෙයි. එම පරිගණකය මොහොතකට පෙර ආ පරාවර්තිත කිරනයත්, අලුතින්ම පැමිණි පරාවර්තිත කිරනයත් සසදා බලා රථය වටා ඇති උස්බිම් ,පහත් බිම්, වල ගොඩැලි, මාර්ගයේ ඇති බාධක, ඉදිරියෙන් හා පසු පසින් අතිවාහන ..ආදිය පිලිබඳ වාහනය වටා අඩි 600ක පමණ වටා පිටාවක පැහැදිලි ත්රිමාන සිතියමක් සාදාගනී. වාහනය නොකඩවාම ඉදිරියට ධාවනය කිරීමට මේ සිතියම උපකාර කරගන්නවා.1960 දශකයේ ලේසර් සොයාගත් වහාම වාගේ මේ ලිඩාර් සංකල්පයත් ඉස්මතුවුනා. නමුත් 1971 දි ඇපොලෝ 15 මගින් චන්ද්රයාගේ මතුපිට සිතියම් ගත කිරීමට යොදාගන්නා තාක්කල් මේ ලිඩාර් තාක්ෂනය සාමාන්ය ජනතාවට රහසක් ලෙස පැවතියා. (ර)
සිසිර Tuesday, 22 March 2016 03:26 PM
ස්තුතියි විජිත්, ඔබේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා (නි)
පරණගම ප්‍රියන්ත Monday, 21 March 2016 09:31 AM
මේක හොද අපේ රටට. (ර)
කමනි ද සිල්වා - දන්කොටුව Monday, 21 March 2016 05:23 PM
අනේ මටනම් තේරෙන්නේ නැහැ, මේ වාහන අපේ රටට අපුවහම මොනවා වේවිද කියලා. (ර)
විජිත් Monday, 21 March 2016 09:48 AM
අනිවාර්යයෙන්ම මේ තත්වය තව කාලයකින් මුළු ලෝකයේම ඇතිකලයුතු වෙනවා. තව ටික කලකින් "රියදුරන් නැති වාහන" ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සැරිසරන විට, ඒවාට හානි සිදුවෙනවානම් වෙන්නේ මිනිසා විසින් පදවන වාහන වලින් පමණකි. ඒ මාර්ග නීති කඩ කිරීම් වැනි " වලක්වා ගත හැකිව තියෙන " මිනිසා අතින් සිදුවෙන දෝෂ නිසයි. රොබෝ කෙනෙක් මෙහෙයවන වාහන අති ශුක්ෂමලෙස පදවන්නේ. මේ ලියන මොහොත වනවිට ගූගල් සමාගමේ එස්.ඩී.සි ( සෙල්ෆ් ඩ්‍රයිවින් කාර් ) රථ 55ක් ඇමෙරිකාවේ වෙනත් වාහන සමග හරි හරියට මහා මග සැරි සරනවා. ලක්ෂ ගණනක් මාර්ග සංඥා ඉතාමත්ම සාර්ථකව පිළිපැද, ඇමෙරිකාවේ , මාර්ග ආරක්ෂාව පිලිබඳ ප්‍රධානම ආයතනයෙන් අවසරය ලබාගෙන තියෙනවා, සාමාන්‍ය වාහනයක් ලෙසම මහමග යන්න. 2020 දී මේ වාහන වෙළඳපොළට ඒ යයි බලාපොරොත්තුවෙනවා. කැමරා, පරිගණක, රේඩාර්, සෝනාර් සහ ලිඩාර් පද්ධතීන් වලින් සමන්විත මේ වහනය්" සුක්කානමක්, අක්සලරේටරයක් ,තිරිංග පද්ධතියක් නොමැත. සම්පුර්ණයෙන්ම පරිගණක මෘදුකාංග වලින් හසුරුවන මෙහි වේගය නම් තවමත් ටිකක් අඩුයි. දැනට වේගය පැයට කිලෝ මීටර් 40කි. ස්වයංක්‍රීය තිරිංග සහිත වාහන සමග මේ " තිරිංග නොමැති " එස් ඩි සි වාහන හැසිරෙන්නේ කොහොමද කියලා අපිට අනාගතයේදී දැකගන්නට ලැබේවි. (ර)
සුනිල් Tuesday, 22 March 2016 07:03 PM
විජිතගේ වටිනා උපදෙස් වලට බොහොම ස්තූතියි! (නි)
සාවිත්‍රි Tuesday, 22 March 2016 09:41 AM
ස්තුතියි විජිත්,(හේ)
නුවන් Tuesday, 22 March 2016 12:45 AM
කමනි ද සිල්වා, ලංකාවට ආවහම නම් ඔච්චර හිතන්න දෙයක් නැහැ. “ලක්ෂරි අයිටම්“ එකක් කියලා ඒකටත් කීයක්හරි බදු ගහයි. (නි)
ගොඩ්ෆ්‍රී Tuesday, 22 March 2016 11:15 AM
නිලූක සදුන් බණ්ඩාරනායක ගේ වාර්තා වට, විජිත් විසින් එක්කරන ලද දැනුම අගේකොට සලකමි. ඒ තුලින් මාද නව තාක්ෂණික ලොවේ අලුත් දෙයක් උගතෙමි ඔබ දෙපොළටම මගේ හදපිරි තුතිය. (ර)
ඔස්කාර් එල් Monday, 21 March 2016 12:24 PM
විජිත්, ඔයාගේ .".කැමරා, පරිගණක, රේඩාර්, සෝනාර් සහ ලිඩාර් පද්ධතීන් වලින් සමන්විත මේ වහනය් " කියන කොටසේ. ලිඩාර් කියලා දෙයක් තිබුනා. කරුණාකරලා ඒ ගැන ටිකක් කියලා දෙනවද. අහලා නැති දෙයක් නිසයි අහන්නේ. ස්තුතියි. (ර)
බමුණු ආරච්චි Tuesday, 22 March 2016 12:55 PM
විජිත් ඔය ක්‍රමය ලංකාවට අාවහම බැලුම් පුම්බන්න දෙන එකක් නැහැ නේද? මොකද වාහන හැපෙන්නේ නැතුව ඉබේම නවතින නිසා. (නි)